(සිරාජ් හසීම්)
රජයේ වෛද්‍ය විද්‍යාලවලට අමතරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කිරිමට රජය පියවර ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි.
මෙතුළින් දරුවන්ටත් සමාජයටත් මහගු සේවයක් ඉටුකළ හැකි බව ඒ මහතා කියයි.
එක් දිස්ත්‍රික්කයකින් ඉතාමත් සීමිත පිරිසක් පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන බවත් තවත් අතිදක්ෂ දරුවන් බොහෝ දෙනකුගේ වෛද්‍ය සිහිනය බොඳවී යන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
අද (21) පැවති විශේෂ උතුරු පළාත් සභා සැසිවාරයේදී සිවාජිලිංගම් මහතා මේ බව කීය.
“උතුරු පළාතේ වෛද්‍ය හිඟය දැඩිව පවතිනවා.ඇතැම් රෝහල්වලට වෛද්‍යවරුන් පැමිණෙන්නේ සතියකට එක් දවසක් පමණයි.එම රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ගන්න සතියක් බලාගෙන ඉන්න වෙනවා.මෙම පළාතේ ජනතාවට ප්‍රතිකාර කරන්න දෙමළ භාෂාව නොදන්නා වෛද්‍යවරුන්ට අසීරුයි.මීට විසඳුම් වශයෙන් දෙමළ භාෂාව කතා කරන වෛද්‍යවරුන් අවශ්‍යයි.මේ නිසා ඉන්දියාවේ සිට වෛද්‍යවරුන් ගෙන්නන්න ප්‍රතිකාර කරන්නත් පුළුවන්.“
“පහුගිය කාලෙ ඉන්දියාවේ ඉඳන් වෛද්‍යවරුන් ගෙන්නුවම එයාල රෝ ඔත්තුකරුවන් කියල කිව්වා.රෝ බුද්ධි අංශ ඇවිත් තොරතුරු හොයනව කියල කිව්වා.දැන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද ? ඔවුන්ට මෙහෙට ඇවිත් තොරතුරු හොයන්න අවශ්‍යතාවක් නැහැ.මෙම වෛද්‍ය හිගය පුරවන්න ඉන්දීය වෛද්‍යවරුන් ගෙන්විය යුතුයි.“
“දැන් මේ රටේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය වහන්නකියල විරෝධතා කරනවා.සල්ලි තියෙන අය පිටරට ගිහිං වෛද්‍ය අධ්‍යාපනය ලබනවා.‘ලංකාවේ විභාගයක් ලියල වෛද්‍යවරයෙකු වෙන්න බැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන වෛද්‍යවරයෙකු වෙන්න බැහැ‘ කියල විරෝධතා කරනවා.කෙසේ වෙතත් මෙරට වෛද්‍ය හිඟයට පිළියම් වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කළයුතුයි කියන එකයි මගේ අදහස.පිටරටවලත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා.මේ රටේ සල්ලි තියෙන අය එයාලගේ ළමයි සල්ලි වියදම් කරල ඒ රටවල්වලට යවල උගන්වනවා.ඒත් ගොඩක් සල්ලි නැති අයගේ ළමයි අසරණ වෙනවා.“
“මේ රටේ සයිටම් වගේ වෛද්‍ය විද්‍යාල 10ක් ආරම්භ කරන්න ඕන.එවගෙන් සාධාරණ මිලකට වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන්නොත් අපේ රටේ තියෙන වෛද්‍ය හිඟය මුළුමනින්ම පාලනය කරගන්න පුළුවන්.“
“මේ රටේ සයිටම් වගේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමෙන් විදේශයේ ඉගෙන ගන්නවාට වැය කරන මුදලට වඩා ඉතා අඩු මුදලකට වෛද්‍ය අධ්‍යාපනය ලබන්න පුළුවන් .ඒ වගේම දෙමාපියන් සමීපයේ ඉදන්ම ඒ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්.රජය මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්න ඕන. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කෑ ගහන කවුරුත් පිටරට වෛද්‍ය විද්‍යාලවලින් ඉගෙනගෙන එන වෛද්‍යවරුන් ගැන කතා කරන්නෙ නැහැ“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
නිකන් පොතේ පතේ ඉගැනීමට වඩා, පොලවේ පය ගහල් ජිවත් වෙන්න පුළුවන් ඉගැන්වීමක් ඕනේ. ජිවත් වෙන පරිසරය කුණු ගොඩක් වෙන ඉගැන්වීමක්. ජිවත් වෙන රටට වංචා කරන්න, මත් ද්‍රව්‍ය ගේනවා බලන් ඇස් වහගෙන ඉන්න. උගත්තු ඉන්න රටක්. විශ්වවිද්‍යාල 100ක් හදල කොච්චර ඉගෙන ගත්තත් ඔච්චර තම. මෙච්චර කල් රටේ උගත්තු හිටියේ නැද්ද? ඉගෙන ගෙන රට පනින්න බලන් ඉන්න උගත්තු ඉන්නේ.
