IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පුජාපිටිය දෙකඩ කළාට මහා සංඝරත්නයේ විරෝධය

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කය තුළ  පළාත් සභා කොට්ඨාස  සඳහා සීමා නිර්ණය කිරීමේදී  පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඉවත් කර  එය දෙකට කඩා හතරලියද්දට  සහ අකුරණට ඈඳා තිබීම සම්බන්ධයෙන්  තමන් වහන්සේලා දැඩි ලෙස විරෝධය දක්වන බව පූජාපිටිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  හිමිවරු පවසති.

මේ සඳහා නිසි විසඳුමක්  නොලැබෙන්නේ නම් ඉදිරියේදී ජනතාව සමඟ මහ පාරට බැසීමට සූදානම් බව පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සාමාජික හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේදී උන්වහන්සේලා මෙසේ අවධාරණය කළහ.

මෙහිදී අනුශාසනාවක් කළ පූජාපිටිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය බඹරගහකන්දේ ඥාණසිරි හිමියෝ

‘පළාත් සභා සඳහා නව කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය කොට්ඨාසයට බලවත් අසාධාරණයක් සිදුව තිබෙනවා.  පූජාපිටිය  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය කියන්නේ 70,000 ක පමණ ජනතාවක්  ජීවත් වන ප්‍රදේශයක්. විහාරස්ථාන 68 ක් දහම් පාසැල් 52 ක් තියෙනවා. මේ   කොට්ඨාස නිර්ණයේදී මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි පූජාපිටිය ප්‍රාදේශිය ලේකම්   කොට්ඨාසය දෙකට බෙදලා  ග්‍රාම නිළධාරි වසම් 41 ක් හතරලියද්ද කියන  කොට්ඨාසයටත් තවත් ග්‍රාම නිළධාරි කොට්ඨාස 26 ක්  අකුරණ කියන කොට්ඨාසයටත්  එක් කරල තියෙනවා. 

මේ යා කිරීම මගින් පූජාපිටියේ සමස්ත මහ ජනතාවම සුළු තරය බවට පත් කරල තියෙනව දෙපැත්තෙන්ම.  අකුරණට ගියහම අකුරණත් සුළුතරය බවට පත් කරල තියෙනවා. හතරලියද්දට ගියහම හතරලියද්දත් සුළුතරය බවට පත් කරල තියෙනවා.  මේ තත්වය යටතේ පූජාපිටියේ පන්සල් 68 ක් නියෝජනය කරන දහම් පාසැල් 52 ක් නියෝජනය කරන  පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට මින් පස්සේ  පළාත් සභා මන්ත්‍රිවරයෙක් පත් වන්නේ නෑ. 

මේ සීමා නිර්ණය කරල තියෙන්නේ මහා සංඝරත්නය හැටියට අපෙන් අදහස් විමසලා නෙවෙයි. පූජාපිටිය කොට්ඨාසයේ පමණක් නොව මහනුවර ජනතාව වත් මේ ගැන දැනුවත් වෙලා නෑ. අපේ දිස්ත්‍රික්කයේම වැඩ වාසය කරන මහ නායක මහ නාහිමිවරුන් වහන්සේලා දැනුවත් කරල තියෙනවා. සියලුම විහාරස්ථාන නියෝජනය වන විදිහට ලිපියක් සකස් කරලා ජනාධිපතිතුමන් වෙත යොමු කර තිබෙනවා. ඒ කිසිවකට මෙතෙක් ඒ කිසිවකට මෙතෙක්  නිසි විසඳුමක් ලැබිල නෑ. 

පූජාපිටිය ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසය කියන්නේ ඓතිහාසික කොට්ඨාසයක්. ලංකාවේ තිබෙන විශාලතම ශාසනාරක්ෂක බල මණ්ඩලය තියෙන්නෙත් මෙහේ.  මේ සියල්ල නොසලකා හරිමින් මහ සංඝරත්නය සුළු තරය බවට පත් කරමින්  දෙපැත්තකට බෙදල දාලා පූජාපිටිය කියල කොට්ඨාසයක් නිර්මාණය නොකිරිම  කොච්චර අසාධාරණද කියලා ඕනැම කෙනෙකුට පේනවා.  පූජාපිටිය ශාසනාරක්ෂක බල  මණ්ඩලය විදිහට විතරක් නෙවෙයි සියලු සංවිධාන වශයෙන්  අපි යෝජනා කරන්නේ  පූජාපිටිය නමින්  වෙනම කොට්ඨාසයක් නිර්මාණය කරන්න.‘ 


