IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පුත්තලම ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රොවෙන් පෙරේරා

 

පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඔහුට ඇති නඩුවේ ඇප කොන්දෙසි කඩ කිරිමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා අද ( 17 ) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් යන අයයි.

2010 වසරේ ජනවාරි 16 වැනි දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වු මදුරන්කුලිය නගරයේ පැවති ජන රැළියකට ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ සිට බස් රථවලින් පැමිණෙමින් සිටි ආධාරකරුවන් පිරිසකට වත්මන් සභාපතිවරයා ඔහුගේ නිවසේ සිට කළ වෙඩිතැබීමක දී ආණමඩුව තෝනිගල පදිංචිව සිටි එවකට වයස අවුරුදු 16 ක් පමණ වු ජයසිංහ ආරච්චිගේ අනුර සමන් කුමාර නැමති අය මරණයට පත්ව තිබු බව කියයි.

අදාළ නඩුවේ ප්‍රධාන සැකකරු වු සභාපතිවරයා ඇප මත සිටි අතර එසේ සිටියදී ඉන්දුනිසායාවේ පැවති සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගී විමට පසුගිය 10 වැනි දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත්ව යාමට සුදානම් වන විට ගුවන් තොටුපළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ කරුණු සැළකිල්ලට ගත් පුත්තලම මහ අධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග  කළේය. 

ඡායාරූප - රොවන් පෙරේරා



අදහස් (7)

පුත්තලම ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්

OMG Monday, 17 September 2018 06:44 AM

පුදුමයි. නමුත් සමහර අයට ආණ්ඩුවේ රැකවරණය පිට රටින් පිට යා හැකියි.

:       1       10

වර්නන් Monday, 17 September 2018 06:58 AM

මෙවන් අයද පුත්තලම ජනතාව පත්කර තිබෙන්නේ?

:       0       4

සතයපාල Monday, 17 September 2018 07:03 AM

මේ යහාපාලන ආණ්ඩුවට තමන්ගේ ප්‍රාදේශීය සහාවක සභාපතිවරයෙක්වත් ආරක්ෂා කර ගන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නේ. අපේ කාලයේ නම් ඔහොම දේවල් සිද්ධ වෙලා නැහැ ඒ කාලයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් අත් අඩංගුවට ගන්නවා තියා කට උත්තරයක් ගන්නවත් පොලිසියට ඉඩ දුන්නේ නැහැ අපේ හාමුදුරුවන් එහෙමයි අපි රට පාලනය කරේ.

:       43       54

Bamunuarachchi Monday, 17 September 2018 07:25 AM

"ඉන්දුනීසියාවේ පැවැති සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගි වීමට" මෙයා යන්නේ මොනවා කතා කරන්නද? අධිකරණයකින් දෙන නියෝගයක් පිළිපදින්න තරම් හික්මීමක් නැති මේ ගොයියෝ පත් කිරීමෙන් අපි අතරේ පච වෙන්නේ පල් වෙන්නේ පක්ෂ නායකයින්ය. ඕනෑම කැහැටු එකෙක් ත්‍රීවීලර් එකක් ගත්තාම ඔහු පාරේ චණ්ඩියෙකි. ඒ වගේ ප්‍රාදේශීය සභාවක සභාපති වෙන ඕනේම කෙනෙක් හිතන්න. එයා රටේ නීතියට ගෝචර නොවන ඒලියන් කෙනෙක් කියලයි.

:       13       30

Uditha Monday, 17 September 2018 08:20 AM

රට පුරාම පාලකයින් බහුතරයක් නූගත් මිනිස්සු.. උසස් පෙළ අඩු තරමේ සමත් මිනිස්සු ඉන්නවද කියලත් විස්වාස නැහැ.. එහෙව් මිනිස්සු පිරිසක් තමයි රට කරන්න ඉන්නේ.. තමන්ට උසාවියෙන් යම් නියෝගයක් තියෙද්දී රට යන්න හදනකොට හිතාගන්න පුළුවන් ඒ කෙනාගේ උගත්කම ගැන.. ලංකාව විනාශවෙලා අවසන්..

:       0       6

BamunuarachchiMonday, 17 September 2018 10:47 AM

මහත්මයෝ උසස්පෙළ සමත්වීම උගත් කියන වචනයට අදාළ නැත. අපධි තිබුනත් මෝඩකම් කරන මිනිසුන් ඕනෑතරම් මට හමුවී ඇත.

:       0       11

Sarath Monday, 17 September 2018 10:27 AM

පත්කළ අයට හොද පාඩමක් මේක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site