IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හෙට ශ්‍රී ලංකාවට එයි

(තිළිණි ද සිල්වා)

 

ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය බදාදා (1) ශ්‍රී ලංකාවට පැමිණෙන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

පොදුරාජ්‍ය මහලේකම්වරිය හෙට (1) දිනයේම  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඉන්පසුව බ්‍රහස්පතින්දා (2) සහ සිකුරාදා (3) යන දිනවල මහලේකම්වරිය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක , රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් මුණගැසීමට නියමිතය.

මහලේකම්වරියගේ මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වන්නේ අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳාම වැඩිදියුණු කිරීම ඇතුළුව ලන්ඩනයේ පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමෙහිලා සහයෝගීතාව වර්ධනය කරගැනීමයි.

 “පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥාප්තිය” ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. මෙම ප්‍රඥප්තිය යටතේ, කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩල වෑයමට ශ්‍රී ලංකාව නායකත්වය සපයයි.

 



අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හෙට ශ්‍රී ලංකාවට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site