(ඩයනා උදයංගනී)
චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ දී තමන් වෙනුවෙන් කිසිදු මුදලක් පරිත්‍යාග නොකළ බවත්, නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ ලිපිය වගකීමක් නොගෙන කළ මඩ ගැසීමක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙයට අවශ්‍ය කරුණු ලබාගත්තේ ආණ්ඩුවේ විමර්ශනයකින් බව එම ලිපියේම සඳහන්ව ඇති බවත්, වත්මන් රජය බලයට පත්වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩගැසීම හැර කිසිවක් කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
මාධ්‍ය නිවේදනය
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලවී ඇති චෝදනා
පසුගිය සඳුදා “චීනය ලංකාවෙන් වරායක් ලබා ගත් හැටි” යන මැයෙන් ලිපියක් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවිය. අපගේ විරුද්ධවාදීන් පසුගිය දින ගණනාව පුරාම මේ ලිපිය අලලා මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි ඉදිරිපත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හා ජනාධිපති විමර්ශන කොමිසම් ඉල්ලා සිටින ආකාරය අපි දුටුවෙමු.
මෙකී නිව්යෝක් ටයිම්ස් ලිපියේ තිබුණු ප්‍රධාන චෝදනාව වූයේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් මට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදුන් බවයි. මේ චෝදනාව සැබවින්ම පදනම් වී තිබුණේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි මාසයේදී රොයිටර් පුවත් සේවය විසින් පල කරන ලද ප්‍රවෘත්තියක් මතය.
ඒ රොයිටර් වාර්තාව පලවන විට අලුතෙන් බලයට පැමිණ සිටි යහපාලන ආණ්ඩුව ලංකාව තුළ චීන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සියලුම ව්‍යාපෘති අත්හිටුවා, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරතව සිටි චයිනා හාබර් සමාගම ඇතුළු ලංකාවේ ක්‍රියාත්මක වූ සියලුම චීන සමාගම් වල ලියවිලි සහ ගනුදෙනු විමර්ශනයට ලක් කරමින් සිටියේය. අවුරුදු එක හමාරක පමණ විමර්ශනයකින් පසු කිසිදු වැරදි ගනුදෙනුවක් සොයාගත්තේ නැති තැන, වත්මන් ආණ්ඩුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත වතාවත් චයිනා හාබර් සමාගමට ලබාදෙන ලදී.
චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කලේ නැත. මගේ ‘සගයන්’ හා ‘මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට’ එම මුදල් ලබා දී ඇති බවත්,‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය’ විසින් අදාල චෙක්පත් අරලිය ගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීවද,නිව්යෝක් ටයිම්ස් පුවත්පතමේ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද යන කාරණා සම්බන්ධයෙන් සිතා මතාම අපහැදිලි වදන් භාවිතා කොට ඇත.
මෙය වගකීමක් නොගෙන මඩ ගැසීමේ ක්‍රමයක් හැටියට අපි දකිමු. කොළඹ වරාය ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු තබාගෙන සිටින ප්‍රධානම ව්‍යාපෘතිය බව වත්මන් අගමැතිවරයාද පවසා තිබේ. චයිනා හාබර් සමාගම විසින් මගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් යොදවා තිබුණේ නම් ඔවුන්ට කිසි දිනක වරාය නගර ව්‍යාපෘතිය නැවත නොලැබෙන අතර හම්බන්තොට වරාය බදු ගැනීමට ලංසු ඉදිරිපත් කිරීමටද ඉඩ නොලැබෙනු ඇත.
නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුනු ඔවුන් ලබාගත්තේ ‘ආණ්ඩුවේ විමර්ශනයකින්’ බව එහි සඳහන් වේ. මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොදින් දනී.
නිව්යෝක්ස් ටයිම්ස් ලිපියේ චීනයට එල්ලකර ඇති තවත් බරපතල චෝදනාවක් වන්නේ මේ වරාය සාර්ථක නොවන බවට සියලුම ශක්‍යතා වාර්තාවල සඳහන්ව තිබියදීත්, ශ්‍රී ලංකාව ණය උගුලක හසුකර ගැනීම සඳහාම චීනය හම්බන්තොට වරාය ව්‍යාපෘතියට මුදල් යෙදවූ බවයි. මෙහි කිසඳු සත්‍යතාවයක් නැත. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පළමු ආණ්ඩු කාලය තුළ හම්බන්තොට වරාය සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ලෝකයේ ප්‍රධාන පෙලේ ඉංජිනේරු උපදේශන සමාගමක් වෙනඩෙන්මාර්කයේ ‘රැම්බෝල්’ සමාගම යෙදවීමට සිටියද එය පටන් ගැනීමට පෙර එම ආණ්ඩුව පෙරලුණි.
