(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
නෙළුම් කුළුණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ සිට එහි සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) අද (18) තීරණය කළේය.
ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු අදාළ අනෙකුත් ආයතන ඉතා ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවන බව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
COMMENTS
ඉතින් ඊට පස්සේ...?
දැන් අපිට නිවැරදිව බලාගන්න පුළුවන් කව්ද ඇත්ත කියන්නේ කියලා. මොකද මේකේ නායකයා ඔය පක්ෂ දෙකට අයිති නැති නිසා..
නියමයි. ඉල්ලන් කන්න හදන්නේ වගේ... ඇත්තමයි අපිටත් දැනගන්න පුළුවන්.. මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා...
ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා නිසා දැන් අපිට විශ්වාසයක් තියෙනවා.. කෝප් කමිටුවෙන් අඩු තරමින් කවුද හොරු කියලාවත් විමර්ශනයක් කරයි කියලා. අවුරුදු 70ක් තිස්සේ මේ දෙගොල්ලන් මාරුවෙන් මාරුවට උලා කාපු රට ගොඩගන්න අපිට දැන් තියෙන එකම බලාපොරොත්තුව ජවිපෙ විතරයි.
මේක ඕපන් කළා. සතියක් ගියෙත් නැහැ. ප්‍රශ්න පත්තරයක් වුණානේ...
දැන් ඔය කෝප් කියන මගුලෙන් දඬුවම් කරපු කවුරුවත් ඉන්නවද? කරුණු හොයනවා.. මාධ්‍ය ෂෝ තියනවා.. සද්ද දානවා.. එච්චරයි. අපරාදේ සල්ලි..
දැන් ඉතින් කුළුණ ඇති. මැද පෙරදිග අය පෙන්නන දෙයක් නැතිව ලොකු ලොකු ගොඩනැගිලි හැදුවට ලංකාවට රැකගෙන පෙන්විය හැකි නටබුන් විනාශවී යනවා. ඔය සල්ලි වලින් පොළොන්නරුවේ, අනුරාධපුරේ තව කී නොකී තැන්වල තියෙන පුරාණයේ ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට කටයුතු කළොත් හොඳයි. මම දැක්ක අනුරාධපුරේ තව අලුත් දාගැබක් හැදෙනවා. වෙන කරන්න වැඩ නැද්ද?
විමර්ශන හරියට කළොත් කෝටි 200ය, කෝටි 2000ක් ඉක්මවන්න ඉඩ තිබේවි දෝ මන්දා...!!!
කෝප් කමිටුව විතරක් මදි.. ජනාධිපති විමර්ශන කමිටුවකුත් පත්කළ යුතුමයි. එතකොට කාටත් සාධාරණයක් වේවි...
මේක හොයද්දී පරණ, ගුවන්තොටුපොළේ අත්තිවාරමේ ඒවා, වරායේ ඒවා, අධිවේගී පාරවල් වල ඒවා, ක්‍රීඩා පිටිවල ඒවා, ස්මාරක වල ඒවා, මිග් ගනුදෙනු වල ඒවා, 2015 වට පෙර බැඳුම්කර වල ඒවා, කොටස් වෙළඳ පොලේ ඒවා, ඇපලෝ හොස්පිටල් ඒවා, තරු 5 හෝටල් ගත්ත ඒවා, ඔඩෙල් ආයතනය වගේ තවත් ආයතන ගත්තු ඒවා, මෙකී නොකී තවත් ඒවා, එළියට එ්විදෝ මන්දා.. මොකද මේවා මහජන බදු මුදල් නිසා... !!!
මේක හොයද්දි පරණ ගුවන්තොටුපොළේ අත්තිවාරමේ ඒවා, වරායේ ඒවා, අධිවේගී පාරවල් වල ඒවා, ක්‍රීඩා පිටිවල ඒවා, ස්මාරක වල ඒවා, මිග් ගණුදෙනු වල ඒවා, 2015 පෙර බැදුම්කර වල ඒවා, කොටස් වෙළද පොලේ ඒවා ,ඇපලෝ හොස්පිටල් ඒවා, තරු 5 හේ හෝටල් ගත්ත ඒවා, ඔඩෙල් ආයතනය වගේ තවත් ආයතන ගත්තු ඒවා, මෙකී නොකී තවත් ඒවා එළියට එ්විදෝ මන්දා ? මොකද මේවා මහජන බදු මුදල් නිසා .....
කළුපහන මහත්තයෝ ඔබතුමාගේ කටේ මසුරන් දාන්න ඕනා. ඔබතුමා ඔය කියපු සියල්ල රට්ටු හොදින් දන්නවා. නමුත් රාජපක්ෂ වහල්ලු නොපිළිගන්න එකනේ මේ රටේ කරුමේ .
මේවා මහජන මුදල් බව වහල්ලුන්ට නොතේරෙන එක තමයි ප්‍රශ්නේ.
මේ වගේ කප්පරක් වංචා, දූෂණ හෙළිවීම වළක්වන්න තමයි සාටකයන් වේලාසනින් ඡන්දයක් තියලා දන්නා සෙල්ලම් ඔක්කොම දමලා ආණ්ඩුව තියාගන්න බැලුවේ.. නමුත් ජනතාව විසින් සාටකයින්ව පරාජය කර ගෙදරම ඇරියත් යන්නේ නැතිව ටික දවසක් අල්ලාගෙන හිටියේත් මේ කර තිබෙන හොරකම් මාට්ටුවෙයි කියන දෙයටයි. දැන් සාටකට ජනපති වෙන්න බැරි නිසා ගෝඨාව දමලා බලය අරගෙන අගමැති තනතුරට පත්වෙලා රජවෙන්නයි කතිකාවක් තිබෙනවා. 19 හරහා ඉදිරියේදී බලය හිමිවෙන්නේ පත්වෙන ජනපතිට නොව අගමැතිට කියා. සාටකගේ ප්‍රධාන අරමුණ කුමාරයාට රටේ ඔටුන්න හිමිකරදෙන්නයි. ඒ සඳහා ඔහු අත බලය තිබිය යුතුයි. කොහොමද මහා සාටකගේ උප්පරවැට්ටිය. ඕවා ඉටුවුණොත් ඉර බස්නාහිරෙන් පායයි.
කෝප් කමිටු ඕනේ නැහැ.. චෝදනා කර තිබෙන්නේ රටේ විධායකයා විස්තර හොයාගෙනයි. එහෙනම් කරන්න තිබෙන්නේ චූදිතයින්ව රිමාන්ඩ් කිරීමයි. ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව චෝදනාවක් ලබන පුද්ගලයා දින 14ක් රිමාන්ඩ් කරනවා. එම නීතිය වලංගු කෙසෙල් කැනක් කැපූ හා පොල් ගෙඩියක් සොරා ගත්තට චෝදනා ලබපු දුප්පත් මිනිසුන්ට පමණද? ඔය පොහොට්ටු අපේක්ෂකයාම කියනවා නේද රටේ තිබිය යුත්තේ එකම නීතියක් කියා..?
ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ ජවිපෙ එකේ මන්ත්‍රීවරු කොහොමද පඩි ගන්නේ නැතුව ඔහොම සැපට ජීවත් වෙන්නේ කියලා..?