(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේදී හෙට (5) පැවැත්වීමට නියමිත ‘අයවැය’ අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පක්‍ෂය කුමන තීරණයක් ගත්තද තමන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදීද තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් එයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බව කී මන්ත‍්‍රීවරයා මෙවර එම තීරණය වෙනස් කිරීමට කිසිදු හේතුවක් තමන්ට නැතැයි ද සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ දෙනා අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරන්නේ නම් තමන් වඩාත් කැමති බව කී ඩිලාන් පෙරේරා මහතා අයවැයේදී ඡන්දය භාවිතා කරන ආකාරය මත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින සාකච්ඡා බිඳ නොවැටෙන බව ද කීවේය.
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අයවැයෙන් ආණ්ඩුව පැරදවීම කළ නොහැකි විය වුවත් ජනතාවට බොරු පොරොන්දු රැසක් දී ඇති එයට විරෝධය දැක්වීම කළ යුතු බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ කිහිපයක් ද මෙවර අයවැයෙහි අන්තර්ගත බැවින් එයට විරුද්ධවීම සාධාරණද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ප‍්‍රශ්න කරන බව කී මන්ත‍්‍රීවරයා එය ගැටලූවක් කර නොගත යුතු බව ද කීවේය.
මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටි සමයේත්, තවත් අවස්ථාවලදීත් මෙවැනිම තත්ත්වයක් ඇතිවූ බව කී මන්ත‍්‍රීවරයා එම අවස්ථාවේදී පක්‍ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බව ද කීවේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතාගෙන්ද ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබද මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ එය ඡන්දය විමසන අවස්ථාවේදී බලාගත හැකි බවයි.
අයවැයට විරුද්ධව ඡන්දය දීම කෙරෙහි පක්‍ෂය යොමු කරවීමට කළ හැකි සෑම දෙයක්ම කරන බව ද එස්.බී දිසානායක මහතා කීවේය. පක්‍ෂය සමඟ එක්ව කටයුතු කිරීම තම අපේක්‍ෂාව වුවත් එක්ව සිටිය නොහැකි අවස්ථාද තිබිය හැකි බව මන්ත‍්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිදහස ලබා අවුරුදු 70 ක් ඉක්මවා සිටිමු. නිදහස ගත් කාලයට වඩා අපේ රට ඉතා පහළ මට්ටමකට පත්ව ඇත. රටේ ජනතාවටද පක්ෂ ක්‍රියා කාරයින්ටද තමන්ගේ පක්ෂයේ එවුන් රට කාදැමීම අවුලක් නොවේ. ඔවුන්ට අවුල් වෙනත් පක්ෂයක එවුන් රට කාදැමීමය... මෙරටේ පවතින ක්‍රමයට පක්ෂ පවතින තාක්කල් මේ රට හැදීම කල නොහැක....
ඔව් ඉතින් රට ගැන හරි ප්‍රතිපත්ති ගැන හරි හිතල නෙවේනේ අපේ කට්ටිය ඡන්දය දෙන්නේ.
එකෙන් වෙන්නේ සුළු ජාතික පක්ෂවල සහය ගන්න එයාලගේ කොන්දේසි වලට එකග වෙන්න ආණ්ඩුව තල්ලු කරන එක විතරයි. මෙයාල වගේ මේ රටේ කුජිත දේශපාලකයෝ එළවලා අලුත් තරුණ නායකත්වයකට රට බාර දෙමු.
මහතයෝ ඔයාලා පක්ෂ උනත් නැතත් , අපි ඔයාල 225 දෙනාටම විරුද්දය . මොකද අපිට ජීවත්වෙන්න හරිම අමාරුයි අනේ. එහෙම නැතුව ඔයාලා හිටියේ නැ කියලා අපිට තියන හොදේ මොකක්ද . ලබන ඡන්දෙදි ඔයාල වැඩි දෙනෙක්ට පිළිතුරු දෙයි ජනතාව .
කතාව හරියට ජනතාව පත්කරලා එව්වා වගේ
පත්වෙච්චද? එහෙනම් ඡන්දය දුන්නු අයගේ හඬ. පත්කරපුද ? එහෙනම් පත්කරපු හඬ.
මේ මහත්තය ඔහොම කීවට එයාගේම ගජ මිතුරන් කිහිපදෙනෙක්ම අයවැය අවසන් ඡන්ද විමසීම තියෙන වෙලාවේ පාර්ලිමේන්තුවට නොපැමිණීමටත් ඡන්ද විමසීම අවසන් වුවාට පසුව ඒ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා හමිවී මොන මොනවාදෝ කතා බස් කිරීමටත් තීරණය කර ඇති බවයි අපටනම් ආරංචි වෙන්නේ.
ඔබ කීවදේ කර තිබෙනවා සන්තෝසයි. කෝ අර අමරවීර, ජයසේකරලා... හොර වැඩ නේද වෙන්නේ? මේ සැරේ ඡන්දෙදි ගහලා පන්නමු. යූ.එන්.පී යට කත් අදින පල් හොරුන්...
තිලංග සුමතිපාලගේ ගෙදර රැස්වීම තිබ්බත් ඌත් විරුද්ධව ඡන්දෙ නොදී පැන්නා නේද?
අනේ හොදයි , විරුද්ද වෙලා ගෙදරටම වෙලා හිටියානම් රටට කරන ලොකුම සේවයක් .