ඉන් පසුව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවකැනඩාවේ ‘එස්.එන්.සී ලාවලින්’ සමාගම යොදවා මේ වරාය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කල අතර, එහි වාර්තාව 2003 ජුනි මාසයේදී නිකුත් විය. ඉන්පසු 2004 දී දෙවනි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ මංගල සමරවීර ඇමතිවරයා මේ වරාය සඳහා ශක්‍යතාඅධ්‍යයනයක් කිරීමට නැවත වතාවක් ඩෙන්මාර්කයේ ‘රැම්බෝල්’ සමාගම යොදවනු ලැබූ අතර ඔවුන්ගේ වාර්තාව 2007 දී සම්පූර්ණ කරන ලදී. ඒ අනුව වෙනස් ආණ්ඩු දෙකක් යටතේ කරන ලද ශක්‍යතා අධ්‍යයන දෙකක් විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම නිර්දේශ කොට තිබුණි.
හම්බන්තොට වරායේ අදියර I සහ II හා තෙල් ටැංකි සංකීර්ණය යන සියල්ල ඉදි කිරීම සඳහා ගත් මුලු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,322 ක් පමණ වේ. මෙහි මුල් ඇ.ඩො. මිලියන 307 කලින් සහනදායි පොලියට ලබාගෙන, ඉන්පසු වසරකට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට වෙනස් කල බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කර ඇත.
ඔවුන් මෙයින් අදහස් කලේ ඒ අකාරයට පොලිය වෙනස් කිරීම පසුපස කුමක් හෝ අක්‍රමිකතාවයක් තිබෙන බවයි. නමුත් එහිදී සැබවින්ම සිදුවූයේ එම මුල් ණය මුදල ‘ලයිබෝ’ දර්ශයකට අමතරව තවත් 0.75% ක් යන පදනම යටතේ ලබාගෙන තිබීමත්, ඒ කාලයේදී ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනු සිදු වෙන පොලී අනුපාතය වන ලයිබෝ දර්ශකය සීඝ්‍රයෙන් ඉහල ගොස්, එම මුල් ණය මුදලේ සැබෑ පොලී අනුපාතය 6.5% දකාවා වැඩිවීම හේතුවෙන් තවදුරටත් එය වැඩි වීම වැලැක්වීමට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට නැවත කතිකාකර ගැනීමයි. නමුත් හම්බන්තොට වරාය සඳහා ඉතිරි ඇ.ඩො. මිලියන 1,000 ගෙන ඇත්තේ 2% සහනදායි පොලියටය.
මීට වඩා අඩු පොලියකට වෙනත් රටකින් ණය ගැනීමට තිබුණ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කීවද, ව්‍යාපෘති ණය ගැනීමේදී සැලකිල්ලට ගනු ලබන එකම නිර්නායකය වන්නේ පොලී අනුපාතය නොවේ. මෙවැනි ද්විපාර්ශවික ගනුදෙනු වලදී ණය ලබාදෙන රට විසින් කොන්ත්‍රාත් කරුවාද නිර්දේශ කරන අතර කොන්ත්‍රාත්කරුවා ඉල්ලන මුදලද මෙහිදී සැලකිල්ලට ගතයුතු වේ.
ඒ අනුව ලංකාවට වඩාත්මක වාසිදායක වූයේ චීනය සමඟ ඒ ගනුදෙනුව සිදු කිරීමයි. ‘රැම්බෝල්’ හා ‘එස්.එන්.සී ලාවලින්’ යන සමාගම් දෙකේම ශක්‍යතා අධ්‍යයන වල සඳහන් වූ ඇස්මේන්තු වලට වඩා අඩු මුදලකට හම්බන්තොට වරාය ඉදිකිරීමට අපට හැකි වූ බව මෙහිදී විශේෂයෙන්ම සැලකිය යුතුය.
2012 දී කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණෙන විට හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32 ක් නිසා එම වරාය අසාර්තක ව්‍යාපෘතියක් යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. නමුත් හම්බන්තොට වරායට පැමිණෙන නැව් ගණන 2014 වන විට 335 දක්වා වැඩිවී තිබුණ බව එම ලිපියේ සඳහන් කොට නැත. එමෙන්ම හම්බන්තොට වරාය 2014 දී රුපියල් මිලියන 900 ක හා 2015 දී රුපියල් මිලියන 1,200 ක ක්‍රියාන්විත ලාබයක් ලැබූ බවද පවසා නැත.
