IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ප්‍රතිචක්‍රිකරණය මගින් සම්පතක් කරගත හැකි කසළ අපට විපතක් වෙලා - ජවිපෙ

(විනීතා එම් ගමගේ)

ලොව බොහෝ රටවල් ප‍්‍රතිචක‍්‍රීකරණ කි‍්‍රියාවලියක් මඟින් සම්පතක් කර ගන්නා කසළ ශ්‍රී ලංකාවට විපතක්  වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි. 

මෙසේ අපේ රටට කසළ විපතක් වී ඇත්තේ එය කළමණාකරණය කර ගන්නටවත් අපේ රටේ  පාලකයන් අසමත් වීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 එහි මෙසේද සඳහන් වෙයි.

“සැබැවින්ම මෙය ස්වභාවික විපතක් නොවේ. සැලැස්මක් නැති පාලනයක් විසින් වගකිවයුතු විපතකි. මීට පෙර අපේ රටේ නාය යෑම්වලට ලක් වූයේ කඳුකරයේ කඳුය. දැන් කුණු කඳු නාය යෑමට පටන් ගෙන තිබේ. නාය යන තරමේ කුණු කඳු ගොඩ ගසන අතර ඒවා කඩා වැටෙන්නේ ජීවත් වීමට තැනක් නොමැතිකම නිසා ඒ අවට ජීවත් වෙන අසරණ ජනතාවගේ හිස මතටය.   

මීතොටමුල්ලේ කුණු කන්ද ගොඩ ගැසීමට එරෙහිව පසුගිය කාලයේ එහි ජනතාවත් පරිසරවේදීනුත් විවිධ උද්ඝෝෂණ කළා. දැනුවත් කිරීම් කළා. එහෙත් ඒවාට බලධාරීන් කන් දුන්නේ නැත. කුණු ගොඩගැසීම නැවැත්වීමට හෝ ඒ අසල පදිංචි වී සිටින ජනයා  වෙනත් සුදුසු ස්ථානයක පදිංචි කිරීමට හෝ බලධාරීන් කටයුතු කළේ නැහැ. එම වරදට දැන් ජීවිතවලින් වන්දි ගෙවා ඇත්තේ අසරණ ජනතාවයි. ආණ්ඩුවටත් මීට අදාළ බලධාරීන්ටත් මෙහි වගකීමෙන් මිදිය නොහැක්කේ ඒ නිසාය. 

මෙම විපතින් මියගිය, තුවාල ලැබූ හා නිවාස අහිමි වීමෙන් විපතට පත්වූ සියලූ පවුල් සඳහා ප‍්‍රමාණවත් වන්දි මුදලක් වහාම ලබා දෙන ලෙසද මීතොටමුල්ලේ කුණු කන්ද අවට පදිංචි වී සිටින අයගේ ගැටලූ වහා විසඳන ලෙසද නැවත මෙවන් විපත් නොවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද අපි ආණ්ඩුවටත් මීට අදාළ සියළු බලධාරීන්ටත් බලකර සිටිමු.“



අදහස් (16)

ප්‍රතිචක්‍රිකරණය මගින් සම්පතක් කරගත හැකි කසළ අපට විපතක් වෙලා - ජවිපෙ

කුමාර යාපා Sunday, 16 April 2017 08:52 AM

ලංකාවේ කිහිප තැනකම විධිමත්ව කුණු බැහැර කිරීමේ මෙගා ව්‍යපෘති අරඹන්න හදන විට එම ප්‍රදේශ වල ජනතාව අවුස්සමින් මහා උද්ඝෝෂණ කලේ ජ.වි.පෙ බලධාරීන්ය. තමන්ට දේශපාලන වාසි ඇත්තේ කොතනද? ඔවුන් එතනය. මීතොටමුල්ලේ ජනතාවගෙන් ගුටිකන්න සිදු නොවේ නම් මොවුන් අදත් ඔවුන් සමග එකතු වී උද්ඝෝෂණය කරනු ඇත.

