IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පියාගේ ඝාතකයින්ට සමාව දුන් බව රාහුල් ගාන්ධි කියයි

සිංගප්පූරුවේදීය (එන්.ඩී.ටීවී)

සිය පියාගේ ඝාතකයන්ට නැගෙණිය විසින් සම්පූර්ණයෙන්ම  සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේදී පවසා ඇත.

“මගේ නැගෙණිය ප්‍රියංකා ගාන්ධි තාත්තාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා ඉන්නේ. කාලයක් යනකන් අපිට ඒ දුක දරාගන්න බැරි වුණා. අපිට ලොකු හිත් වේදනාවක් තිබ්බා. එහෙත් අපි දැන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා ඉන්නේ” යැයි අත්පොළොසන් නද මැද කඳුළු පිරි දෙනෙතින් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේ පැවැති වැඩසටහනකදී පැවැසීය. 

මෙහිදි රාහුල් ගාන්ධි ඔහුගේ මිත්තණියගේ ඝාතනය සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ. පියාගේ සහ මිත්තණියගේ ඝාතන තම පවුලට ගෙවන්නට සිදු වූ වන්දියක් යැයි ද හෙතෙම එහිදි ප්‍රකාශ කර තිබේ. “දේශපාලනයේදී ඔබ වැරැදි පුද්ගලයන් වැරැදි බලවේග සමඟ පටලැවුණොත් ඒ වගේම ඔබ යමකට එරෙහිව නැගී සිටියොත් ඔබට සිදුවෙන්නේ මැරෙන්න” හෙතෙම කීය. 

“අපේ ආච්චි අම්මා මැරෙන්න යන බව අපි දැනගෙන හිටියා. අපේ තාත්තා මැරෙන්න යන බව අපි දැනගෙන හිටියා” යැයි රාහුල් ගාන්ධි කීවේය. 

“මගේ ආච්චිඅම්මා මට කිව්වා එයා මැරෙන්න යන බව. මම තාත්තාට කිව්වා තාත්තා මැරෙන්න යන බව ” යැයි රාහුල් ගාන්ධි කීය. රාහුල් ගාන්ධිගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පටය කොංග්‍රස් පක්ෂයේ නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ප්‍රශ්න සහ පිළිතුරුවලින් සමන්විත එම වීඩියෝ පැයක් පමණ දිගු වේ. 

ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්වූයේ 1984 වසරේදීය. ඒ ඇගේ ආරක්ෂකයන් අතිනි. ඇය බැඞ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන ආරක්ෂකයන් කිහිපදෙනකු වූ අතර හිටපු අගමැතිනිය ඝාතනයට වූයේ එම ආරක්ෂකයන් අතිනි. 

හිටපු අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලාංකික දෙමළක කතක් 1991 වසරේ දී චෙන්නායි නුවර දී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්විය. රජිව් ගාන්ධි ඝාතනය කිරීම සංවිධානය කළ ලොකුම වරද යැයි ඇන්ටන් බාලසිංහම් උපුටා දක්වමින් 2016 වසරේ ප්‍රකාශයට පත්වූ කෘතියක දැක්විණි.
 



අදහස් (4)

පියාගේ ඝාතකයින්ට සමාව දුන් බව රාහුල් ගාන්ධි කියයි

kumar (galf) Sunday, 11 March 2018 07:26 PM

රජීව් ගාන්ධිට උනේ, වැපිරූ දේ නෙලාගැනීම නේ,

:       0       13

hewawitharana u s a Sunday, 11 March 2018 07:57 PM

තමන්ගේ පියා නැති වුනාට වඩා දරාගන්න බැරි ශෝකයක් මිනි මාරුව කෙරෙහි ඇතිවීම ගිනස් වාර්තාවකි

:       1       17

Bamunuarachchi Sunday, 11 March 2018 11:26 PM

ඔබගේ පියා සිංහල අපිට වැදගැම්මකට ඇති පුද්ගලයෙක් නොවේ. ඔහුට පල දුන්නේ දිහ්ට්ටදම්ම වේදනීය කර්මයයි. කෙසේ වෙතත් ඔබඔය කරන්නේ ඔබට බලයට ඒමට ඔබේ පියා මැරීම අනුමත කිරීමයි.

:       1       69

Senarath Monday, 12 March 2018 03:29 AM

සමාව නොදී බැහැනේ, සර්පයා හැදුවේ වැදුවේ ඔබේ ආත්තම්මා සහ ඔබේ පියානේ.

:       0       151

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site