IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

 (අංජුලමහික වීරරත්න)

 

මහින්ද රාජපක්ෂ  මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපෘතිය සඳහා චීන සමාගමකින් ඩොලර්  මිලියන 7.6 ක අල්ලසක්  ලබා දීම සම්බන්ධයෙන්  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් දෛනික පාර්ලිමේන්තු විවාදයක්  ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසිය.

 

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට  අනුව ලබන පාර්ලිමේන්තු සතියේදීම මෙම විවාදය ඉල්ලා සිටින බව කී  මන්ත්‍රීවරයා  මේ පිළිබඳව කන්දේ ලන්දේ කතා කරනවාට වඩා  පාර්ලිමේන්තුවේ කතා කිරීම සුදුසු බව  එක්සත් ජාතික පක්ෂයේ මතය බවද කීය.

 

කඩපිල් ගානේ ගොස් මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන  පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට  තම නිර්දෝෂි බව ඔප්පු කර ගැනීමේ හැකියා තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

 

නායකයින් ප්‍රශ්නවලට  උත්තර දිය යුත්තේ රාජ තාන්ත්‍රික  අයුරින් මිස හන්දි ගානේ ගොස් බෙල්ල කපා ගන්නවා  යනුවෙන් පැවසීමෙන් නොවන බවද මන්ත්‍රීවරයා කිය.

 

 පිටකෝට්ටේ  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 

 

(ඡයාරූපය -  ඉෂාන් සංජීව) 

 

 

 

 



අදහස් (12)

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Lapaya Monday, 09 July 2018 09:16 AM

තව ටික දවසයි. වාද විවාද කර කර හිටියම හරියයි. දියවන්නාවේ ඉන්න අයට ඇරෙන්න රටේ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. උද්ඝෝෂණ හැමදාම, බදු බර අහසට උඩින්, ආර්ථිකේ අසුචි මහා නරකාදියට ගිහින්, රටේම තියන සම්පත් විකුණගෙන එදා වේල හොයා ගන්න ආණ්ඩුව, ඉතුරු වෙලා තියන දවස් ටිකට වත් රටට ඵලදායි වැඩක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ... මොනවා කරත් ඊළඟ මැතිවරණයෙන් දැන් පාලනේ ඉන්න සියලු සත්වයින්ට අබසරණයි කියලා හිතේ තියාගත්තොත් හොඳයි..

:       0       506

samanMonday, 09 July 2018 10:32 AM

හැමදාම බොරු කිය කියා මිනිස්සු රවට්ටන එක තමයි කරන්නේ. ඔය දීලතියනවා කියන ඩොලර් මිලියන 7.6 ගැන විවාද කරලා වැඩක් තියනවද? ඔය සමාගම හම්බන්තොට වරායෙ අන්තිම වාරිකය පහුගිය මාසෙ ගෙව්වෙත් කොළඹ කොටුවේ තියන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ගිණුමෙන්ම තමයි. මහබැංකුවේ මුල්‍ය විමර්ශන අංශයට ඔය ගිණුමෙන් කරපු ගනුදෙනු හොයාගන්න දවස් දෙකක්වත් යන්නේ නෑ. එ්ක කරන්නේ නැතුව බොරුවට කියව කියවා ඉන්නේ මොකද කියලා හිතාගන්න පුළුවන්නේ...

:       0       320

Rathnasiri Monday, 09 July 2018 09:39 AM

අනේ මෙයාලට වැඩක් නැතිවට හොරු අල්ලන්න කලින් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හොයපල්ලා. රටේ තිබෙන මූලික ගැටළු දන්නේ නැතිද? 225ට නඩත්තු මුදල්වලට හරියන්න වැඩක් කරන්න දන්නේ නැති මොට්ට රැල එනසැරේ පන්නනවා.

:       0       339

GAMAGE London Monday, 09 July 2018 10:43 AM

එක ඇත්ත. මේ අයට ගහන්න මඩු වලිගෙ හොද වැඩි. බුදු සරණයි මගේ රටට.

