(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබු අද (25)සවස මාතර වෙරල පාරට හදීසියේ පැමිණී පාකිස්තානූ ජාතිකයින් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුන් ඊට විරෝධය පල කරමින් පොලීසිය සමග උණුසුම් තත්වයක් ඇති කර ගත්තේය.
රතු පැහති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණී ඔවූන්ගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට පොලීසිය පළමුව උත්සාහ කළ අතර ඊට එහි සිටි පාකිස්තානු ජාතිකයින් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැදවා තිබුණේය.
තමන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවට රාජ්‍ය තාන්ත්‍රික සබදතා මත පැමිණී බවට ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.
දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර් රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරලී තිබුණි.
එම සිද්ධියෙන් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවු බව එහි සිටි පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඉන් අනතුරුව පාකිස්තානු ජාතීකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානය කර තිබුණේය.
ඒ සමගම මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණ පාකිස්තානු ජාතිකයින් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කලේය.
පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණී පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැදවා ගෙන ගියේය.
මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද අදාල පාකිස්තානු ජාතිකයින් වීඩියෝ නොකරන ලෙසට බලපෑම් කර තිබුණි.
කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මට්ටමින් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවට අදාල පාකිස්තානු ජාතිකයින් දැනුම් දී තිබුණේය.
මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පාකිස්තානු ජාතිකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානයකර තිබුණේය."... තහනම්ද?
අපොයි අපේ රටට ගිය කලක්.. මෙච්චර පොලිස් පිරිසක් ඉඳලත් ඔවුන්ව මෙල්ල කර ගන්න බැරි වුණු පොලිස් නිලධාරීන් මොකටද..?
අපේ පොලිසිය හරිම නෝන්ජල්. නීතිය සැමට එකවගේ විය යුතුයි. ඇමරිකාවේ නම් එවෙලේම කුදලා දානවා කාරෙක ඇතුළට...
Jay මහත්තයාටයි.... ඔබතුමාගේ ලංකාවේ නීතිය ගැන තිබෙන දැනීම ඉතාමත් මඳ බව පේනවා. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ප්‍රසිද්ධියේ දුම්පානය වසර දෙකක් දක්වා සිර දඬුවමකට යටත් වන වරදකි. දැන්වත් ඉගෙන ගන්න. අනෙක් එක තානාපති වරප්‍රසාද වලට මුවා වෙලා අහවල් ආගමිකයින් කරන ක්‍රියා වහා නැවැත්විය යුතුයි. මේ ඒ සඳහා කාලයයි. වහාම ඔවුන් රටින් පිටුවහල් කල යුතුයි. තානාපති මුක්තිය යනු එම රටේ නීතිවලට අභියෝග කීරිම නොවේ.
පොලිසියේ මෙහෙ නම් ගොඩක්ම ඉන්නේ පාකිස්ථානු ජාතිකයන්, නමුත් ඔවුන් නීතියට බොහොම ගරු කරනවා. ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවක් දෙනවා. ඔවුන් ඉගෙන ගත්ත අය. මේ සිද්ධියට සම්බන්ධ වන්නේ නිකම්ම බිස්නස් කාරයින් නිසා ඒ ගැන එතරම් හිතන්න එපා.
තානාපති සේවයේ කියලා වෙන රටක තමන්ට ඕන ඕන විදියට පිස්සු කරන්න බෑ. අනිවාර්යයෙන්ම හොර වැඩකට එන්න ඇත්තේ..
පාකිස්තාන් කාරයින්ට ගිය රට.. රටේ ඇඳිරි නීතිය... වෙනත් රටක මිනිසුන් කිහිපදෙනෙකු අනන්‍යතාව පරීක්ෂා කරන්න හැදුවාම කලබල කරලා. පොලීසිය නිකන්ම බලන් හිටලා. ඒ කියන්නේ පොලීසිය ඒ වෙලාවේ හැසිරිලා තියෙන්නේ තැපැල් කන්තෝරුවේ අය වගේ... අල්ලලා දෙකක් දීලා උසාවියට දක්කන්නනේ තිබුණේ. බින් ලාඩන්ව අල්ලන්න ගියෙත්, පාකිස්තානයේ ඉඳලනේ. ඔහුගේ කව්රුවත්ද දන්නෙත් නෑ මෙතරම් මුරණ්ඩු. පොලීසියට හරියට රාජකාරිය කරන්න බැරි නම්, ඔය කොටුවේගොඩ හොඳ එඩිතර සිංහල මිනිසුන් සිටිනවා.. ඒ අයට බාර දුන්නා නම්, වැඩේ හරියට කරයි. එක වතාවක් ක්‍රිකට් මැච් එකකින් ලංකාව පැරදිලා පාකිස්ථානය දිනපු වෙලේ තමන් උපන් බිමට විරුද්ධව එක්තරා පිරිසක් රතිඤ්ඤා දල්වන්න සැරසුණා. කොටුවේගොඩ මිනිසුන් එක සද්දයයි දැම්මේ... වැඩේ නැවතුණා. අර කව්ද කිව්වා වගේ මෙන්න මේවගේ වෙලාවට ඒවා වුණත් හරියට වටිනවා. ඒත්, මේ රටේ මිනිහෙක්ගේ වාහනයකට පොලිසියේ මෝටර් සයිකලයක් හැපිලා බිම පෙරලුනොත් එහෙම ඒ මිනිහා කපෝති. උස් තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ..