:       149       402

samanSunday, 16 April 2017 01:02 PM

සම්පුර්ණ ඇත්ත කොළඹ අපද්‍රව්‍ය පුත්තලමට ගෙනිහින් වල දැමීමේ ව්‍යාපෘතිය වැනි පරිසර ව්‍යපෘති වලට විරෝධය දක්වා ඒවා කඩාකප්පල් කළේ ජ.වි.පෙ. මුලිකත්වයෙන්...

:       19       78

රොෂාන්Monday, 17 April 2017 02:05 AM

අපේ ගෙදරත් සෑහෙන්න කුණු ගොඩ ගැහිල. බැරිවෙයිද අපිට සමන්ගෙ වත්ත පහල ඒටික වලදාන්න ඉඩ දෙන්න?

:       1       0

kalpa Sunday, 16 April 2017 09:30 AM

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන් කීපදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද? ඔවුනුත් ජනතා නියෝජිතයන් ලෙස මෙයට වග කිවයුතුයි... මේවාට විසඳුම් ලබාදිය යුතුයි...

:       133       163

Angoda Lal Sunday, 16 April 2017 09:46 AM

මාධ්‍ය ප්‍රකාශන නිකුත් කිරීම මොවුන්ගේ මෝස්තරයක් නිසා වෙන්න ඇති . ජ.වි.පෙ. සමගි පෙරමුණු සහ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවල ඇමති පදවි පවා දරද්දී මේ කුණු ප්‍රශ්නය ගැන කිසියම් මැදිහත් වීමක් හෝ විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවද ? සාමාන්‍යයෙන් හැම ප්‍රශ්නෙටම කරනවා වගේ අඩුම ගන්නේ උද්ඝෝෂණයක් වත් කරලා තියෙනවද ? දැන් නිකම් කිඹුල් කඳුළු හෙලීමෙන් වැඩක් නැහැ . මීතොටමුල්ල පැත්තේ තමන්ට කඩේ යන අය 10 ක් වත් හොයා ගන්න බැරි වුන නිසා නේද ජ.වි.පෙ. ට මේ වෙනුවෙන් උද්ඝෝෂණයක් කරගන්න බැරිවුනේ ?

:       117       431

Chamara Sunday, 16 April 2017 09:47 AM

ලබන පාරවත් මහින්ද මහත්තයට හරි රනිල් මහත්තයට හරි ඔබගේ වටිනා ඡන්දය ලබාදී අපේ දරුවන්ගේ අනාගතය සුරකිමු. ජයවේවා !!!

:       138       33

ajith Sunday, 16 April 2017 09:56 AM

දැන්ද? මේවා කියන්න මතක් වෙන්නේ. .. මෙලෝ වැඩක් නෑ රටට...

:       127       373

aba Sunday, 16 April 2017 10:39 AM

දැනට අවුරුදු හතරකට විතර ඉස්සර ඇමරිකානු ආචාර්යවරයෙක් ලංකාවට තුන් හතරවරක් ආවා ලංකාවේ කුණු ඔක්කොම මිලයට අරගෙන විදුලිය නිෂ්පාදනය කරන්න. කොළඹ කුණුත් බැලුවා. නුවර කුණුත් බැලුවා. ලොකු ඇමතුවරු සහ නිලධාරිවරුන්නුත් හමුවුණා. (සාක්කි ඇත). එයාගේ ව්‍යාපෘතිය ට සහයෝගයක් ලැබුනේ නෑ. හේතුව කාටත් හිතාගන්න පුළුවන්නේ. එයා කලකිරිලා යන්න ගියා.

:       0       21

ලපයා Sunday, 16 April 2017 12:59 PM

71 ඉඳලාම ජ.වි.පෙ. කලේ සැරෙන් සැරේට තරුණ මනුෂ්‍ය ජිවිත ප‍්‍රතිචක‍්‍රීකරණය කරන එක විතරයි.

