හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ  විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්  කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද  සිල්වා මහත්මිය අද (04) නියෝග කළාය.
 
අප්‍රේල් මස 26 වැනිදා සිට මැයි මස 12 වැනිදා අතර කාලයේදී විදෙස් ගත වීමට අවසර දෙන මෙන් සැකකරු අධිකරණයට කළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කළාය.
 
වැලිකඩ ප්‍රදේශයේ සිදුකළ  රිය අනතුර සම්බන්ධයෙන්   හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් තහනම පනවා තිබිණි.
 
රුපියල් ලක්ෂ 10 ක අමතර ශරීර ඇප මත මෙම විදෙස් ගමන් තහනම  තාවකාලික අත්හිටවනු ලැබුවාය.