නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත හොත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගත හැකි යැයි ධුරයෙන් නික්ම යෑමට නියමිතව සිටින මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා පවසා ඇත.
විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවෙමින් ධුරයෙන් නික්ම යෑමට නියමිත ඇමෙරිකා තානාපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා ආර්. සම්බන්ධයෙන් මහතා හමු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය ඉහත කරුණු සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරගැනීම මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගත හැකි බවත් වැඩි වැඩියෙන් ආර්ථික ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවත් තානාපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහාකත්වය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ක්‍රියාත්මක පවතින බවත් එය ද්විපාර්ශවීය සබඳතාවලට වැදගත් බවත් තානාපතිවරයා මෙම හමුවේදී තවදුරටත් පෙන්වා දී ඇත.
සාමය සහ සංහිඳියාව උදා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ අරමුණු ධනාත්මක ලෙස පැවැතිය යුතු බව මෙම හමුවේදී පවසා ඇති තානාපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබෙන ධනාත්මක ප්‍රතිරූපය උකසට ගත නොගත යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ.
තම ධුර කාලයේදී දැක්වූ සහයෝගයට ආර්. සම්බන්ධන් මහතාට ස්තූතිවන්ත වී තිබෙන තානාපතිවරයා අනාගතයේදී ප්‍රගතිය උදෙසා ශ්‍රී ලංකාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දක්වන බව ද සඳහන් කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහාකත්වය යටතේ 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ඇත්තේ මන්දගාමී ස්වරූපයක් යැයි මෙහිදි අදහස් දක්වා තිබෙන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා තානාපතිවරයාට මෙසේ පවසා තිබේ.
“අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කරන ලද්දේ බොහෝ කාලයකට පසුවයි. හානිපූර්ණ පනත තවමත් සම්මත කර නැහැ. සත්‍ය, යුක්තිය සහ සංහිඳියා මෙන්ම නැවත සිදුනොවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභා තවමත් ස්ථාපිත කර නැහැ.

COMMENTS
දැන් රට ඉදිරියට නොයන්නේ ව්‍යවස්ථාව නිසාද? රටේ ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ රටේ මිනිසුන්ට ඕන විදියට මිසක වෙන රටක තානාපති වරයෙකුට අවශ්‍ය විදියට නොවෙයි.
කියන ඒවා කලොත් අපිට රටත් නැතිවේවි. අනික අපේ රටේ ව්‍යවස්ථාව එයාලට මොකටද? අපේ රටේ ව්‍යවස්ථාව හදලා තිබෙන්නේ අපේ රටට ගැලපෙන විදිහට මිසක් ඇමරිකාවට ඕනේ විදිහට නොවෙයි.
අපේ රට බේරා ගන්න ඕන.
යන යකා කොරහ බිඳගෙනම යන්න යනවා වගෙයි. දැන් ආණ්ඩුවේ ඉන්න ඇමරිකානු ගැත්තෝ කියාවි අපි ව්‍යවස්ථාව වෙනස් කරමු ආයෝජකයෝ ගෙන්න ගන්න කියලා. ආයෝජකයෝ ගෙන්න ගන්න නම් බහුජාතික සමාගම් වලට දොස් කියන ජවිපෙ තුරන් කර දමන්න.
සරලව කියනවානම් මේ අයට ඕනා විදියට අපේ රටේ සෑම දෙයක්ම සිදුවිය යුතුයි යන්න නොවේද? මෙම අය සම්බන්ධ කිසිදු රටක් ගොඩ ආවේ නැතිබවට ලෝක ඉතිහාසයේ මෑත සිදුවීම් හොදම නිදසුන් වේ.
මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශය වූවත් එය අතුල් කේෂාප් හිතන ආකාරයේ දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන රට ජාතිවාදී පදනම මත බෙදීමකට ලක්වීමේ තර්ජනයක ලක්විය හැකි ආකාරයේ එකක් නොවිය යුතුයි. ඒවගේම එම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන මානව හිමිකම් හා ජාතින් අතර විශ්වාසය හා සමගිය රැකෙන ආකාරයේ එකක් විය යුතුය. එසේ නොවුන හොත් මේ රටට විදේශිය ආයෝජන නොපැමිනිනෙවා පමණක් නොව රටේ අනාගතයද තව දුරටත් අදුරු වෙනවා ඇත.
යන එක කටවහගෙන යන්න නැතිව කොරහත් බඳලයි යන්නේ....................
