( කාංචන කුමාර ආරියදාස )
පිදුරංගල ගල මත අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය හරහා මුදා හැරියේ යැයි සැකපිට රිමාන්ඩි බාරයේ සිටි තිදෙනා අද (10) වරඳ පිළිගත්හ.
ඒ අනුව එම තිදෙනා අතර සිටි පාසල්අ සිසුවාට අවවාද කර මුදා හැරීමටත් අනෙක් තරුණයන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 1500 බැගින් රජයේ මුදල් ගෙවීමටත් දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(10) නියෝග කළේය.
මෙසේ දැඩි ලෙස අවවාද කර නිදහස් කරනු ලැබුයේ ගල්වෙල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවා සහ ,සපුමල් දීමන්ත සුබසිංහ ,එල් .ඒ .ඒ .පියුමාල් යන දහ නව හැවිරිදි වියේ පසුවන තිදෙනෙකි .
පසුගියදා පිදුරංගල ගල මතට නැග තම ශරීරයේ අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජමාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම චෝදනා යටතේ සිගිරිය පොලිසිය මඟින් ගලේවෙල ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පුරාවිද්‍යා පනත යටතේ මෙම තරුණයින්ට පොලිසිය නඩු පවරා තිබිණි. නඩු වාර දෙකකදී මෙම තරුණයන් බන්ධනාගාර ගත කළ අතර අද යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීන්දුව ලැබිණි.
එහිදී ඉදිරිපත්වූ නීතිඥ මහත්වරුන් අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව පුරාවිද්‍යා පනත යටතේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි එකක් වුවද එම චෝදනා යටතේ තවදුරටත් නඩුව විභාග වුවහොත් මෙම සිසුවා සහ තරුණයන් දෙදෙනා දීර්ඝකාලීනව රක්ෂිත බන්ධනාගාර ගත වීමට ඉඩ ඇති නිසා මෙ මෙම නඩුවට වරද පිළිගන්නා බවයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් ඇඳුමෙන් පෙනී හිටින්න ගිහිල්ලා මේ අයට වෙච්ච අබැද්ධියක්.
ඔය දේ පාඩමක් කරගෙන ෆේස්බුක් පස්සේ ගිහින් ලයික් වැඩි කර ගන්න උන්මාදේ අතහැරලා ජීවිතේ ගැන හිතල මතලා ජීවත්වෙන්න උත්සාහගන්න.. තමන්ගේ දෙමව්පියන් මේ ටික දවසට කොච්චර ගින්දරක ඉන්න ඇතිද? ඒවා හිතලා ජීවිතේ හොඳ විදිහට හැඩ ගස්සාගන්න බලන්න.. පුතාලට බුදුසරණයි !!!
මිනිස්සු පැහැරගත්ත හා ත්‍රස්තවාදය ගේන්න ඕනේ කියපු අයට පැයෙන් ඇප. ඉස්සෙල්ලම කුඩුකරන්න ඕනේ මේ විදියට නීතිය තමන්ගේ හිතුමතේට ක්‍රියාත්මක කරන මහේස්ත්‍රාත්වරුන්ව...
හෙට ඉන්ධන මිල ඉහළ යනවාලු නේද?
තමන්ටත් මෙවැනි දේ කරන්නට ඉදිරියේ බලාපොරුත්තු වෙන අන් අයටත් පාඩමක් ලෙස තව ටික දවසක් බන්ධනාගාර ගත කරනම් තමා හොඳ. සිහිතබා ගත යුතු තව කරුණක් නම්, අද අන්තර්ජාලයට මුවාවී කරන ඕනෙම අපරාදයක් පොලිසියට සොයාගත හැකි බවයි.
මේ කොල්ලන් 3දෙනා ආයිමත් වෑසිකිළියක් ඇතුලෙවත් කලිසම ගලවන එකක් නෑ. වරදක් කලා තමයි. හැබැයි බොරුවට රක්ෂිත බන්ධනාගාර කලේ.. මේ රටේ මොන්ගල් නීති හින්දම තමයි.
අනුන්ව හදන්න කලින් අපි හැදිලා හිටියා නම් හරිනේ නේද?
ඇමෙරිකාවේ කට්ටිය කරන හැම දෙයක්ම කරන්න යන්න එපා. බටහිරින් පැමිණෙන හැම කුණු ගොඩක්ම අපි වැළදගෙන අනුගමනය නොකළ යුතුයි. ඇමෙරිකාවේ කට්ටිය මුහුදු වෙරළවල් වල , වනයේ , තමන් කැමති තැන් වල නිරුවතින් ඉන්න කැමතියි, ඒ පරිසරයත් එක්ක එකමුතු වෙලා ජීවිතයේ රස විදීමට. අපේ ශ්‍රි ලංකික හර පද්ධතිය ඊට වඩා බොහොම වෙනස්, අන්තර්ජාලයේ හීන ලෝකවල ජිවත් වෙන්න එපා. යථාර්ථයේ පොළොවේ පය ගහලා රටේ හැටියට ඇනේ ගහලා ජිවත් වෙන්න. හොදින් ඉංග්‍රීසි භාෂාව සහ තමා කැමති ක්ෂේත්‍රයක දැනුම වර්ධනය කරගෙන උපාධියක් අරගෙන ඇමෙරිකාවට එන්න.
මේ ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ. දෙමව්පියන් හා ගුරුවරුන් හරි හැටි තමන්ගේ යුතුකම් ඉටුකරනවා නම් මෙවැනි වැරදි වෙන්නේ නැහැ. වැරදි කරලා පොලිසියට අහුවුණාම පොලිසියට දොස් කියලා වැඩක් නැහැ... ඔවුන් කරන්නේ ඔවුන්ගේ රාජකාරියයි.
කලිසම ගලවල ප්‍රසිද්ධියේ කස පාර දුන්නා නම් තවත් මේවා කරන්නේ නෑ...
වැටිච්ච තැනින් නැගිටලා තමන් රටට කීර්තියක් ගෙන දෙන පුද්ගලයෙක් වෙන්න බලන්න. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබලා කල දේට ඔබලා විදපු කටුක අත්දැකීම ජීවිතයට මෙවලමක් කර ගන්න. අපිටත් දරුවෝ ඉන්නවා. එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්න අපි දෙන සටන දන්නේ දෙමාපියන් වන අපි විතරමයි. නමුත් දඩුවමක් දෙන්නේ තමන්ව යහපත් පුරවැසියෙක් කරන්න බව අමතක කරන්න එපා. තව බොහෝ දේවල් ඔබට ජීවිතයෙන් ඉගෙන ගන්න තියෙනවා. බාධක මැඩ ගෙන ඉදිරියටම යන්න තව කෙනෙක් වට්ටන්නේ නැතුව. පුලුවන්නම් අත්වැලක් වෙන්න ඔබ වගේ වැටිච්ච අයට. ඔබට ජය!