හ්ම් !!! කරුණාකර ඔවුන් පැමිණියායි කියන මෝටර් රථයේ අංක තහඩුව දෙස බලන්න. එහි සඳහන් "ඩී පි " යනු තානාපති සේවයේ වාහන සඳහා හඳුන්වා දී ඇති විශේෂ ලක්ෂණයක් නොවේද? තානාපති මුක්තතාවය බලපානුයේ රටක නීතිය බිඳ දැමීමට නොවේ. කෙසේ නමුදු මෙහිදී පොලිසිය අතිනුත් යම් වරදක් වී ඇතිබව පෙනෙයි. කළවරද කුමක් වුවත් නිසි පැහැදිලි කිරීමක් කර නොමැති හැඩයි. තානාපති සේවයේ උදවිය තම අනන්‍යතාවය නිසිලෙස හඳුන්වා දී පෙන්වනතුරු ඔවුන් සාමාන්‍ය පුද්ගලයකු වේ. කවුරුන් වරද කළත් දෙපැත්තේම වරදවල් නිවැරදි කර ගතයුතු නොවේද?
ඇමෙරිකාවේ අය හැසිරෙන්නේ බලු කුක්කන් වගෙයි. මෙරට මුලින්ම කරන්නේ අත්අඩංගුවට ගන්න එකයි. කතාකරකර ඉන්නේ නැහැ. ඉන්පසු තමන් තානාපති සේවයේ ඉන්න වග තහවුරු කලපසු මුදා හරිනවා. දුම්පානය තහනම් නිසා එ්කට දඩ නියම කරනවා. මේ දඩය ගෙවන්නේ නැහැ.
තවත් පුරවා ගනිල්ලා, හරක් ආණ්ඩු.
ජයා කියලා කොමෙන්ට් කරන්නේ ත්‍රස්තයෙක්. ඒකවත් තේරෙන්නේ නැද්ද?
සිංහල එවුන් බිව්වා නම් කනටත් ගහනවා.
මේ කුඩු කාරයින්වත්ද?
පාකිස්තානු පොලීසිය සමග මෙවන් ගනුදෙනු සමථයකට පත්කර ගැනීම පිළිබඳව මට හොඳ අත්දැකීම් තියෙනවා. ඔවුන් කිසිදාක මෙවන් දේ ලොකුවට ගණන්ගන්නේ නැහැ. "චායි පානි" වලට කීයක් හරි හොයාගන්න එක තමයි එයාලගේ බලාපොරොත්තුව... මෙහෙත් එහෙමයි කියලා එයාලා හිතන්න ඇති...
ගෝඨාභය හිටියනං මෙහෙම වෙන්නෙ නෑ. කොහෙද ඉතින් සිරිසේනට කොන්ද පණ නෑනෙ...?
එහෙම කොහොමද? අත් අඩංගුවට ගන්න තිබ්බේ පොලිසියේ රාජකාරියට බාධා කළා කියලා. තානාපති කතා වැඩක් නැහැ. රටේ නීතියට පිටින් යන්න බැහැ. නම් ගම් ගත්ත නම් වීසා කැන්සල් කරලා රටෙන් පිටට දාන්න ඕනේ.
ඉහළ තානාපති නිලධාරීන් මෙහෙම හැසිරෙන්නේ නැහැ. ඔවුන් උගත් අය. මේ සාමාන්‍ය මිනිසුන්. කොහොම වුණත්, අනන්‍යතාව ඔප්පුකරේ නැතිනම්, පොලීසියට තිබුණේ අධිකරණයට ඉදිරිපත් කිරීමටයි. තානාපති වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කරාට එහෙනුත් දඬුවම් ලැබෙනවා. අපරාදෙ අත හැරියේ.
