(රොමේෂ් මධුෂංඛ)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් ගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත.
නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ මතයට වැඩි නැඹුරුවක් සහිතව සකස් කොට ඇති බවටත් මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලුවට ලබා දෙන විසඳුම රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් අනතුරුව එය ව්‍යවස්තාවට ඇතුළත් කළ යුතු බවත් එහි සඳහන් වේ.
එමෙන්ම එළිදැක්වූ අතුරු වාර්තාව මගින් සියල්ලන් ශ්‍රී ලාංකිකයින් ලෙස දක්වා ඇති නමුත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක් කර නොමැති බව ඔහු එහි පෙන්වා දෙයි.
නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක්ද අපේක්ෂා කරන බවට දෙමළ ජනතා සභාවේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
COMMENTS
දෙනවා කියල පොරොන්දු වුන එව්වා නැහැ නේද ? 77 දී වගේම රැවැට්ටුව නේද ?
සිංහල බෞද්ධයන් 70% ඉන්නවා නම් ඔවුන් කියන දෙය සලකා හදන එක හදන්න ඕනි ,නැතුව සුළුතර ජාතිය සලකා ව්‍යවස්ථාව හදන්න කියන්නේ 70% සිංහල ජාතිය 30%ක් ඉන්න සුළුතර ජනතාවගේ අසාධාරණයට ලක්වෙනවා කියන එකයි. හැමදාම සිංහලයන් අනෙකුත් ජාතීන්ගෙන් අසාධාරණයකට ලක්වෙනවා කියන එක දන්නේ නැතුව ලංකාවේ ජීවත් වීම ඇත්තටම පුදුමයි. ඉන්දියාවේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ බහුතරයක් ඉන්න හින්දු නොසලකා තමිල්නාඩුවේ දෙමලුන්ගෙන් අහල වෙන්න ඇති .
මේ පුද්ගලයා ජාතිවාදය වපුරන කෙනෙක් බව හැමෝම දන්නා කාරණයක්. ඒවගේම රජය ඉදිරිපත්කරන ඕනෑම දෙයකට විරුද්ධ වන්නෙක් බව ඔහුගේ ක්‍රියාවලින් පැහැදිලිවම පේනවා. [නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක්ද අපේක්ෂා කරන බව....] ඔහු ප්‍රකාශ කරන්නේ හිටපු නඩුකාරයෙක් හැටියටද ? ශ්‍රී ලංකාව ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. අපේ රටේ නීති සම්පාදනය කිරීමට තමිල්නාඩුවේ දෙමළුන්ගේ හෝ වෙන රටක හෝ ඔබවැනි නඩුකාරයන්ගේ සිල්ලර යෝජනා වලින් සත පහක හෝ ප්‍රයෝජනයක් නැත.
මේ අය වෙනම රාජ්‍ය සංකල්පයෙන් කිසිම දවසක වෙනස්වන්නේ නැහැ. නැත්නම් ඒ ළඟින් යන වචන ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕන......එතකොට තමයි මේගොල්ලෝ ටිකක් හරි කැමති වෙන්නේ.....
ඔබට සතුටුයිද දැන්?
දෙමල ජනතාවගේ ගැටළු වලට ආර්ථිකමය විසදුමක් නේ දෙන්න ඕනේ .
ඔයාලා කැමති විදියට ඉන්දියාවේ තමිල්නාඩුවට ගිහින් ඉල්ලා ගන්න. මේක සිංහල බෞද්ධ රට කියලා මතක තියාගන්න. ලෝකයේ සිංහලයට තියෙන පළමු රට..
සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සඳහා ප්‍රාදේශීය සභා අවශ්‍ය නැති බව මුස්ලිම් ජනතාව දිහා බැලුවහම පේනවා. මුස්ලිම් ජනතාව ආර්ථික,සමාජයික හා අධ්‍යාපනික අංශ වලින් හුගක් අවස්ථා වල ඉහලින් ඉන්නේ. ඒකට හේතුව ඔවුන් හොඳින් ජාතික පක්ෂ වල නියෝජනය වෙනවා. කොයි රජයක් ආවත් කැබිනට් ඇමතිවරු.ද්‍රවිඩ ජනතාවත් ප්‍රධාන පක්ෂ සමග එකතුවෙලා නියෝජනය වුනා නම් ඔය ප්‍රශ්න දැනටමත් විසදිලා.
මොනවා දීලාවත් සෑහීමකට පත්නොවන සෙනඟක්, හේතුව නටන්නේ කාගේවත් පදවලටනේ....