
(ඩයනා උදයංගනී)
‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ නැවතත් අද (07) පස්වරුවේ ගින්නක් හටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
මෙම නෞකාවේ ඉකුත් 3 වැනිදා හටගත්ගින්න ඊයේ (6) පස්වරු 3.00 පමණ වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකිවුවත් නෞකාවේ උෂ්ණත්වය හා එම ප්‍රදේශයේ පවතින තද සුළඟ හේතුවෙන් යළිත් ගින්නක් හටගන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


COMMENTS
තව ටිකදවසකින්... ඔය නැව ඔතනම දෙකට තුනට කැඩිලා ... ලොකු විනාශයක් බවට පත්වේවි.
වැඩක් අවසානයට අවසන් නොකර පොර ටෝක් දෙන එක අපේ අනන්‍යතාවයද? දුම දැමිල්ල නැවතුණාට, ගින්දරයි, පුළඟුයි තාම එකළඟ බව හිතෙන්නේ නැද්ද? ගින්න නිවන්න විදින වතුරයි, කෙමිකලුයි වලින් නැව පිරිලා ගිලා බැස්සොත් මොකද කරන්නේ?
ඔය ගින්න නිවා දැම්මා කියලා ුකිසිකෙනෙකුට කරන්න බැරි මහලොකු වීරක්‍රියාවක් කළ විදිහට පාරම් බෑවේ මොකටද?