(බිඟුන් මේනක ගමගේ )
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය රටට අවාසියක් වන පරිදි චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යවසායකයකු වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ ගනුදෙනු කර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණිලි කරන බව සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම පැමිණිල්ල කරන බව රාමනායක මහතා කීවේය.
නිව්යෝක් ටයිස්ම්ස් පුවත්පතේ පසුගිය 25 වැනිදා පළ වූ මෙම ලිපිය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන අතර පසුගිය දශකය තුළ චීනය විසින් සහාය දෙනු ලැබූ වරාය ව්‍යාපෘති 35 ක් ඇතැයි ද චීනය ඒවා මගින් රාජ්‍යන්හි ආර්ථික හා ආරක්ෂක බලය සියතට ගැනීම ක්‍රමානුකූලව කර ඇතැයි එම ලිපියේ අන්තර්ගත විය.
රටවලට ණය දීම මගින් බලය තහවුරු කරගැනීමේ චීන න්‍යාය පිළිබඳව ශ්‍රී ලංකාව යනු විචිත්‍රවත් උදාහරණයක් යැයි ද චීන වරාය ඉදිකිරීම් මුදල්වලින් විශාල ප්‍රමාණයක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණයට වැය කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ජනාධිපතිවරනේදී මෙයත් පොහොටුවේ ඉදිවී වගේ ....
රට සංවර්ධණය කරනවා යයි කියමින් කෙරුවේ ඕක තමයි. අන්තිමට වෙච්ච සංවර්ධණයකුත් නැහැ අපිව ලෝකයටම ණයකාරයෝ කලා.
එතකොට දැන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ සල්ලි වලින් කට්ටිය දේශපාලනේ කලා කියල අතටම අසු වුණා. දැන් මේක ගියාද ඔය ඇමෙරිකන් පත්තරේ නෑ. මේක එක පක්ෂෙක ප්‍රශ්නයක් නෙමේ. අපි දැනගන්න ඕනේ මොන පක්ෂේ හිටියත් රටට වැඩක් කල සහ කරන්න පුළුවන්, හොරකන් නොකරන අය විතරක් පාර්ලිමේන්තුවට යවන්න.
විසිල් විතරයි තවමත් බල්ටියක් නම් දැක්කේ නැහැ .
රන්ජන්ට සිනමා කර්මාන්ත ඇමතිකම දීලා අවුරුද්දකට රුපියල් කෝටි 1000 ක් අය වැයෙන් වෙන්කලා නම් ලාංකික සිනමාව 1970 වගේ සුපිරි තත්වයකට ගන්න පුළුවන් වෙයි.
රන්ජන් මහත්තයෝ , බැදුම්කර වංචාවෙන් සල්ලි ගත්ත 118 දෙනා ගැනත් FCID එකේ පැමිණිල්ලක් දාන්නකෝ.
ආර්ථික හා යුදමය අතින් දුර්වල රාජ්‍යයන් අල්ලගන්න බලවත් රාජ්‍යයන් ගහන ප්ලැන්වල ඉත්තෝ වෙලා ඉන්නේ අපි. මේවා තේරුම් යන්න තව අවුරුදු ගානක් යාවි. එතකොට පමා වැඩියි. අනාගතේ ඉතිහාස පොත් කියවන ළමයි තේරුම් ගනීවි කවුද දේශප්‍රේමින් , කවුද දේශද්‍රෝහීන් කියලා.
මේකේ ගොඩක් අදහස් දාන මිනිසුන්ගේ බුද්ධිය ගැන පුදුම හිතෙනවා. රන්ජන් මෙහෙම දෙයක් හරි කරන එක කොච්චර හොඳද?
මේ යෝධයා අරලියගහ මන්දිරයේ ටොයිලට් එකත් චෙක් කළානේ..
මෙයාගේ ඇත්තේ සංදර්ශන පමණි. පුලුවන්නම් ආණ්ඩුවේ ඉන්න අය ගැන බොරුව නැතුව ක්‍රියාත්මක වන්න. මඩ අපහාස නවතා සත්‍ය වෙනුවෙන් වැඩ කරනු.
ශාන්ට නම් මුත්‍රා යන්න ලං වෙලා වගෙයි. මේ කොලම් එක නම් අපිරිසිදු කරන්න එපා, තංගල්ල පැත්තෙන් වත් සුදුසු තැනක් හොයාගන්න!