ඉන්දිකා රාමනායක
පාතාලයේ ප්රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇත.
වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්රති ප්රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් තිබේ.
සිද්ධියෙන් තවත් පතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
ෆොන්සේකා මහතාට පොලිසිය බාර දෙනවා කියන ආරංචියත් ඇති පොලිසියට කොන්ද පණ ඇතිව වැඩ කරන්න.
නියමයි, පාතලේ අය අඩි 6ක් ගැඹුරට යවන්නම ඕනේ...
කොහොමත් පාතාලේ ක්රියාකාරකම් පාලනය කරන්න පහුගිය දවස්වල පොලිසිය සෑහෙන්න අසමත් වුණා. එක්කෝ දේශපාලන බලපෑම්, එහෙම නැත්නම් වුවමනාවක් නැතිකම. පුජිත පොලිස්පතිතුමාගේ ධුරකාලය තුළ කොහොමත් රටට වැඩදායක දෙයක් පොලිසියෙන් වුනේ නෑ. ඔහුත් කලේ අඬඅඬා හිටපු එක විතරයි.
ඔය විදියටම අනිත් පාතාල නායකයොත් ඉවර වෙනවා නම්... මේ අය හිරේ ගියාට වැඩක් නෑ. ෆෝන් එකෙන් තමන්ට ඕනෑදේ කරගන්නවා. කප්පම් ඉල්ලනවා. අපරාධ සංවිධාන කටයුතු කරනවා.
මේ ලඟකදී රාගම, බටුවත්ත පැත්තේ ප්රාථමික පාසලක කුඩා ගැහැණු දරුවෙක් අන්තේවාසියකු විසින් අපයෝජනයට ලක් කළ සිද්ධියකුත් වුණා. හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත රාගම පොලිසියෙන් පැමිණිල්ල බාර ගත්තේ නැතිලු. දැන් ඉන්න විදුහල්පතිත් එම පාසලට ගෙන්නාගෙන තියෙන්නේ ඒ පුද්ගලයාලු. පරීක්ෂණ එතනින් අවසානයිලු. හිටපු ඇමති ෆීලික්ස් පෙරේරා මැතිතුමා මේකේ කරුණු ටිකක් දන්නවලු. ඇත්ත නැත්ත හොයල බලලා නිසි පියවර ගන්න.
පාතාල විතරක් නෙමෙයි, කුඩුත් නැති කරලා දාන්න ඕනේ... දේශපාලන සපෝර්ට් තියනවා.
ඇත්තද පොලිසිය සමග වෙඩි තියාගෙනද. අපිනම් හිතුවේ හංගපු ආයුද පෙන්වන්න ගියා කියලයි.
මූව ලගතියාගන වැඩ ගත්ත දේශපාලකයින් කවුද කියන එකත් රටට හෙළිවෙන්න ඕනෑ.
මේ පුද්ගලයා හට රැකවරණය දුන් රජයේ ප්රබල ඇමතිවරු දෙදෙනා කවුද කියලා ජනතාවට හෙළිකරන්න පුළුවන්ද?
එහෙනම් තවත් ඇමැති සුරතලෙක් වෙන්න ඇති...
පාතාල ත්රස්තයා විනාශ කළාට පසුව විශේෂ කාර්ය බලකායට තර්ජනය කළ දේශපාලකයන් ගැන රටටම හෙළිකරන්න. ඒ අයගේ අනාගතය ගැන ජනතාවට තීන්දුවක් ගන්න.
නියමයි
ඔබයි, මමයි කලබල උනාට හිතා ගන්න පාතාලය එදත්, තිබුන අදත් තිබෙනවා හෙටත් තිබෙනවා ලංකාවේ මෙවැනි දේශපාලනයක් අපිට දීල තිබෙන නිසා මේ පාතාලය දිගටම ක්රියාත්මක වෙනවා දේශපාලුවන් මේ අයට උදව් කරලා විශාල ධනස් කන්දයක් හම්බ කරනවා. කවදා රටට සහනයක් ලැබෙයිද කියල සිතෙනවා .