(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ ගුවන් යානයක් අද (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස නවසීලන්තයේ වෙලිංටන් නුවර සිට සිංගප්පූරුව වෙත පැමිණ එතැන් සිට මෙම සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 430 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 7.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කබලෙන් ලිපට විහින් පැනලා වගේ...
කවුද අප්පා නවසීලන්තයේ ඉඳන් මේ රටට එන්නේ...?