(පොතුවිල් යූ. විජේසිංහ)
පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙක්කු ගල කිසියම් පිරිසක් විසින් ගිනිතබා කඩා විනාශකර ඇති බව පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ පවසති.
මේ ආකාරයට නැගෙනහිර පළාතේ තිබෙන ඓතිහාසික නටඹුන් මෑතක සිට විශාල වශයෙන් විනාශකරගෙන යන බවත්, මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කෙරෙහි අවදානය යොමුකර නොමැති බවත් උන්වහන්සේ පැවසූහ. මේ පුරාවස්තුවට ගිනිතැබීම පිළිබඳව පොතුවිල් පොලීසියට පැමිණිලි කර ඇති අතර, මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොතුවිල් පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව නිසා වෙන්න ඇති මේ....
ජාතියකට අනන්‍ය වූ සංස්කෘතික සංකේත විනාශ කරන්නේ මුග්ධ පිරිසක් නොව සංවිධානාත්මක දේශද්‍රෝහී කණ්ඩායම් විසිනි. තමන්ගේ නැති උරුමය සහතික කිරීමට අන්‍යයන්ගේ සංස්කෘතික සංකේතයන් විනාශ කිරීම කිසිසේත් අනුමත කල හැකි දෙයක් නොවේ. කෙසේවෙතත් ප්‍රාදේශීය බලධාරීන් තම ප්‍රදේශයේ පවත්නා ඉතිහාසය හා සම්බන්ධ ස්ථාන රැකගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමේ විපාකයක් වශයෙන් මෙවැනි බලහත්කාරයන් ඇතිවෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ ස්ථාපිත කළ මහ සංස්කෘතිය මුළු මහත් ශ්‍රී ලංකා පොළොව පුරාම පැතිරී ඇති බැවින් ඒවා මකා දැමිය නොහැකි බව තේරුම් ගැනීම කාටත් හොඳයි.
මෑතක සිට කියන කතාව පට්ටපල් බොරුවක්. මුහුදුමහා විහාර ප්‍රදේශයේ පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හාමුදුරුවො එවක රජයන් නිරන්තරයෙන් දැනුවත් කරමින් එය වලක්වාගැනීමට හැකි උපරිමයෙන් වෙහෙස මහන්සි වූ බව සිංහලයන්ට අමතක නෑ. අපේ රටේ ජරාජීර්ණ වූ දේශපාලනය මුහුදුමහා විහාරයට වූ දේම විපත්තුවටත් කලේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමටයි.
දිවයින පුරාම පුරාවිද්‍යා ස්ථාන එක්කෝ විවිධ අපේක්ෂාවන් නිසා නැතහොත් මුදල් මත විනාස කරනවා. අනන්‍යතාවය විනාස කිරීමට කරන විනාශයන් සැහෙන්න වර්ධනය වෙලා. මේවා වලකන්න සැලැස්මක් හදන්න ඕනේ . නැතිනම් රටේ ඒකීය භාවය නැතිකරන්න සාධක හදා ගන්නවා. පළමුවෙන්ම මෙම ස්ථාන නිසි පරිදි ආරක්ෂණ අංශ වලට පැවරිය යුතුයි. මෙය ප්‍රමාද කිරීම ජාතියටම විනාශයක්.
මෙවැනි කටයුතු වලක්වන්නේ නැත්තේ සහජීවනයට බාධා වෙයි කියලද ?
කිසිම රජයකින් සිංහලයාගේ උරුමය රකින්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ ඒවගේ පලවිපාක තමයි මේ
දකුනෙ කයිවාරු ගගහ , තර්ජන කරන අය යන්නකො නෑගෙනහිරට. ගිහින් හදන්නකො පන්සල්. ආරක්ෂා කරන්නකො මේ වගේ දේවල්. කවුරුත් යන්නෙ නෑ..දන්නවා දුෂ්කර පලාත් කියලා.
මුහුදු මහා විහාරයට අයත් ඔපුරා විද්‍යාත්මක ඉඩම් හා යන පාර පවා අල්ලාගෙන ඉන්නේ එක්තරා ජන කොටසක පිරිසක්. එහෙම තියෙද්දි ඒ අවට ජීවත් නොවෙන වෙන කෙනෙක් ඇවිත් ගිනි තියන්නේ මොනවද?
එක පැත්තකින් විල්පත්තුව විනාශ කරනවා. අපේ රටේ ඉන්න දේශපාලුවෝ මේවට නිතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.
මේ මෑත කාලයක් වනතෙක් ගම්වල තිබුණු සෙක්කුවත් දැන් ඓතිහාසික නටඹුමක් වෙලාද? අපේ ගම්වල ඒ කාලේ තිබුණු සෙක්කු නම් තෙල් මෝල් වලින් තෙල් හිඳින්න ගත්තට පසුව ගලෝලා ඉවත් කළා. ඒත් ඒවා පත්තරේට වැටුනෙත් නැහැ. අද කාලේ සෙක්කු ඔලුව උඩ තියාගෙන යන්න මිනිස්සු උත්සහ කලාට එදා කාලේ නම්, සෙක්කුවෙන් පොල් සිඳීම පමණයි සිදු කලේ.
මෙහෙමද පුරාවිද්‍යත්මක භාණ්ඩ පවත්වාගෙන යන්නේ. මෙවායෙ වටිනාකම දන්නවනමි පුරාවිද්‍යාෙවෙි නිලධාරීන් නිසික්‍රමවෙිද අනුව මෙිවා පිලිවලකට තැමිපත්කර ආරක්ෂා කල යුතුය.
කළු ගල් ගිනිතියලා විනාශ කරන්නෙ කොහොමද?
ලෝකයේ දියුණු රටවල් දෙස හොඳින් ඇස් ඇර බලන්න. ඒ රටවල මිනිස්සු ජනවර්ගය ගැන ආගම ගැන කිසිම විටක සඳහන් කරන්නේවත් නැහැ. ඔවුන් තම රටේ රට වැසියන් බව පමණයි කියන්නේ. උදාහරණ අවශ්‍යද? ගන්න ඔස්ට්‍රේලියාව, එංගලන්තය. කොයි තරම් විවිධ ජනවාර්ගික සම්මිශ්‍රනයක්ද තියෙන්නේ. ඒ කවුරුත් ඉතා සමගියෙන් රටට ආදරයෙන් කටයුතු කරනවා. අපට ඇයි ඒ වගේ වෙන්න බැරි? එදාට අපි කවුරුත් එක වගේ හිතන්න කරන්න පුරුදු වේවි. එදාට රට දියුණු වෙන එක කාටවත් වලක්වන්න බැහැ.
ඕවා රාජපක්ෂලාගේ වැඩ.