රංජිත් රාජපක්ෂ සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි
නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්‍ෂයක් පැහැරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි.
අද උදේ ත්‍රීරෝද රියකින් පැමිණී දෙදෙනෙකු නුවරඑළිය උද්‍යාන පාරේදි ලොරි රථය හරස් කර රියදුරාට සහ එම ඒජන්සියේ මුදල් රැගෙන ගිය අයකැමිට මිරිස් කුඩු ඉස මුදල් සහිත බෑගය රැගෙන නුවරඑළිය නගරය දෙසට පලා ගොස් ඇති පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළින් සම්බන්දයක් අනිවාර්යයෙන්ම ඇති.
බල බලා ඉඳල හරියන්නේ නම් නෑ. ජනාදිපති කොමිසමක් පත්කරලා හොරකම කරපු අයව හොයා ගමු. වාර්තාව ආවාට පසුව නිතිපති දෙපාර්තමීන්තුවට දාලා නඩු දාන්න කියල සුදුසුද කියල හොයල බලලා.....
කොහොමත් හොර සල්ලිනෙ.
ඡන්දෙ ලඟයි , හොරකම් වැඩියි , නීති ගරුක අය පත්කරගන්න කාලය ලඟයි . ඒ අය පත් වෙලා ඇවිත් නීතිගරුකව පාලනය කරවී .
මේක ඇතුලේ වැඩක්
මෙවැනි සොරකම් බොහොමයක් සිදුවන්නේ ඇතුලෙම සම්බන්ධතා වලින්.
මහා බැංකු මන්කොල්ලයෙන් දසම බාගයක් වත් නැහැ
කරුණාකර මහා බැංකු පැහැර ගැනීම සහ මෙම පැහැරගැනීම අතර වෙනස්කම දක්වන්න පුලුවන්ද? ?
වැඩේ වැරදි ඇති. දුම්වැටි අලෙවි කරල හොයපු සල්ලි . මිනිස්සු ලෙඩුන් කරලා හොයපුව