වරායක් යනු ශතවර්ශ ගණනාවක් පවතින ආයෝජනයක් වන අතර 2011 දී විවෘත කරනු ලැබූ වරායකට 2012 වන විට ලාබ ඉපයිය නොහැකිය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත තවදුරටත් පවසා ඇත්තේ මේ වරාය ඉදි කිරීමට ගත් ණය ආපසු ගෙවීමට නොහැකි නිසා එය චීනයට 99 අවුරුදු බද්දකට ලබාදීමට වත්මන් ආණ්ඩුවට සිදු වූ බවයි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් මුලු ණය හා 2036 වසර දක්වාඒ සඳහා ගෙවීමට තිබෙන පොලිය යන සියල්ල එකතු කළ විට, ගෙවිය යුතු සමස්ත මුදල ඇ.ඩො.මිලියන 1,761 ක් වේ. මින් ඇ.ඩො. මිලියන 500කට ආසන්න මුදලක් 2016 අවසන් වන විට ආපසු ගෙවා අවසන් වී තිබුණි. හම්බන්තොට වරාය සඳහා ගනු ලැබූ ණය ගෙවනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබන ලාබයෙන් වෙනනිසාඒ ණය ගෙවීම ගැනකිසිදු ගැටලුවක් නොවීය. 2014 විගණකාධිපති වාර්තාවට අනුව සියලුම ණය හා බදු ගෙවීමෙන් පසුවත් වරාය අධීකාරිය 2014 වසරේදී රුපියල් මිලියන 8,800 ක ලාභයක් ලබා තිබුණි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත නොදැන සිටියද, වරාය බදු දීමෙන් ලාබාගත් ඇ.ඩො. මිලියන 1,120 ක මුදල ආණ්ඩුව විසින් වරාය ඉදිකිරීමට ගත් ණය පියවීමට යෙදුවේ නැති බවත් එය ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබූ බවත්,සියලුම ශ්‍රී ලාංකිකයන් දනී. හම්බන්තොට වරාය ඉඳිකිරීමට ගත් ණය තවමත්එළෙසම පවතී.
හම්බන්තොට වරාය හා එය තුළ තිබෙන අක්කර 5,000ක කර්මාන්ත කලාපයත්, වරායෙන් පිට තවත් අක්කර 15,000 කුත් චීනයට ලැබුණේ ලංකාව සිරවී සිටි ‘චීන ණය උගුල’ නිසා යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා සිටියද එවැනි කිසිඳු චීන ණය උගුලක් නොතිබුණි. හම්බන්තොට වරාය ලාබ ලබන තැනට එන තුරු එහි ණය ගෙවීමටවරාය අධීකාරිය ඉතා ප්‍රවේසමෙන් සැලසුම් කර තිබුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතර ඇ.ඩො. මිලියන 100 ක ආදායමක් එන ආකාරයට කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තය දියුණු කිරීමද ඒ සැලසුමේ කොටසක් විය.
මගේ ආණ්ඩුව පරදින විට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තයට අවශ්‍ය දොඹකර යනාදිය සපයා අවුරුදු 40 ක කාලයකට එය ක්‍රියාත්මක කිරීමට චයිනා හාබර් සමාගම හා චයිනා මර්චන්ට් සමාගම සමඟ අප ගිවිසුමක් අත්සන් කොට තිබුණි. හම්බන්තොට වරායේ සෙසු පර්යන්ත හා අක්කර 5,000ක කර්මාන්ත කලාපය වරාය අධිකාරියේ පාලනය යටතේසිදු කිරීමට නියමිත විය. මුලු වරායම විදේශීය සමාගමකට අවුරුදු 99 කට බදු දීමට අපට කිසිදු සැලැසුමක් නොතිබුණි.
එය සිදු වූයේ වත්මන් ආණ්ඩුව යටතේය. මෙහිදී වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ හම්බන්තොට වරාය චීනයට ලැබුණු බව කියමින් මැසිවිලි නගන බටහිර බලවතුන් විසින්ම බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුවක් විසින් චීනයට මේ වරාය ලබාදී තිබීමයි. මම ජනාධීපතිව සිටි සමයේදී හම්බන්තොට වරාය හෝ වරායෙන් පිට ඉඩම් චීනයෙන් කිසිදාක බද්දට ඉල්ලුවේ නැත. හම්බන්තොට වරාය බදු ගන්නා මෙන් චීනයට යෝජනා කලේද වත්මන් ආණ්ඩුවයි.