මේ ඉන්දියානු සම්බවයක් තියෙන අයට මොකක්ද තියෙන අයිතිය ලංකාවේ ව්‍යවස්ටවට ඇගිලිගහන්න? එයාගේ රටේ මානව හිමිකම් හැමදාම කඩනවා. අපිට කොන්ද පනතියෙන නායකයෙක් නැති නිසා හැමෝම රටට ඇගිලි ගහනවා
ඩුබායි කියන්නේ කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති ඒකාධිපති රටක්. අද ඇමරිකන් ආයෝජකයෝ වැඩියෙන්ම ආයෝජනය කරන ලෝකේ දියුණුම රටක්. නිකන් බයිලා ගහනවා.
දේශපාලකයන් මෙතෙක්කල් කියපුව උනානම් , ලංකාව තමයි දියුණුම රට. දැන් මට හිතෙන විදියට අන්ත දුර්වල රට ලංකාව. මම ඉන්නේ විදෙස්ගත වෙලා. විනිමය අනුපාත (exchange rate ) බැලුවම අඩුම වටිනාකම ලංකාවේ සල්ලි දෙසපලුවන්ගේ කතාවනම් දෝලාවෙන්
අපි ඉගෙනගෙන නියෙන විදිහට නම් වතුරයි තෙලුයි අතර සම්බන්ධයක් නැහැ. ඒ දෙක මිශ්‍ර වෙන්නෙවත් එකිනෙක ප්‍රතික්‍රියා කරන්නෙවත් නැහැ. විදේශ ආයෝජන සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්ය නම් අපට විදෙස් ආයෝජන නැතුවට කමක් නැහැ. මේ රට හා භෞමික අඛණ්ඩතාව ඊට වඩා දස දහස් වාරයක් වැදගත්. ඔබතුමාට ආපු පාඩුවෙම යන්න අවසරයි.
රතු අලි පැටියාගේ ව්‍යවස්ථාවේ හිල් ටික වහන්නද හදන්නේ !
එහෙනම් ඔය කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ජනතාවටත් බලාගන්ඩ සහ අවබෝධ කරගන්ඩ පත්තරේට දාමු බලන්ඩ ඕක සම්මත කරගන්ඩ පෙර.
මෙයාල රටවල්වලට දුන්නෙම දිරච්ච ලණුනේ. මේ රජය බලයට ඇවිල්ල අවටගත්තු ආණ්ඩුවෙන් රට දේශපාලන වශයෙන් අස්ථාවර කියල දැනුණු නිසා මොනතරම් ආයෝජන රටෙන් එළියට ගියාද. එහෙම ව්‍යවස්ථාවේ වෙනසක් නිසාද . එතකොට 2009 යුද්දේ ඉවරුණු ගමන් රටට ආයෝජන ගලා ආවේ කොහොමද. ඒ ව්‍යවස්ථාවේ වෙනසක් කරලද . නැහැනේ. අද රට අවශ්‍ය ස්ථාවර රජයක් නැතුව ව්‍යවස්ථා වෙනසක් නෙමෙයි .
ඔව් ඉතින් මුන්ට ඕනේ මේකේ හැමදාම ප්‍රශ්න ඇති කරන්න තමා. මුන්ගේ පැවැත්ම තියෙන්නෙ ඒකෙනේ. මුනටම හරි යන හරක් ටිකකුත් මේකේ ඉන්න එකනෙ පුදුමේ. ලොකුම පුටුවල ඉන්න උන් දෙන්නත් එහෙමනෙ.
මුන් හිතන්නේ මුන් අපේ රට පාලනය කරනවා කියලයි. අනික මේ ප්‍රකාශය රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක්.අවාසනාව
ඩොලර් ඕනෑතරම් විසිකරන්නම් මේ රට විනාශ කරනවානම්. ඕකයි කියන්නේ.
යෝජනා කොහොම වෙතත් ස්වාධීන රජයන් කිහිපයක් අතර සිවිල් යුද්ධය ආරම්භ වේවි...!!!
මේ අපි කවුරුත් දන්නා අපේ රට විනාශ කරන්න දඟලන කකුල් දෙකේ කොටියෙක්නේ.. කට විතරයි වැඩ නැහැ. කොහොමත් ඇමෙරිකා ජනාධිපති මෙයාට නටන්න දෙන එකක් නැහැ වැඩිය.
යනයකා කොරහ බිඳගෙන යන්න වගේ හදන්නේ...