ශ්‍රී ලංකා අමරපුර නිකායේ  කාරක සංඝ සභික උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ සම   ලේකම් පූජ්‍ය මාදිපොල ධම්මික හිමියෝ


මෙතෙක් හරිස්පත්තුව කියල තිබුණ මැතිවරණ කොට්ඨාසය හාරිස්පත්තුව සහ අකුරණ කියල කොට්ඨාස දෙකකට බෙදල තියෙනවා.  එයින් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට කඩලා  කොටසක්  හතරලියද්දටත් කොටසක් අකුරණටත් එක් කරල තියෙනවා. ඒක විශාල අසාධාරණයක්. පූජාපිටිය කියන්නේ ඓතිහාසික කොට්ඨාසයක්. 

හාරිස්පත්තුවේ සිංහල බෞද්ධ ජනතාවක් ජීවත් වන අවුරුදු 2000 කට වඩා පැරණි ගම්මාන මෙහි තිබෙනවා. ඒ වගේම ඓතිහාසික විහාරස්ථාන  පිරිවෙන් රැසකින්ද  දේවාලවලින්ද සමන්විත වෙනවා.  නව සීමා නිර්ණය කිරිම නිසා සිංහල  බෞද්ධ මේ ඓතිහාසික බැඳීම බිඳ වැටී තිබෙනවා. මාළිගාව හා සම්බන්ධ විහාරස්ථාන තුනක් හාරිස්පත්තුවේ තිබෙනවා. අංකුඹුර රජ මහා විහාරය, මාලගම්මන රජ මහා විහාරය සහ කළුවාන රජ මහා විහාරය.

මේ බෙදීම නිසා මේ විහාරස්ථානවලින්  කොටසක් අකුරණ කොට්ඨාසයටත් කොටසක් මෙතෙක් කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව තිබූ හතරලියද්ද කොට්ඨාසයටක් එක් වෙනවා. මහාවංශයට අනුව ඓතිහාසික පුරාවස්තූන්ගෙන් සෙල්ලිපිවලින් සමන්විත ඓතිහාසික භූමියක්. මේ ඓතිහාසිකත්වයට එ වගේම හාරිස්පත්තුව සහ පූජාපිටිය අතර පවතින දැඩි බැඳීමටත් කිසිදු හානියක් නොවන ආකාරයෙන් මේ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කළ යුතුයි. 



අදහස් (13)

පුජාපිටිය දෙකඩ කළාට මහා සංඝරත්නයේ විරෝධය

champ Monday, 19 March 2018 09:06 AM

මොනවා කියන්නද? දැන් සැපයි නේද?

:       3       254

සමන් Monday, 19 March 2018 10:37 AM

සහජීවනය අපේ හාමුදුරුවනේ... ඉවසන්න.

:       4       87

H.M Monday, 19 March 2018 09:49 AM

මේක සිංහලයන්ගේ අවාසනාව. ඕවට කතා කළොත් ජාතිවාදියෝ. නමුත් දෙමළ, මුස්ලිම් ජනතාවට ප්‍රශ්න ආවොත් ඒ මිනිස්සු, ඒ නායකයෝ එකතු වෙනවා. ලෝකෙට හරි කියලා ප්‍රශ්නෙ විසඳාගන්නවා. ඒකවත් ආදර්ශයට ගන්න ඇති. අපේ සිංහල මිනිස්සු හැමදාමත් මෝඩයෝ වගේ පාට, පක්ෂවලට රණ්ඩු වෙනවා. කොහොමත් තව අවුරුදු 10ක් වගේ වෙනකොට සිංහලයෝ මේ රටේ සුළුතරය වෙලා ඉවරයි. සෝම හාමුදුරුවෝ කිව්ව බණ දැනටමත් සත්‍ය වෙලා තියෙනවා. ඕවට ඇස්, කන් ඇරෙනකොට ප්‍රමාද වැඩියි. මමත් තව ජාතිවාදියෙක් කියලා කියයි බොහෝ දෙනෙක්.

:       16       1020

Rasi Monday, 19 March 2018 11:04 AM

දැන් මැරෙන්න හදනවා සහජීවනය හදන්න ඕනෑ කියලා. එහෙම කියලා, හැමතැනම ජාති අනුව පළාත් බෙදනවා. ඊට පස්සේ, මොනවා හරි වුනාම මහජාතියට බැණ බැණ ඇවිදිනවා.