:       0       266

Raveendra Monday, 09 July 2018 12:15 PM

කවුරු මහජන දේපළ හොරකම් කලත් ඒ සදහා ජාති ජාතිත් වන්දි ගෙවනවා ගෙවනවාමයි. එසේ හොරකම් කලේ කෑවේ නිල්ද, රතුද එසේත් නැත්නම් කොළද අදාළ නැත.

:       0       56

EsalaMonday, 09 July 2018 01:21 PM

7.6 ගත්තම කියමුකෝ... මෙතන වෙලා තියෙන්නේ මහ බැංකුවේ වගේ මහජන මුදල් හොරා කෑමක් නෙමෙයි නේද? විදේශ විනිමය ලංකාවට ගෙන ඒමක් විතරයි ඡන්ද වැඩට. ඉතින් වැරද්දක් තියනවද.? දැන් කියයි මේක වරාය හදන්න දීල ගත්ත කොමිස් මුදල් කියලා. ඒ සල්ලි ගත්තේ වරාය හදන්න දීපු දවසේ මිසක් ඡන්දෙ දවස්වල නෙමෙයි.

:       1       198

Raveendra Monday, 09 July 2018 12:19 PM

අනේ මල්ලියේ ... අම්මපා කොහෙන්ද ඔය කතා කරන්නේ හැබෑවටම... මලයනම් හැබෑම හැබෑ දක්ෂයෙක්. මොකද වසුරු පිටකරන පැත්තෙන් කතා කරන එකත් ලෙහෙසි පහසු නැහැ.

:       143       109

සතයපාල Monday, 09 July 2018 12:55 PM

ඩොලර් මිලියන 7.5 කියන්නේ සුළුපටු ගාණක් නොවේ අනිවාර්යෙන්ම මේ ගැන හොයා බැලීය යුතුයි. මහා බැංකු හොරකම ගැන විවාද කළා සේම මේ ගැනත් විවාද කර රටට ඇත්ත හෙළිකළ යුතුයි. සමහරුන්ට නම් මේ විවාදය ඉල්ලන විටම පුදුම ආමාරුවක් හා වේදනාවක් පහල වෙලා තියනවා. හැබැයි ඒ වහල් මානසිකත්වය මේ රටේ බහුතරයට නැති බව ඔවුන් අවබෝධ කරගත යුතුය.

:       315       0

SakwithiMonday, 09 July 2018 02:37 PM

සත්‍යපාල, මහින්දව යවලා ඔයාලගේ මේ ලස්සන පාලනය ගේන්න ඇමෙරිකාව ඩොලර් මිලියන 100ට වඩා ඔයාගේ හාමු මහත්වරුන්ට දීලා තියෙනවා කියලා හිතපු රාජ්‍ය ලේකම් එළි කළා. ඒවට කතා නැහැ.

:       0       325

senarath Monday, 09 July 2018 01:04 PM

2015 ඒවා සොයන්න කලින් 2010 දී රනිල් වෙනුවෙන් ආපු ඩොලර් කන්දරාව ගැන සොයන්න වුවමනාවක් නැතිද? ඒවා ලැබුණු බවට සාක්ෂි පමණක් නෙමෙයි ඒ මුදල් වලින් කොටසක් බැංකු සේප්පු වල තිබිලා සොයාගත්තා. තව කොටසක් තවම අධිකරණය බාරයේ තියෙනවා. එ්ක නිදහස්කරලා දෙන්න හිටපු අධිකරණ ඇමති, ඒ මුදල් ලැබුණු විදිය ඔප්පු කරන්න කියපු නිසා අදටත් අධිකරණය බාරයේ තියෙන්නේ. ඒ මුදල් නම් රටට එව්වේ රට බෙදා කොටියට දෙන්න පරමාර්ථයෙන්....

:       0       206

Sanath Monday, 09 July 2018 08:22 PM

මේ මන්ත්‍රීතුමාගේ කටහඬ හොඳටම ගැලපෙන්නේ පේමන්ට් එකේ තෙල් බෙහෙත් විකුනන්න.

:       0       0

ranesh Tuesday, 10 July 2018 06:18 AM

සද්ද නැතිව ඉමු. මේ එක්කෙනෙක්වත් ආයෙත් පාර්ලිමන්තු යවන්නේ නැතිව ඉමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site