IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


‘නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් රටේ ඇති කළ යුතුයි‘-මහජන බැංකු හිටපු සභාපති

(විනීතා එම් ගමගේ)

අනාගතය ගැන අවධානය නිසි ලෙස යොමු නොවූ භයානක අවස්ථාවක රටේ ආර්ථිකය පවතින්නේ යැයි මහජන බැංකුවේ හිටපු සභාපති රුසිරුපාල තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

රටේ මුදල් සංචිත අවභාවිතා කිරීම හා වැටෙන්නට ඉඩදීමේ ප‍්‍රථිපලයක් ලෙස මේ තත්ත්වය ඇති වී ඇතැයි කී තෙන්නකෝන් මහතා රටේ තිබු මුදල් සංචිත 2016 අවසානය වනවිට ප‍්‍රබල ලෙස ක්ෂය වීමට පටන් ගත්තේ යැයි ද සඳහන් කළේය.

රාජ්‍ය ආදායමෙන් සියයට 91 ක් වක‍්‍ර හා ඍජු බදුයි. වෙන ආදායමක් නැහැ. එයින් සියයට 83 කට වැඩි ප‍්‍රමාණයක් වක‍්‍ර බදු ගෙවන සාමාන්‍ය ජනතාවගෙන් අය කරන බදු යැයි ද හෙතෙම පැවැසීය. 

අද ලෝකයේ ඇති වන හෙම්බිරිස්සාවකට වත් මුහුණ දෙන්න අපේ රටට හැකියාව නැතැයි පැවසූ තෙන්නකෝන් මහතා ඩොලරයේ  නැගීම තුළ බොහෝ රටවල් ඒකට මුහුණ දීමට ආර්ථික පසුබිම හදාගෙන ඇතත් අපේ රටේ එසේ හදා නොගත් නිසා මේ තත්ත්වයට පත්වුණේ යැයි ද කීය.  වහාම මේ අයගෙන් ආර්ථිකය වහාම ගලවා නොගත්තොත් ජනතාව ඉතා ඉක්මනින් විශාල ප‍්‍රශ්න රැසකට මුහුණ දෙන්නට  සිදුවන බව ද ඔහු කීය.

අද සිදුවන්නේ සංවර්ධන කටයුතු දෙකක් පමණක් බවත්  ඒ වරාය නගරය  හා මෙගා පොලිස් යන ව්‍යාපෘති දෙක පමණක් බවත් හෙතෙම කියා සිටියේය.  

රටේ වහාම පාලනයේ වෙනසක් ඇති විය යුතුයැයි පැවසූ ඒ මහතා  ජනතාවට ඇති කරල තියෙන විනාශය වහා මඟහැරවිය යුතු යැයි ද පැවසීය.  

මේ ආණ්ඩුව යන යකා කොරහත් බිඳගෙන යන්න යනවා වගේ පෙනෙන බවත් නිවැරදි ලෙස කි‍්‍රයාත්මක කර හැකි ආර්ථික පිළිවෙතක් සුරංගනා ලෝකවලින් බැහැරව ආරම්භ කළ යුතුයි බවත් රුසිරුපාල තෙන්නකෝන් මහතා කියා සිටියේය.

තෙන්නකෝන් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රයේ අද  (03) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි. එම කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද අදහස් දැක්වීය



අදහස් (6)

‘නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් රටේ ඇති කළ යුතුයි‘-මහජන බැංකු හිටපු සභාපති

himal Wednesday, 03 October 2018 12:43 PM

දැන් ඔය කියන නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? රටේ විදේශ සංචිත වැටෙන්නෙත් නැතුව බදු අය කරන්නෙත් නැතුව කරන්න ඕන දේ නිශ්චිතව කියන්න බැරි ඇයි?

:       1       6

BamunuarachchiThursday, 04 October 2018 10:19 AM

අපිත් බලාගෙන ඉන්නේ රට නඟාසිටුවනවා කියා බාරගත්ත අය කොරනකම්. බැරිඋනාම ගහලා දොට්ටදාමු.

:       0       0

sena Wednesday, 03 October 2018 02:10 PM

එතකොට රුපියල වැටෙන්න දෙන්නේ නැතුව බේරාගත්ත ජගතා කව්ද රට බාරදෙන්න....?

:       3       2

Perera Wednesday, 03 October 2018 06:34 PM

ලංකාවේ තියෙන එකම ප්‍රතිපත්තිය තමයි මැති ඇමතිගොල්ලන්ගේ වරප්‍රසාද වැඩි කරගැනීම. වෙන කිසිම ජාතික ප්‍රතිපත්තියක් තියෙනවද??

:       0       0

Bamunuarachchi Thursday, 04 October 2018 10:23 AM

බැංකු සභාපති කියන්නෙත් මෙරටේ තිබෙන්නේ වැරදි ආර්ථිකයක් බවයි. ඉතින් තව මොනවද කතා.

:       0       0

somapala Friday, 19 October 2018 06:20 AM

මෙයා බැංකු සභාපති වෙලා ඉන්න කාලයේ තිබුණ ආණ්ඩුවට මෙවෙනි උපදෙස් දුන්නද? ඒවාට ආණ්ඩුව කන් දුන්නද? මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොඹ මන්ත්‍රී වරයෙක්. අපි දන්නවා ඔලුවේ තියෙන්නේ මොනවාද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site