(නාලක සංජීව දහනායක)
නෙවැම්බර් දී පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්‍ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදී පක්‍ෂ නායකත්වය සඳහා ඔහුව පත්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.
එමෙන්ම එදිනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පක්‍ෂ සමාජිකත්වය ලබාගන්නා බවත් සියලූම දිස්ත‍්‍රික්ක සඳහා ආසන සංවිධායකවරුන් පත් කරන බවත් මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මිනිස්සු දැනටමත් පෙදුජන පෙරමුණ වටා ඒකරාශී වෙලා ඉවරයි. ඒ බව නොවැම්බර් 2 වැනිදාට යෙදෙන පක්‍ෂ සංවත්සරයේදී අපි පෙන්වනවා. අපිත් එක්ක ඉන්න මිනිස්සු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්න අපෙත් කිසිම බළාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට ඕනනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැදෙන්න පුළුවන් යැයිද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
හොරුන්ගේ නායකයා වන්න ඕනේ හොරෙක්ම තමයි..
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හරීවිද? මහින්ද නැතුව පොදු ජන තියා මොනම පෙරමුණකටවත් වගතුවක් නැහැ. ඒකයි මහින්දගේ නම වෙළඳ භාණ්ඩයක් වගේ සියලුම දෙනා භාවිතා කරන්නේ. පොදු ජන පෙරමුණ ඇතුලේ දැන් මණ්ඩලේ කචල්. මහින්ද පවුලේම විවිධ හැල හැප්පිලි එළිපිට ප්‍රදර්ශනය වෙනවා. බලය නැතුව ඔහොමනම් බලය ලැබුනොත් කොහොම වෙයිද? ජුලි මැද විතර වෙනකොට අර දැන් කාටත් අමතක වහන්නේ නැතුව නඩු අහනවා කියන උසාවි පටන්ගන්නයි යන්නේ. සභාපති කම බෙදාගන්න එක පස්සේ පුළුවන් මේ උසාවි වැඩේ කඩා කප්පල් කරන්න මොන මොනවා හරි කලොත් ඇඟට ගුණයි.
ඉස්සෙල්ලම මුට්ටිය දාලා බැලුවා. මුට්ටිය බේරුණු නිසා දැන් ඔලුව දානවා. මහින්ද කවදත් එහෙමයි. එදා මුට්ටිය බිඳුණා නම් මමත් නොවෙයි, මගේත් නොවෙයි.. මම මුකුත්ම දන්නෙත් නැහැ කියයි. පක්ෂයට කවදාවත් ද්‍රෝහී වෙන්නේ නැහැ.... කියලත් කියයි.
පක්ෂ සාමාජිකත්වය නැති අයගේ පක්ෂයක්...
නැතිනම් ඉතින් කොහොම ගොඩයන්නද නේද ?
ඔබතුමා දුටු සැනින් ටී.එම්.ජයරත්න ගායකයාගේ ජනප්‍රිය ගීයක් නිතැනින්ම සිහියට එනවා.....
මොන පක්ෂයක් ගැනද මේ කතා කරන්නේ ? පොහොට්ටුව පක්ෂයක්ද ?
මහින්ද මහත්තය නැති පොහොට්ටුව මනමාලයා නැති මඟුල් ගෙදරක් වගේවෙයි.