ඉන්දියාවට ඉතා ආසන්න භූමියක් දැන් චීනයේ පාලනයට යටත්වී තිබෙන නිසා මේ වරාය කුමක් සඳහා භාවිතා කරාවිදැයි සිතමින් ඉන්දියාව කනස්සල්ලට පත්වී සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත සඳහන් කොට ඇත. මගේ ආණ්ඩුව දිගටම බලයේ සිටියේ නම් මෙවැනි තත්වයක් කිසිදාක උද්ගත වන්නේ නැත. ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් හා ජාතික ආරක්‍ෂක උපදේශක ශිවෂංකර් මෙනන් මහතා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2016 දී පලකරන ලද ඔහුගේ මතක සටහන් වල ඉතා පැහැදිලිව පවසා ඇත්තේ මගේ ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන ඉතා හොඳ ආවබෝධයක් තිබුණු බවත් ඔහුගේ එම දෘෂ්ඨිය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ උවමනාවන් සමඟ සම්පූර්ණයෙන්ම ගැලපුණ බවත්ය.
ගෝඨාභය ඉන්දියාවේ ආරක්‍ෂක උවමනාවන් ගැන සංවේදී වූ බවද, මාගේ ආණ්ඩුව විසින් ලංකාව චීනය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය ගැන ඉන්දියාවට දෙනු ලැබූ සහතිකය 2014 මැයි මාසයේදී කොංග්‍රස් ආණ්ඩුව පරදින අවස්ථාව වනතෙක්ම ඉතා මැනවින් ආරක්‍ෂා කළ බවදමෙනන් මහතා සඳහන් කොට ඇත. චීනය වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ මම මේ රට පාලනය කරනු දැකීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. 2015 න් පසු සිදු වූ දේවල් නිසා ඉන්දියාවද මම මේ රට නැවතත්පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නැතැයි මම සිතිමි.
මහින්ද රාජපක්ෂ
COMMENTS
ඔය බයිලා කියාවි කියල අපි දන්නවා. මෙයා බබා.
ඔන්න කිව්වා මහින්දගේ පාක්ෂිකයන්ට හේතු දක්වන්න මහන්සි වෙන්න ඕනේ නැහැ අපි මේ කියන එව්වා විශ්වාස කලා.
"ඉන්දියාවද මම මේ රට නැවතත්පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නැතැයි මම සිතිමි", ආයෙත් "වහෙන් ඔරෝ" භාෂාවෙන් කියන්න හදන්නේ යලිත් වරක් රාජපක්ෂ පාලනයක් රටට අවශ්‍ය බව නොවේද? ඉන්දියාව, අපේ රටට මෙයාගේ පාලනයක් බලෙන් දෙන්න උත්සාහ කරනවා කියන එක මෙයාගේම දවල් හීනයක් මිස වෙන කුමක්ද? එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පත කර ඇත්තේ මඩගැසීමක් නම් මහත්තයෝ එම පුවත්පතට විරුද්ධව ඩොලර් කෝටි ගණනක් ඉල්ලා නඩු දමා, ළඟ එන මැතිවරණ සඳහා සුදානම් වෙන්නත් පුළුවන් කියා මම සිතමි !
නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ලෝකප්‍රකට වංචාවන් පිළිබඳව සත්‍ය තොරතුරු පල කරන පුවත් පතක් ලෙසට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා.මේ පුවත් බලලා බෝ පැලේ මොකක්ද කොස් පැලේ මොකක්ද කියලා රටවැසියා හඳුනා ගත යුතුයි.
කියන්නා කෙසේ කිවත් ?? දන්නෝ දනිති නේ ?? අපි හැමදාම මෝඩයෝ නේ ?? කියන්න කියන්න අපි අහගෙන ඉන්නම්, හැබැයි අපි හැමදාම කියන්නත් නැ, අහන්නෙත් නැ, මෝඩ වෙන්නෙත් නැ, එදාට කියන්නෙත් කෙනෙක් නැ, අහන්න කෙනෙක් නැ, මෝඩයොත් නැ, එදා දවස උදා වේවිදෝ ??
අපෝ ඔව් සුදනෝ කියලා අතීතයේ සිට දන්නවා අපි...... ප්‍රශ්නේ මේ රටේ ජාතික ධනය හොරකම් කරලා තවත් බලයට එන්න දැඟලීමයි..... මෙහෙම අයට ඡන්දේ දෙන අයයි මෝඩයෝ...........
