IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නෙවිල් රෝහල රජයේ රේඛීය රෝහලක් වෙයි

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය  කර තිබේ.
 
නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යාමට නියමිතය.
 
ඒ අනුව කොළඹ නැ‍ඟෙනහිර මූලික රෝහලට (මුල්ලේරියාව රෝහලට) සමගාමීව කොළඹ නැ‍ඟෙනහිර ශික්ෂණ රෝහල ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පවත්වාගෙන යාමට අනුමැතිය ලැබී ඇත.
 
අධික ජන ඝනත්වයකින් යුත් නැ‍ඟෙනහිර කොළඹ, කඩුවෙල සහ මාලඹේ යන ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම අරමුණක් කරගනිමින් මෙම යෝජනාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා  ඉදිරිපත් කළ යෝජනාවකට මෙම  කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිව ඇත.

(36698)



අදහස් (5)

නෙවිල් රෝහල රජයේ රේඛීය රෝහලක් වෙයි

Samantha Thursday, 14 February 2019 08:35 AM

මෙය ඉතාම වටීනා තීරණයක් සහ අගය කළයුතු වැඩක්... මෙම තීරණය සමගම, කොළඹ ගිහින් වෙන රස්තියාදුව මග හරවා ගත හැකියි. සියලු අංග සම්පූර්ණ රෝහලක් මාලඹේ ප්‍රදේශයට අත්‍යාවශ්‍යයි.

:       6       413

Rohana Thursday, 14 February 2019 09:30 AM

GMOA එකෙන් අනුමැතිය ගත්තද? නැත්නම් ඕකටත් මොනවා කරාවිද දන්නේ දෙවියෝ තමයි.

:       512       106

නිමල් Thursday, 14 February 2019 10:49 AM

මහජනතාවට සෙතක් වෙනවා නම් එච්චරයි!

:       0       121

පෙරුමාල් Thursday, 14 February 2019 01:05 PM

කළ ගුණ සැලකීමක් හැටියට ඒ මනුස්සයගෙ නමවත් තියෙන්න අරින්න

:       0       405

JAYATH Monday, 18 February 2019 06:38 AM

ඔව් කරපු ප්‍රෝඩාවට, වංචාවට, අහිංසක ළමයින්ට නැති විශ්ව විද්‍යාලයක්, නැති උපාධියක් පෙන්නලා.., කරපු ප්‍රෝඩාවට නම විතරක් මදි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site