(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්.වීරවංශ)
සතියක පන්ති තහනම් කර ඇති සබරගමු සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 54 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන් ලෙස ඉල්ලමින් අද (15) දහවල් එම සරසවියේ ප‍්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
සබරගමු සරසවියේ කෘෂි විද්‍යා පීඨ ආපන ශාලාවේ දී පසුගිය 12දා පළමුවන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවක වදය දීම, පරිපාලනයට බාධා කිරීම සහ තම අනන්‍යතාව තහවුරු කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම යන චෝදනා මත සබරගමුව සරසවියේ ශිෂ්‍යාවන් 40කගේ සහ ශිෂ්‍යයින් 14දෙනෙකුගේ පන්ති මේ මස 15 දින සිට මේ මස 21දින දක්වා (එම දින ද ඇතුළත්ව) තහනම් කිරීමට කෘෂි විද්‍යා පීඨාධිපති ආචාර්ය සුමිත් මාගම මහතා විසින් ඊයේ (14) පියවර ගෙන තිබුණි.
ශිෂ්‍ය විරෝධතාව පැවැත්වුණේ මෙම තීරණයට එරෙහිවය. පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග කටයුතු මේ දිනවල පැවැත්වෙන නිසා පන්ති තහනම හේතුවෙන් ඔවුන්ට එකී විභාග වලට පෙනී සිටීමේ අවස්ථාව ගිලිහී යන බව විරෝධතාවට එක්ව සිටි ශිෂ්‍යයෝ පැවසූහ.
සිසුන් 54 දෙනාගේ තහනම ඉවත් කරවා ගැනීමට කෘෂි විද්‍යා පීඨාධිපතිවරයාට සංදේශයක් බාර දෙන බවද විරෝධතාවට එක්ව සිටින පිරිස කීහ.


COMMENTS
හුරේ... ඔය අහිංසක බබාලා ටික එළියට දාන්න.
මේ පන්ති තහනමට ප්‍රධාන හේතුව නවක වදයදීම බැවින් එය සාධාරණ පන්ති තහනමකි. මෙය සදාකාලික පන්ති තහනමක් වීම වඩා යෝග්‍ය යයි සිතමි...
නවක වදය යනු හීනමානයයි. මේවාට මේ සිසුන්ගේ දෙමව්පියන්ද වග කිව යුතුයි. අන්තරේට බනින අතරේ හිතන්න තමන්ගේ ළමයාව මානසික අසහනකාරයෙක් ලෙස සමාජයට ඉදිරිපත් කලේ කවුද කියලා. හැම දෙමව්පියෙකුටම වගකීමක් තිබෙනවා තමන්ගේ ළමයාව බදු ගෙවන මිනුස්සුන්ගේ පිහිටෙන් ඉහලට යවන්න හිතලා විතරක් මදි. සමාජ හිතවාදී මිනිහෙකු කරන්නත් වගකීමක් තිබෙනවා.
නවක වදය දෙන අයව විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ.. ශිෂ්‍යභාවය අහෝසි කරලා. ඔය උද්ඝෝෂණ කරන අයටත් පාරේම ඉන්න කියන්න ඕනේ. විශ්ව විද්‍යාලයකට යන්න බැරුව කීදෙනෙක් දඟලනවද? කීදෙනෙක් දෙතුන් පාරක් විභාගය කරනවද? අන්න ඒ වගේ ළමයින්ට අවස්ථාවක් දෙන්න ඕනේ. දැනුම තිබ්බට වැඩක් නෑ. හැදියාවක් නැත්නම්. හැදියාව නැති මිනිස්සුන්ව ඉහළ පුටුවලට යවන්න නරකයි. ඒක රටට වගේම සමාජයටත් හානිකරයි. මම යෝජනා කරන්නේ මේ ශිෂ්‍යයන් 54 ම විශ්ව විද්‍යාලයෙන් අයින් කරලා, හැදියාව හොඳ, දැනුම තියෙන සිසුන් 54 දෙනෙක් බඳවා ගන්න කියලයි. කොච්චර උද්ඝෝෂණ කරත් ඒවාට සැලෙන්න නරකයි. පීඨාධිපති කොන්ද කෙලින් තියාගෙන ගත්ත තීරන වෙනස් කරන්න නරකයි.
ඔය සෙට් එක එළියට දාලා, ඊට පස්සේ උ.පෙළ ප්‍රතිඵල හොඳට තියෙන ළමයි සෙට් එකක් ගන්න. මොවුන්ගේ ස්ට්‍රයික් ඉවර වුනොත්, කොටස් වශයෙන්, අලුතෙන් ගන්න බැච්වලට ඇඩ්කරන්න... 20% වගේ.. අවුරුදු 5කදී වගේ...
තමන්ගේ ළමයා උසස් අධ්‍යාපනයේ නාමයෙන් අනුන්ගේ දරුවෙකුට හිංසා පීඩා කරනවා නම් තමන් මව්පිය තනතුරු දරන්න සුදුසු නැති බව මේ නොහික්මුණු සිසුන්ගේ මව්පියන්ට වැටහේවා...!
ඩයස්, මේ සිසුන් ඉපදෙනකොටම නොහොබිනා හැසිරීම් එක්ක නෙවෙයිනේ ඉපදුනේ. ඉන් පසුව තමන්ගේ පවුල් පරිසරයෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන මග පෙන්වීම් අනුව තමයි වැඩිහිටියන් ලෙස යම්කිසි පෞරුෂයක් සමග සමාජගත වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ වගේ සමාජ විරෝධී අශිලාචාර හැසිරීම් වලට මව්පියනුත් යම් තාක් දුරකට වග කියන්න ඕන කියලා මිනිස්සුන්ට හිතෙන්නේ .