(ඩයනා උදයංගනී)
කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
එය ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමන් විරුද්ධව ඡන්දය ලබාදෙන බවද ඇයි කියයි.
රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද(03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදි අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ අමාත්‍යවරියගේ කේන්තිය සාධාරණ බවත් සාකච්ඡා කර ඇගේ ගැටළුවට විසඳුමක් දීමට බලාපොරොත්තු වන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රාජ්‍ය ඇමතිනි කියන්නේ වෙන රටක රජයකද ? මොකද මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ එයත් ඉන්න රජයෙන් නේද? එතකොට විරුද්ධව ඡන්දය දෙන්නේ ඇයි? ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කිව්වා නම් කොහොම හිටීවිද?
ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා රාජ්‍ය ඇමැතිනියගේ කේන්තිය සාධාරණ බව කියනවා නං, වර්තමාන රජයේ වැඩ පිළිවෙල ගැන රටේ ජනයාගේ කේන්තිය පිළිබඳව පොඩ්ඩක් හරි සලකනවද?