IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුද්ගලයකු මැරීයැයි යුද හමුදා මේජර්ට - සැරයන්ට මරණ දඬුවම

අමදෝරු අමරජීව
 
යාපනය තිරිනල්වේලි  ප්‍රදේශයේදි  පුද්ගලයෙකු රැගෙන ගොස්  ඝාතනය කිරිමේ  චෝදනාවට වරදකරු වූ 51වැනි සේනාංකයට අයත්  512 බල සේනාවේ  සේවයේ නියුතු යුධ හමුදා මේජර්  වරයෙකුට  හා සැරයන්වරයෙකුට අද (08)  මරණ දඩුවම  නියම කළ ත්‍රිකුණාමලය  මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා චෝදනා ලැබ සිටි  කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කළේය.

 
යාපනය, වට්ටවාන් පාරේ  අංක 53/3 හි පදිංචි  ඥානසිංහම්  ඇන්ටන්  ගුණසිංහම්  නැමැති අය  ත්‍රස්ථවාදියෙකු යැයි  සැකපිට  රැගෙන ගොස්  1998 සැප්තැම්බර් 10 දින හෝ ඊට ආසන්න දිනයකදි  මරා දැමීයේය  එරෙහිව කෝපායි පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
එවකට පැවැති වාතාවරණය මත චුදිතයන් කළ අභියාචනයක් අනුව  මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කැරණි. ඉන් පසු නීතිපතිවරයා යාපනය මහාධිකරණයේ නඩු පවරා තිබිණි.    මෙම නඩුව  වෙනත් මහාධිකරණයකදී විභාග කරන ලෙස කළ චූදිතයන් කළ ඉල්ලිමකට අනුව  මෙම නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග විය.
 
   මියගිය පුද්ගලයා ගොඩනැගිල්ලක  ඉහළ මාලයේ සිට පැන දිවි නසා ගත් බව එකළ  ප්‍රකාශ කළද  මියගිය අයගේ  සිරුරේ පහරදිමෙන් ලද තුවාල දක්නට තිබුණු බව වෛද්‍ය වාර්තාවේ  සඳහන් වී තිබිණි.
 
මෙසේ මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ  මේජර්  ඩික්මන් රාජ මන්ත්‍රී හා  සැරයන් ප්‍රියන්ත රාජකරුණා  නැමැති අයටයි. කර්නල් රොනී බර්තලොව්පස්  නැමැති අය නිදොස් කොට නිදහස් කෙරිණි.
 



අදහස් (1)

පුද්ගලයකු මැරීයැයි යුද හමුදා මේජර්ට - සැරයන්ට මරණ දඬුවම

rocky Thursday, 09 August 2018 06:53 AM

බුදු හාමුදුරුවනේ .. මෙන්න රණ විරුවන්ට අරියාදු කරනවෝ!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site