(සිරාජ් හසීම්)
පොදුසමා කාලයේ යුද හමුදාවෙන් නීත්‍යානුකූල ඉවත්වීම් නොලද හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් 2019 දෙනෙකු අද (3) වැනි දා වනවිට අත්අඩංගුවට පත්ව තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
පසුගිය ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 23 වැනි දා තෙක් කාලය තුළ කැඳවූ පොදු සමාකාලයේදී පැනගිය යුද හමුදා සාමාජිකයින් 11358 දෙනෙකු රෙජිමේන්තු වෙත බාර වී නීත්‍යානුකූලව ඉවත්ව ගිය බවත් එම කාලයේදී ද බාර නොවූ 28 000ක පමණ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවත් හෙතෙම කීය.
යුද හමුදාව හා පොලිසිය එක්ව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුමේදී පැනගිය හමුදා නිලධාරියකුට හෝ සාමාජිකයකු සඳහා රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 133 වැනි වගන්තිය ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශක අවසන් වශයෙන් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ යුද්ධයක් නැහැ. නිකන් රිමාන්ඩ්, හිර ගෙවල් පුරවාගෙන ඉන්නේ නැතිව, මේ අයට රටේ නිදහස්ව ජීවත් වෙන්න ඉඩ දෙන්න.
නිදහසේ ඉන්න ඕනෑනම් නීත්‍යානුකූලව ඉවත් වෙන්න ඕනෑ.
මෙතරම් සංඛ්‍යාවක් පැන යන්නේ කුමක් නිසාද යන්න සොයා බලා ඒවාට පිළියම් යොදන්න.