(හිරාන් ප්‍රියංකර ජයසිංහ / ඡායාරූප - එච්.චන්දන)
පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලියේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් හත් දෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
යාපනය - කොළඹ බස් රියක් එසේ අනතුරට ලක්ව ඇති අතර එම මාර්ගයේම ගමන් කළ ත්‍රී රෝද රියක් පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බව කියති.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර





ඡායාරූප - එච්.චන්දන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බස් රියදුරන්ගේ හිතන විදියේ ලොකු අවුලක් තියනවා. මුලින්ම ඒක හදා ගන්න වෙනවා සුක්කානම අතට ගන්න කලින් .
ඕනෑම අනතුරක එක පාර්ශවයක් වෙන්නේ ත්‍රීවිල් එකක් හෝ යතුරු පැදියක්..
අවිනීතම රියදුරෝ ඉන්නේ ලංකාවේ වෙන්න ඕනේ අහිංසක මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන මිනීමරුවෝ
මෙහෙම රිය අනතුරුවලින් දිනකට 15ක් 20ක් මිනිස්සු මැරෙන්න ගියොත් තවත් ඉක්මණින් ජාතිය වඳවෙලා යයි.
චමල්, ඔයා හරියට නිව්ස් එක බලල නෑ. මෙතන ත්‍රී වීල් එකේ වරදක් කියන්නේ කොහොමද? බස් එක ඕවර්ටේක් කරලා තියන්නේ පාලමක් උඩදීය...
ලංකාවේ රියදුරු බලපත්‍ර දැනට වඩා උසස් ලෙසින් දෙන්න ඕනෑ. වාහන වල තත්ව පරීක්ෂණ දියුණු කරන්න යුරෝපයේ ලෙසින්..
සයිටම් එක රජයට පවරාගන්න කියලා බස් ගැමුණු කියන්නේ. එහෙම නම් මේ මිනීමරන පුද්ගලික බසුත් රජයට පවරා ගන්න.
ඩෙංගු මර්ධනය කරන්න මාධ්‍ය එකමුතු වුණා වගේ මේ අනතුරු අඩු කරන්න අහිංසක මහජනතාව පැත්තෙන් සිතා කිසියම් වැඩසටහනක් කරන්න... අපි බස්වල, දුම්රියේ යන මිනිස්සු...
ඔය පාලම උඩම මගේ බයික් එකත් අනතුරට ලක් කළා. ඔය විදිහටම වවුනියා යන බස් එක පාලම උඩදී මූණටම ආවා. මම කරගන්න දෙයක් නැතිකමට පාරෙන් අයින් කරන්න යද්දී පාලමේ ගැට්ටේ වැදිලා බයික් එක පෙරලුණා. මම දවස් 03ක් හොස්පිටල් එකේ.. බස් සංගම් වලින් කෝල් එනවා එක දිගට අන්තිමට පොලිසියට ගියාම පොලිස් නිලධාරියෝ ඇහුවා බස් එකේ වැදුනේ නැතිනම් ඔයාට විරුද්ධව නඩු දාන්න පුලුවන්ලු පාලමට හානි කෙරුවා කියලා. මම කිව්වා සොරි මම ඕක කලින් දැනන් උන්නා නම් බස් එකට බයික් එක වද්දනවනේ... එහෙනම් මගේ මිනියට තමයි නඩුව දාන්න වෙන්නේ කියලා. අපිට කොච්චර අලාබ වුණත් වැඩක් නෑ. උපරිම 10,000 යි වන්දිය අරන් දෙන්නේ... නැත්නම් ඔයාලා නඩු දාන්න කියලා පොලිසියේ අය ඇතුල් වෙද්දිම කියනවා.
නීතියට අනුව දඩ කොලයක් ලැබීමෙන් ඔය යාපනය, කොළඹ රියදුරු ලොකු වර්ජනයක් කරලා බලය පෙන්වල දිනුවා ලඟදි. එ්කට මගීනුත් උදව් කළා. දැන් ඔතනත් නිදි මරාගෙන රාජකාරිය කරන්නේ ඒ පොලිසියමයි. (මම පොලිසියේ කෙනෙක් නෙවෙයි) එදා නීතියට, නිල ඇඳුමට නිගා කළා මහජනයා. පොලිසියට මහජනයා උදව් කලයුත්තේ මේවා පාඩමට ගෙනයි.
