IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිටරට සිට පැමිණෙන පිරිසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට පැමිණ දින 14 ක් යන තුරු නිවෙස්වලම රැඳී සිටින්නැයි විදේශ රටවල සිට  ශ්‍රීලංකාවට පැමිණෙන්නන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන අතර සෙසු රටවල සිට පැමිණෙන්නන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ද ජාසිංහ මහතා සඳහන් කළේය.

එම කාලයේදී විශේෂයෙන්ම උත්සව හා සංචාර ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙස විදෙස් රටවල සිට පැමිණි අයගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය. 

ඉදිරි නිවාඩු කාලයේදී කණ්ඩායම් වශයෙන් විදෙස් සංචාරයන්හි යෙදීම හැකිතාක් අවම කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් 19 වයිරසය පැතිර යන ආකාරය අනුව ඉදිරියේදී ගත යුතු තවත් ආරක්‍ෂක පියවර වේ නම් ඒවාද ගැනීමට සූදානම් බව කී අනිල් ජාසිංහ මහතා එම වයිරසය මෙරටට ද පැමිණියහොත් නගර වසාදැමීම, ගමනා ගමන කටයුතු සීමා කිරීම වැනි පියවරයන් ගැනීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

එවැනි තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බැවින් නිරෝධායන කටයුතු ආදිය ඇතුළු ගන්නා පියවර වෙනුවෙන් සහය දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජාසිංහ මහතා කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

පිටරට සිට පැමිණෙන පිරිසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

lankasri Monday, 09 March 2020 11:35 AM

පුළුවන් හැම කෙනෙක්ම හැකිතාක් පිරිත් දෙසුම් ගෙදර දොරේ කියන්න ගෙවල් පිරිසිදු කර උදේ, සවස පිරිත් ඇසීමට සලස්වා ගන්න. භාවනා කරන්නන පුරුදු පුහුණු අය සියක් කෝටියක් සක්වලටම මෛත්‍රී වඩන්න. බුද්ධ ශක්තියේ බලයෙන් වෛරසයට ලංවීමට අපහසු වනු ඇත.

:       101       28

Darmaya Tuesday, 10 March 2020 12:39 AM

මහත්තයා, බුද්ධ ධර්මය හරියට කියවන්න. බුදුන් වහන්සේ වදාලේ කර්මය අනුව දේවල් සිදු වෙනවා කියලා. ඒ වගේම බුදුරදුන්ටත් ලෙඩ රෝග වලින් ගැලවෙන්න ලැබුනේ නෑ. ඒක ජාතක කතාවල කියනවා. ඉතින් මේ වෙලාවේ ලෝකය පුරාම වසංගත රෝගයක් පැතිරෙනකොට මිනිස්සුන්ට බේරෙන විදිහ ගැන කියන විදිහට කරන්න උපදෙස් දෙන්න. නැතුව, බුද්ධාගම මේකට ගාව ගන්න එපා. බුදුන් වදාළ පිරිසිදු ධර්මය තියෙන්නේ තමාගේ හිත නිවාගන්න. හිත ලෙඩ වන ආශාවන් දුරු කරගන්න නිවන් දැකීමට.

:       0       1

පිටිගල මිලානෝ Monday, 09 March 2020 11:46 AM

මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඉතාලිය, කොරියාව හෝ චීනයෙන් පිට වෙනත් රටක සිට එන ගුවන් යානයක එක මගියෙක්ට උණ තිබුනේ නම් ගුවන් යානයේ පැමිණි සියලුම මගීන් නිරෝධායතන මධ්‍යස්ථානයට ගෙන ගොස් සති තුනක් තබා ගන්නවද?

:       3       15

රොෂාන් Monday, 09 March 2020 04:07 PM

පිටිගල මිලානෝ, ඔයාලා වගේ අය නිසා තමයි ඉතාලියටත්, මෙහෙම වෙලා තියෙන්නේ.

:       0       0

ලියන්නා Monday, 09 March 2020 12:13 PM

මේ රජය නිරෝධායන වගකීමෙන් පැනයන්න ගන්න උත්සහයක්. මේ දෙන උපදෙස් ජනතාව ක්‍රියාත්මක කරයිද? දොස්තර සංගමේ තව දුරටත් සැඟව සිටීම හෙළා දකිනවා.

:       35       38

dama Monday, 09 March 2020 12:20 PM

එතකොට එන විදේශිකයන් හදන්න එන්නේ මේ ආණ්ඩුවද?

:       36       7

Roshan Monday, 09 March 2020 04:21 PM

අපේ මිනිස්සු මේ උපදෙස් අනුගමනය කරාවිද?

:       0       0

lalithm Tuesday, 10 March 2020 02:57 AM

ජේ ආර් කිව්වා තමාගේ ආරක්ෂාව තමන් සලසගන්න කියලා. ජේ ආර් කොච්චර දුර පෙනෙන කෙනෙක්ද?. රට පුරා කියන බන පිරිත් කිව්වා කියල වත් යාඥ කලා කියලවත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ. එහෙත් පිරිසිදු බව සහ අඩු තරමින් ලේන්සුවක්වත් පාවිච්චි කර කිවිසුම් පාලනය වැදගත්. නවීන කට්ටිය වුනත් අනිකා ගැන හිතන්නේ නැතුව පොදු ප්‍රවාහන සේවාවල් තුළදීත් නිකම් කිවිසුම් හැරීම හරිම අප්‍රසන්නයි. මුඛය ආවරණය කර කිවිසුම් හැරීම නීතියක් බවට පත් කල යුතුමයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site