:       4       184

chanduli lehansha Monday, 19 March 2018 11:39 AM

පූජාපිටිය විතරක් නෙමෙයි. හෙට, අනිද්දා වෙන කොට යහපාලනය රටත් දෙකට කඩන ගානට ඇවිල්ලයි ඉන්නේ...

:       1       161

Raveendra Monday, 19 March 2018 12:17 PM

අපේ මුල් පුරවැසියාට මේ විස්තරය පෙනුණද මන්දා? මොකද සෑම දෙයක්ම පත්තරෙන්නේ දැනගන්නේ.. පත්තරෙන් ඇවිත් මෙහේ නැද්ද යම් කෙනෙක්... ගන්න ගන්න මාගේ රූපේ මං අම්බරුවෙක්... නමද ගමද වයස එක්ක පීන්තූර විස්තරේ...

:       0       71

Tikiri Monday, 19 March 2018 12:20 PM

රටේ ජනතාවගේ සිතුම් පැතුම් නොහඳුනන අබමල් රේණුවක සාමාන්‍ය දැනීමක් නැති අය තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. සහජීවන නාඩගම ඉවරවෙනකොට ලංකාව තවත් සිරියාවක් බවට පත්වෙලා ඉවරයි.

:       0       239

sHEHAN Monday, 19 March 2018 02:47 PM

මොනවා වුනත් අකුරණයි, පුජාපිටියේ අන්කුඹුර පැත්තයි එකතු වුනාම මුස්ලිම් ඡන්ද පදනම ඉතා ඉහළ යනවා එම කොට්ටාසයේ. මේක හිතාමතාම වාසිය වෙනුවෙන් කරපු දෙයක්. එහෙම වුනොත් අකුරණ කොට්ටාසයේ බලය නිකම්ම ඒ අය අතට යනවා.

:       1       233

wasantha Tuesday, 20 March 2018 01:03 AM

හකීම් මහත්තයා දැනටමත් හැසිරෙන්නේ ලංකාවේ ජනාධිපති වගේ, තර්ජනාත්මකව.

:       0       22

hasitha Tuesday, 20 March 2018 01:28 AM

පුජාපිටිය කියල වෙනම මැතිවරණ කොට්ටාශයක් වෙන් කරන්න කියන ඉල්ලීම නම් ප්‍රයෝගික නැහැ. එතරම් ජනගහනයක් මෙහි නැත. නමුත් කරන්න තිබුණේ කලින් හාරිස්පත්තුවට තිබුණ වගේ හාරිස්පත්තුවේම මේක තිබීම. අකුරණ කියල මොකටද අලුත් එක්කක්. එකත් කුඩා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්. හතරලියද්ද නොකියා ගලගෙදර කියල නම වෙනස් කරන්න.

:       0       1

Saman Tuesday, 20 March 2018 03:16 AM

පුජපිටිය කියන්නේ හරිස්පතුවේ තියෙන්නේ. මේකේ UNP සංවිදායක ඉන්නේ මුස්ලිම් නායකයෙක්. එත් මේක වැඩි ජනගහනයක් ඉන්නේ සිංහල මිනිස්සු.. මේක UNP එකෙන් සිංහල සංවිදායක කෙනෙක් දාන්න ඕනි... එතකොට මෙහෙම ඒවා වෙන්නේ නැ

:       0       38

ranjith Tuesday, 20 March 2018 03:27 AM

ඔය උන්ප් එකේ වැඩක්. පුජපිටියේ UNP සිංහල බෞද්ධ නායකයන්ට තැනක් දෙන්නේ නැ.. ගිය චන්දෙත් ලිස්ට් අකෙන් පත්කරනකොට සිංහල අයගෙන් පළවෙනිය පත්කරලා නැලු නේද... හේරත් කියන එක්කනටත් කපල

:       0       23

kasun Tuesday, 20 March 2018 05:23 AM

පුජපිටියේ UNP අකේ සිංහල නායකයෙක් බිහිවෙන එක වලක්වක්විම තමා ඔය සැලැස්ම

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 58 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් යානයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 572 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ගුවන් යානයක් අද (09 ) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැට


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 465 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 129 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 341 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 1003 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1238 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 312 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site