කෝ අනේ අපි පත් කරගත් සිංහයා?
"පොලිසියේ මෙහෙ නම් ගොඩක්ම ඉන්නේ පාකිස්ථානු ජාතිකයන්, නමුත් ඔවුන් නීතියට බොහොම ගරු කරනවා. ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවක් දෙනවා. ඔවුන් ඉගෙන ගත්ත අය. මේ සිද්ධියට සම්බන්ධ වන්නේ නිකම්ම බිස්නස් කාරයින් නිසා ඒ ගැන එතරම් හිතන්න එපා." මොට්ට කතාවක් ඒක. මැදපෙරදිග රස්සාව කරන පාකිස්තානු ජාතිකයින් පරිස්සමින් සහ නීතියට රස්සාව කරනවා පොලිස් කාරයෙක් වුණත්. "නිකම්ම බිස්නස් කාරයින්" නිසා ලංකාවේ පොලිසිය වල්ගේ කකුල්දෙක මැද්දේ ගහගෙන නීතිය අමතක කරපු එක සම්පූර්ණ වැරදියි.
සත්තු වගේ හිටපු අයට නිදහස ඇති රටකට අාපුවම ඔවුන්ට එ්ක දරාගන්න බැහැ. පාකිස්තානුවන් ගිය හැම තැනම කාලා තමයි එන්නේ... එංගලන්තයටත් වෙලා තියෙන්නේ එ්කමයි කියලා මගේ මිත්‍රයෙක් කිව්වා.
කොයි රටේ ඉඳලා ආවත් ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට ගරු කරන්න ඕනෑ. ඉතින් ඇයි මේ අයව නිදහස් කලේ මෙච්චර දේවල් කරලත්...?
සමහර අන්තවාදී ආගම් අදහන උදවිය හැසිරෙන විදිය අදාළ ආගම් වල ඉගැන්වීම් අනුව සිදුවන බව අපි තේරුම් ගෙන කටයුතු කරන්න ඕනෑ. ලංකාවේ මෙතරම් නිදසුන් දකින අපි මොකටද බුරුලක් දෙන්නේ? එක පාරක් නීතිය පහදලා දුන්නට පස්සේ තවත් ඉවසන්න අවශ්‍ය නැහැ. නීතිය සැමටම සමානව ක්‍රියාත්මක වන රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒකයි.
පොලීසිය කල්පනාකාරීව තමයි මේවට මැදිහත් වෙන්නේ... මොකද මේ අය මොන දේශපාලුවාට කප්පන් දීලද දන්නේ නැහැ... මේ විදියට රටතුළ සැරිසරන්නේ? මතකයිනේ ස්විස් නංගිගේ කතාව... දැන් කෝ එයා? කාටත් අමතකයි.
"පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැඳුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැඳවාගෙන ගියේය". කවුද ඒ?
මේ දම්පාට ටී ෂර්ට් ඇඳන් ඉන්නේ පොලිස් නිලධාරින්ද පොහොට්ටුවේ නිලධාරින්ද?
රාළහාමිලා ඔක්කොම ගෝරනාඩු අහිංසක අපිට තමයි. රටේ ගරුත්වය රැකගන්න. ඔහොම හිඟන්නන් වගේ ඉන්න එපා පිටරට අය ඉස්සරහ... ඉංග්‍රීසි කතාකරන්න දන්නේ නැතිනම් 2 වරක් නොහිතා කුදලාගෙන යන්න.
දෙකක් ඇනලා කූඩුවට දාන්න.
මේ අය බංගලි වගේ..කෝ මුඛ වාඩම්? ... ලංකාවේ කගේ හරි දේශපාලන බලය මෙයාලට දීලා ඇති. ඒකනේ අපේ දේශපාලකයෝ වගේ නටන්නේ.
අපි මොන රටක හිටියත් ඉන්න රටේ පොලිසියට ගරුකරන්න ඉගෙනගන්න ඕනේ. සක්කිලි විදියට හැසිරෙනවා නම් රාජ්‍යතාන්ත්‍රික වුණත් දඬුවම් දියයුතුමයි..
මේ අය හිතාගෙන ඉන්නේ තානාපති ළඟ වැඩකරා කියලා මහා ලොක්ක කියලා, ඕකට තමයි කියන්නේ මෝඩකම කියලා, ඔවුන් කොහොමත් හරි පණ්ඩිත අය, අල්ලලා රිමාන්ඩ් කරා නම් හරි...