(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
කතානායක අගමැති සහ විපක්ෂ නායක කැමැත්තෙන් එය කළ හැකි බවට වු එම වගන්ති ඇතුළත් කර හැදු එම කෙටුම්පතට ලංකාව මාස හයකින්වත් නොපැමිණි කමිටු සාමාජිකයකුගේ අත්සන හොරට යොදා ඇතැයි ගුණවර්ධන මහතා කීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ගැටළුවක් පිළිබඳව ඇතිවු සංවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ කීය.
දයාසිරි ජයසේකර මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත හදලා තියෙන්නේ ජයම්පති වික්‍රමරත්න සුමන්තිරන් සහ සුරේන් ප්‍රනාන්දු කියන තුන් දෙනයි. මේ කෙටුම්පතට මුලු විද්වත් කමිටුවම අත්සන් කරලා නැහැ.
මේකේ වගන්තියක් ඇතුළත් කර තිබෙනවා ජනාධිපති අයින් කරන්න, කතානායකටයි අගමැතිටයි විපක්ෂනායකටයි එකතු වෙලා පුලුවන් කියලා.
මේ පාර්ලිමේන්තුවට එකට එකතු වෙලා හැදිය යුතු ව්‍යවස්ථාව මේ තුන් හතර දෙනෙක් එකතු වෙලා කෙටුම්පතක් හදන්නේ කොහොමද? විද්වත් කමිටුව කියන එකකින් මේ දේ කරන කොට අනික් පක්ෂවලට යන කල දවස මොකක්ද? තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ඉටුකරගන්න හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අපි එකතු වෙන්නේ නෑ.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‘