කියනකල් උන්නේ පටන්ගන්න. ඔය ඇත්තොනේ රට පාලනය කරන්නේ? එ්ක හින්ද අවසර දෙනකල් කරන්න ඕනේ එක කියන්න.
මෙතුමාගේ ළමයත් සයිටම්. ඔය කියන මුදල් නැති ළමයින්ටත් යන්න..
තමුනුත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නද ලැහැස්තිය... ඕක ඔතනිම්ම නතර කරගත්තොත් හොඳයි. ඉස්සර වෙලා මේ ගින්න නිමලා ඉමු. දරුවෝ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී දරුවෝ පෙල ගැහෙනවා... අව්ලෙන් අව්ලකට පත්වෙන්න කලින් ගින්න නිමලා සයිටම් වහලා... නැවත නීති රීති හදලා ජනමත විචාරණයක් තියමු...
ඔබට අපේ උත්තමාචාරය. !!!
යාපනයේ ද්‍රවිඩ අය හෝ නැගෙනහිර මුස්ලිම් අය හෝ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළොත් ජවිපය වත්, පෙරටුගාමී කාරයෝවත්, වෛද්‍ය සංගමයවත් කටක් අරින්නේ නැහැ... අායුබෝවන්. තව ඒවාට පුළුවන් තරම් සහයෝගය දේවි!!!
බුද්ධ ධර්මයටත් අපහාස කරපු කෙනෙකුට... උත්තමාචාරයක්...!!! නින්දිතයි...
ලංකාවේ ජාතික අවශ්‍ය තාවයක් වන පොඋත්ගලික වෛද්‍ය හා විශ්ව විද්‍යාල රටේ පටන් ගැනීම වෛද්‍ය වරුන්ගේ පටු උවමනාවන්ට වෙනස් කරනවානම් රජය අවංක රජකෙනුක් පත් කරගන්න්ස් වෙනවා.
මේ මෝඩයා මොකටද ඉන්දියාවට කඩේ යන්නේ? මොකද මේ රටේ නැද්ද වෛද්‍ය වෘත්තියට සුදුසු දමිළ මුස්ලිම් ළමයි. ඒ අයව වෛද්‍ය වරු කරන්න මූට ගානක්වත් නෑනේ. මේ වගේ උන් පාර්ලිමේන්තුවට යවපු උන්ට ගහන්න ඕන
මෙයාගේ ළමයත් සය්ටෙම්
මම මේ දේශපාලකයාට කැමති නෑ. එහෙත් ඔහු පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කියන දේ හරි. ලංකාවට අවම වශයෙන් දොස්තරලා 5000 ක් වත් වසරකට අවශ්‍යයයි.
පුතා බුද්ධදහමට හෝ ඕනෑම ආගමකට අපහාස කරන ඕනෑම කෙනෙකුට අපි විරුද්ධයි.එහෙත් එහෙම කියා බඩගෝස්තර හෝ වෙනත්.මාෆියාවක් ඇති කරන්ඩ බෑ. මුළු රටම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලනවා.