IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පද්මාවත් ලබන සතියේ සිට තිරගතවේ

නවදිල්ලිහිදීය (ඒ.එෆ්.පී)
 

ඓතිහාසික කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද පද්මාවතී චිත්‍රපටය ‘පද්මාවත්’ යන නම යටතේ ලබන සතියේ තිරගරත වන බව එහි නිෂ්පාදකයෝ පවසති. 
 
පුරාවෘත්ත හින්දු රැජිනක් අනුසාරයෙන් සන්ජේ ලීලා බන්සාලී විසින් නිර්මාණය කරන ලද එම චිත්‍රපටයට හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධතා එල්ල විය. එම විරෝධතා මාස ගණනක් පැවැති අතර ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය. 
 
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබූ අතර විරෝධතා හේතුවෙන් කල් දැමිණි. දහතුන්වන සහ දහහතර වන සියවස්වල සිටි මුස්ලිම් අධිරාජ්‍යයකු වන අලාවුදීන් කිල්ජි සහ හින්දු රැජිනක අතර ඇතිවන ප්‍රේම වෘතාන්තයක් පදනම් කරගනිමින් චිත්‍රපටය නිර්මාණය විය. 
 
පද්මවාතී රැජින පුරාවෘත්ත චරිතයක් යැයි ඉතිහාසඥ්‍යන් පැවසුවද හින්දු ජාතිකවාදීන්ගෙන් චිත්‍රපටයට දැඩි විරෝධයක් එල්ල විය. චිත්‍රපටය ඓතිහාසික කරුණු වෙනස් කර ඇතැයි ද හින්දු ජාතිකාවාදී දේශපාලනඥයෝ චෝදනා කරති.  චිත්‍රපටය ලබන 25 වැනිදා තිරගත වීමට නියමිත බවත් පද්මාවතී නම ‘පද්මාවත්’ යනුවෙන් වෙනස් කර ඇති බවත් එහි නිෂ්පාදකයෝ පවසති. ඊට අමතරව චිත්‍රපටයේ තවත් වෙනස්කම් පහක් සිදු කර ඇතැයි ද ඔවුහු කියති. 
 
පද්මාවති රැජිණට සියලු ගෞරව දක්වන බව සඳහන් කරමින් සඳුඳා (15) දිනයේදී ඉන්දීය පුවත්පත්වල සම්පූර්ණ පිටුවක පුවත්පත් දැන්වීමක් පළ කිරීමට ද චිත්‍රපටයේ නිෂ්පාදකයන් කටයුතු කර තිබිණි. 
 
ඉන්දියාවේ විසූ ‘සුෆී’ කවියකු වන මලික් මුහම්මද් ජයසිගේ කාව්‍ය නිර්මාණයක රාණි පද්මාවති රැජිණ ගැන සඳහන් ව තිබේ. දහසය වැනි සියවසේදී ලියැවී ඇති එම කවිය පදනම් කරගනිමින් චිත්‍රපටය නිර්මාණය වී තිබේ. 
 
චිත්‍රපටයට මුල්ම වරට විරෝධතා එල්ල වූයේ 2017 වසරේ ජනවාරි මාසයේදීය. රාජස්ථාන් ප්‍රාන්තයේ රූ ගත කිරීමත් අතරතුරදී එලෙස විරෝධතා එල්ල වූ අතර ඉන් අනතුරු මුම්බායි නුවරදී ද විරෝධතා එල්ල විය. එම අවස්ථාවේදී චිත්‍රපටය රූ ගත කිරීම සඳහා භාවිත කිරීමට තිබූ ඇඳුම් ආයිත්තම් ආදී බඩු භාණ්ඩ රැසකට විරෝධතාකරුවෝ ගිනි තැබූහ. 

වෙනස්කම් සිදු කළ ද චිත්‍රපටයේ නම පද්මාවත් ලෙස වෙනස් කළ ද ඊට තවමත් විරෝධතා එල්ල වෙමින් තිබේ. චිත්‍රපට රාජස්ථාන්, ගුජරාට් සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවල තිරගත නොවන බව ද එම ප්‍රාන්තවල ඇමැතිවරු පවසති. 

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘පද්මාවතී’ ලෙස රංගනයෙන් දායක වන දීපිකාට පමණක් නොව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සන්ජේ ලීලා බන්සාලිට ද විරෝධතා එල්ල විය. විරෝධතා අතරවාරයේදී දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයකුට පවුම් මිලියනයක ( ඉන්දීය රුපියල් කෝටි 100 ක්) තෑග්ගක් දෙනවා යැයි ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් හින්දු ජාතිකවාදී නායකයෝ කීහ.  

055

 



අදහස් (4)

පද්මාවත් ලබන සතියේ සිට තිරගතවේ

Ruwan Tuesday, 16 January 2018 04:49 PM

එච්චරයි අඩු

:       308       1167

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 07:09 PM

පද්මාවතී ලංකාවේ ඉපිද ඉදියාවේ රජ කෙනෙක් විසින් විවාහ කර ගත් රැජිනක් බව පුරාවෘත වල කියැවේ.

:       0       0

Vajira Wednesday, 17 January 2018 06:42 AM

දැක්කොත් පත්මාවතී ආලේ නොකරා බැරී. සිංහල කාන්තවන්ගේ රුපශ්‍රිය ලොවපුරා පැතිරී තිබූ බවට උදාහරණයක්.

:       34       103

Nissanka Wednesday, 17 January 2018 07:31 AM

ඒ වගේම ලංකාවේ ස්ත්‍රීන්ගේ චපලකමටත් හොඳ උදාහරණයක් තමයි.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site