(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිසාවන කාර්යාලයේ සේවය කල සහකාර දිසාවන නිළධාරි වරයා මසකට ආසන්න කාලයක සිට ආගිය අතක් නැති බව ඥාතින් පොලිසියට පැමිනිලි කර ඇති බව කියයි.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුමේධ බුද්ධදාස නැමති එක් දරු පියෙකු බව කියැවේ.
මාසයකට ආසන්න කාලයක සිය තම සැමියා අතුරුදහන්ව ඇති බව ඔහුගේ බිරිඳ සොහොයුරාද පොලිසියට පැමිනිලි කර තිබේ.
රාජකාරි වලින් නිවාඩු ලබා නිවසට ගොස් ආපසු සේවයට පැමිණෙන බව පවසා ඇතත් මසක කාලයක් ඔහුගෙන් කිසිදු තොරතුරක් නොමැති බව ඥාතින් පවසයී.

COMMENTS