(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ගුවන් කළමණාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබු ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමණාකරුවන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ අද (15) හෙළි කළහ.
මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවත් ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදුවු පාඩුවට වඩා එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදුවු බවද ඔව්හු කොමිසමට පෙන්වා දුන්හ.
2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.
එම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපතිවරයා වශ්‍යයෙන් අනිල් ගුණරත්න මහතා (විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශ්‍යයෙන් ගාමිණි අමරසේකර මහතා (අභියාචනාධිකරණ විනිසුරු) පියසේන රණසිංහ (විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු) ඇන්තනි හැරල්ඞ් ( විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) කපුගම ගීගණගේ මෙනවිය (ගිණුම් හා ප‍්‍රමිති සමික්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්) කටයුතු කරයි.
මෙම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.
අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමණාකරුවන් වන ධම්මික සේනානායක මහතා සහ ශයිලාන් නිශාන්ත හඳපාන්ගොඩ මහතා කොමිසම හමුවේ මේ බව හෙළි කළහ.
COMMENTS
බල්ලාගේ වැඩේ කරන්න බූරුවාට බාරදුන්නහම ඕක තමා වෙන්නේ....
මේ රට බේරගත්ත පරම්පරාවෙ මිනිහෙක්. කෝටියකට වැඩිය ගොඩක් වටිනවා මේ මිනිස්සු රට බේරගන්න කරපු කැපකිරීම. අපේ සල්ලි නැතිවුණ එක ගැන දුකක් නෑ. කන්න නැතුව ගහක් යට හිටියත් සැපයි.
ගුරුළු, මමත් ඔබ සමග එකඟයි. රට බේරාගත් පවුලේ නිශාන්තගේ සහෝදරීවත් එහෙම කලේ නැහැ. මස්සිනා වුනත් එමිරේට්ස් ලොක්කෙක් එක්ක තරහට ඔය විදිහට තනි ගුවන් යානයක් එංගලන්තෙට ගෙන්න ගෙන අපේ ගුවන් සේවයට පාඩු කලේ නැහැ. යාලු සජින් වුනත් මිහින් ලංකා පිහිටුවලා අපට පාඩු කලේ නැහැ. පාඩු කළා කියලා කියන අයට මම නම් කියන්නෙත් රට බේරා ගත්ත පවුලේ කට්ටිය හින්දා ඔන්න ඔහේ දෙකයි පනහක පොඩි පාඩුවක් වුනත් ගණන් ගන්න එපා කියලයි.
කෝටි ගාන වගේද රට? රට බෙරාගත්ත හින්දා කොච්චර කෑවත් කෑවත් නැත. රජකාලෙත් මස්සිනාලට තනතුරු දුන්නා.
අට පාස් කෙනෙක් එයාර් ලංකා එකේ සභාපති පුටුවට ඇවිල්ලා ගත්ත එක තීරණයකින් කෝටියක් පාඩුවෙලා නැවතුණු එක ගැන මම සන්තෝෂ වෙනවා.
එතකොට හොරකන් කරලා නැහැ...
මොනවා කිව්වත් මුළු රාජපක්ෂ පවුලම එකම කට්ටියක්... ලැජ්ජාවක් නැතිව අයත් බලයේ ඉන්න හදනවා. රෙස්පෙක්ට් පිට විශ්‍රාම ගිහින් ඉන්න.
අයියෝ කෝටියක පාඩුවක්ද? වෙරි සිම්පල්. ඇයි ලොකු ගණන් නැද්ද? අපි පමේවා ලිව්වට අදාළ පුද්ගලයෝ මේවා දකින්නේ නැතිනම් තේරුමක් නැහැ.
මෙහෙමත් පවුලක්. අරවගේ කතා කියන ඔලුව නැති මිනිස්සු ඉන්න රටක්... මෙවැනි අය ඉන්න රටක අපි ඉපදුනේ ඇයි? ඉතින් තවත් මොන කතාද?
අනේ මේ වහල්ලු රට බේරා ගත්ත කියලා තමන්ගේ බිරිඳ වුනත් දෙන්න බැරි කමක් නැහැ!
ගුරුළු කියලා කිව්වට වෙන අදහසක්නේ දීලා තියෙන්නේ.. දැන්වත් ඔය වහල්ලු වගේ කොළ, නිල්, රතු වලින් අයින් වෙලා හිතන්න උත්සාහ කරන්න බලන්න.
අයියෝ කෝටිය මොකක්ද? සහෝදර සමාගම අරන් තියෙන්නේ ට්‍රිලියන් ගණන් නේ....
අයියෝ කෝටිය මොකක්ද?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මුදල් අයථා ලෙස පරිහරණය කල බවට මෙපමණ සාක්ෂි තිබෙද්දී තවදුරත් කොමිසම් හද හද ඉන්නේ මොකටද ? වහාම මෙයාව අත්අඩංගුවට අරගන්න ඊට පස්සේ පුළුවන් පරීක්ෂණ කරගෙන යන්න , නැත්නම් මහේන්ද්‍රන් වගේ මෙයත් රට පනිවි , මෙතැනදී මොහුගේ දේශපාලන හිතවත්කම් නෙවේ වැදගත් මොහු විසින් මේ කාලය තුලදී ඩොලර් කොටි ගණනක් මහජන මුදල් විනාශ කරපු එක මොහුගේ දේපලවලින් නැවත රජයට ගන්න ඕනේ.....