දැනට දින 2ක 3කට කලින්, ඔය පුත්තලම් පාරේ යන කොළඹ යාපනේ බස් කාරයෙක් මට මහා සවුත්තු වැඩක් කරා යාපනයේදී. දඹුල්ලට යන්න පුලුවන්ද කියලා ඇහුවම පුළුවන් නගින්න කිව්වා. මම හිතුවේ මේක දඹුල්ල - කුරුණෑගල හරහා කොළඹ යන එකක් කියලා. එ්ත් මගදී මිනිස්සු ලෝඩ් කරා පුත්තලම් පාර කොළඹ කියලා. ඒ වෙලේ මම ඇහුවා දඹුල්ලේ යනවා කිව්වා නේද කියලා. එයා කිව්වා මම දඹුල්ල බස් එකකට දාන්නම්, වෙන බස් ආයේ නැහැ කියලා. එයාට බැන බැන මම බස් එකෙන් බැස්සා. එ්ත් මිනිස්සු මැරෙන්න පැතුවේ නැහැ. මේ වගේ අමන වැඩ කරන මිනිසුන් රස්තියාදු කරන රියදුරන් හා ගෝලයන්, මහපොළවේ ඉන්න එක නුසුදුසුයි. පාරේ යන්නේ ඒ අයගේ වගේ... අපි ඉන්නේ ඒ අයට සල්ලි දීලා ඒ අයට ඕනේ තැන බැහැලා යන්න ඕනේ වගේ. නිවන් සුව පතමි.
“මගී එකමුතුව“ කියන කරුණ හරියටම හරි. බස්වලින් මාසෙට වතාවක් ජරාව දුන්නාම බස්කාරයෝ නිවැරදියි. අනිත් පාරෙ යන අය වැරදියි.
මේ බස් රියදුරන්ගේ බලපත්‍රය සදාකාලිකව තහනම් කළ යුතුයි. දැඩි දඩුවම්, දඩය 25000 මදි රුපියල් ලක්ෂ 2 සීමාවට නග්ගමු.
ලංකාවේ ඇති අවිනීත රියදුරන් යහමගට ගත හැකි එකම ක්‍රමය නම් දඩ මුදල් වැඩි කිරීම පමණයි.
මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් හරියට කාලසටහනට අනුව බස් ධාවනය කරනවද කියලා හරියට අධීක්ෂණය කරනවා නම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ. කොහෙද සෑම අංශයකම නිලධාරී පගාවට යටවෙලානේ.
ඉස්සර අපේ පැත්තේ රිය අනතුරු සිදුකළාම කරන්නේ රියදුරාට හොඳට නෙලන එකයි. දන්නා අය එතකොට එයාලා ඒ හරියේදී හරි හොඳට වාහන එලවනවා. දැන් රියදුරාලා පොලීසියේ හා දේශපාලකයන්ගේ අම්බැට්ටයෝ එයාලට අත තිබ්බොත් ගස්වල එල්ලලා ගුටිකන්න වෙන්නේ අපිට.., කොටින්ම පොලිසියත් එයාලට බොහොම ගරුසරුයි වගේ...
ත්‍රිවීල් පාරමැද කොටනවා කාටවත් කි.මී. 40ක තරම්වත් වේගයෙන් යන්න බැහැ. ගොඩාක් තැන්වල ත්‍රී වීල් තමයි අනතුරට හේතුව.
වව්නියා, අනුරාධපුර, යාපනය, මන්නාරම - බස් ඉතාමත් අවිනීත හැසිරීම් ඇති රියදුරන් ඉන්නේ. පොලිසියට ඒවා පේන්නේ නැහැ. හැමදාම ඔය තත්ත්වය එක වගෙයි.
මගී ප්‍රවාහන රථ සඳහා රියදුරු බලපත්‍ර දීමේදී තවදුරටත් සොයාබලන්න වෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ ආකල්ප සිතුම්පැතුම් ගැන විශේෂ පරීක්ෂණයක් කලයුතු වෙනවා.
කතා කරන්න දන්නේ නැති, කිසිම මනුස්සකමක් නැති, මාර්ග නීති අහලවත් නැති කට්ටියක් තමා පුද්ගලික බස් රථ රියදුරෝ කියන්නේ.