:       1       75

SUNIL WIJESENA Sunday, 16 April 2017 01:55 PM

මේ කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්නවද?

:       0       20

Kamal Sunday, 16 April 2017 02:14 PM

මෙතුවක් පැවති කිසිම රජයක් නගරයේ එකතුවන කුණු කොහෙට හෝ ගොඩගැසුවා මිස වෙන කල දෙයක් නැත... ජ.වි.පෙ. ට මඩගසමු. නැවතත් මැතිවරණයේ දි ඡන්දය දෙමු.

:       28       4

da silva berlin Sunday, 16 April 2017 03:07 PM

බටහිර සහ ලෝකයේ දියුණු රටවල කුණු ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්ත ශාලා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ඔවුන්ගෙන් උපදෙස් ඉල්ලුවොත් ඔවුන් නොසලකා ඉන්න එකක් නැහැ. නමුත් අපේ ඇමැතිලා හැමදාම මහා පරිමාණයෙන් "කටින් බතලකොල සිටවනවා" ඇරෙන්න කරන දෙයක් නැත. හැමෝම හදන්නේ ඔවුන්ගේ පුද්ගලික ආර්ථිකය සංවර්ධනය කර ගන්න මිසක් රට සංවර්ධනය කරගන්න නොවේ...

:       0       0

Sameera Sunday, 16 April 2017 03:21 PM

කොහොමද ඉතින් මේ ප්‍රශ්නෙ විසඳන්නේ?

:       0       0

ajantha Sunday, 16 April 2017 03:27 PM

ශ්‍රී ලංකාවේ මෙච්චර උසට කුණු කඳු තියෙනවද? කියල මම ඉන්න රටේ මිනිසුන් මගෙන් අහනවා. මිනිස්සු ගෙවල් හදාගෙන කුණුගඳේ කොහොමද ජීවත් වෙන්නේ.,? ලැජ්ජයි, ලැජ්ජයි. රජය වගකිය යුතුයි..

:       0       3

rohan Sunday, 16 April 2017 05:00 PM

කිසිම රජයකට වැඩක් කරන්න දෙන්නේ නැති මුන් දැන් කිබුල් කදුළු.........

:       0       0

නුමා Sunday, 16 April 2017 10:59 PM

මෙතන කොළඹ කුණු පුත්තලමට ගෙනයන්න ගත් උත්සාහයකට ජ.වි.පෙ. විරුද්ධ වූ බවත්, එසේ කළානම් අද මෙවන් විපතක් නොවන බවත් දක්වල තිබෙනව. මීතොටමුල්ල වෙනුවට එහෙනම් අද හඬන්නේ පුත්තලමේ මිනිසුන්. කාගේ හෝ ඉඩමකය කුණු ගෙනගොස් පිරවීම කළමණාකරණය වන්නෙ කෙසේද? අපට අදහසක් නැතිනම්, දැනට සාර්ථකව කුණු කළමණාකරනය කරන රටවල් වලින් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි. කොමිස් මුදලට වැඩ කරන දේශපාලකයින් සිටින අපට, නූගත් දේශපාලකයින් සිටින අපට, තමන්/තම ඥාතීන් ගේ සුභසිද්ධිය වෙනුවෙන් රට උඩාඅත තබන දේශපාලකයින් සිටින අපට, නිවස අසල කුණු දමන්නට ගත්කළ නිවස හැරයාම හැර වෙනත් කළ හැකි යමක් වේද? මීතොටමුල්ල ඉදිරි මෙවන් සිද්ධි දාමයක පලමු වැන්න වනු ඇත.වෙසක් අවසන් වනවිට අපූරුවට අපට මෙම සිද්ධිය අමතකව යනු ඇත. මීතොටමුල්ල හෝ වෙනත් තැනක ගොඩ ගසා දේශපාලනය කරන ඔලමොට්ටලයින්ගේ මඩිය තර කරනු පිණිස අපේ කුණු මල්ල ලබාදෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30589 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12588 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site