අනේ මහින්ද මහත්තයෝ තවත් හත් පොලේ ගාගන්නේ නැතිව නරකද ඔය පුවත් පතට එරෙහිව නඩුවක් දැම්මොත් අනික ලංකාවේ නඩු අහන්න එපා කියල උසාවි යන ඔහෙලට මේවා සුපුරුදු දේවල්නේ
බලයේ ඉද්දී මුළු පවුලම වගේ එකතුවෙලා ගහලා තියන බව පෙනෙන ගැහිලිවල හැටියට ඔබතුමාට අලුතෙන් මඩ ගහන්න තැනක් ඉතුරුවෙලා නැහැ! නිව්යෝර්ක් ටයිම්ස් වගේ ලෝ පතල අභිමානවත් පත්තරයක් වගකීමෙන් තොරව නිකමට මෙහෙම මේ හිටපු ජනාධිපති කෙනෙකුට චෝදනා කරලා පීචන් වෙන්න කැමති වේවි කියලා හිතනවද? පුළුවන් නම් ඒ පත්තරේට එරෙහිව නීතියෙන් කටයුතු කරලා පෙන්වන්න.
කවුරු බලයට ආවත්, ගියත් නොවෙනස්ව ඉදිරියට යන ප්‍රතිපත්තියක් රටක පැවතිය යුතුය. ජාතික ප්‍රතිපත්තියක් ගැන නිතරම අසන්නට ලැබුණත් ක්‍රියාත්මකවීමක් දකින්නට නැත. දේශපාලකයන් තම තමන්ගේ පුද්ගලික වාසිය තැකීම රට ප්‍රපාතයට යාමට හේතුවී ඇත. කාගේ කාගේත් වැරදිවලට නිදහසට කරුණු සැමට ඇත. ණය ගෙවීමට නිශ්චිත ක්‍රමයක් නොමැතිව ණය ගැනීම විකිණීමට හේතුවන්නකි. ණය මුදල පොළියත් සමඟ ගෙවා දේපළත් අහිමි කරගත් ලෝකයේ පළමු අවස්ථාව මෙය වෙන්නට පුළුවනි. මේ අනුව චීනයේ මංකොල්ලකෑමට ශ්‍රීලංකාව ගොදුරුවී ඇති බව කුඩා දරුවෙකුටත් පෙනී යන්නකි. ණය මුදල නොගෙවා අවු.99 කට චීනයට භුක්තිය ලබා දුන්නේ නම් එක පැත්තකින් සාධාරණයි...
රට බේරාගත්තු නායකයාට මෙහෙම අපහාස කරන්න එපා.
ඉතින් දෙයියනේ.. දාන්නකෝ නඩුවක්. ඉල්ලන්නකෝ කෝටිගාණක් අපහාස කළාට. අඬන්නේ නැතිව. දිනුවා නම් ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේද?
ජාත්‍යන්තරයම ජයගත්ත ජනපති කෙනෙක් ඉන්න.. ලොවම පිළිගත්ත අගමැතිකෙනෙක් ඉන්න.. විධායක බලය ආණ්ඩු බලය තියෙන එකේ... යහපාලකයින්ට වසර තුනක් ගිහිල්ලත් කිසිම වංචාවක හරියට හොයාගෙන ඔප්පු කරන්න බැරිව ගියේ ඇයි කියන එක කාටහරි පැහැදිලි කරන්න පුළුවන්ද?
ඩොලර් එකක් නොවෙයි ඩොලර් මිලියන ගාණක් හොරකම් කරයි කිව්වත් මගේ ඔලුවට වෙඩි තියා ගන්න බැහැ අපේ හාමුදුරුවනේ. මට රකින්න පරපුරක් ඉන්නවා. ඔටුනු පළඳවන්න කුමාරයෙක් ඉන්නා ඡන්ද දෙන්න වහල්ලු නඩයක් ඉන්නවා. එතකොට මේ සේරම අනාතයි නේද?
ලංකාවේ දියුණුව කොහොමද? ලංකාවේ මැතිවරණ වලට ලැබිච්ච ඩොනේෂන් ගැන ඇමරිකාවේ පත්තර වල පලවෙන්නේ!!. වෙන රටවල විදේශිකයන්ගෙන් ඩොනේෂන් ගත්තම ප්‍රශ්නයක් වෙලා මැති ඇමතිකමුත් නැතිවෙනවා. ලංකාවට කොහොම බලපායිද මේ ප්‍රශ්නේ? මහා බැංකුවේ මුල් පුටුව විදේශිකයෙකුට දෙන්න පුලුවන්නම් මේක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද දන්නේ නැහැ? එහෙම වුනොත් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරනයට ඉල්ලන්න එකත් ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයිද? අයියෝ ලංකා මොකට යුද්ධ කරලා මිනිස්සු මැරුවද? කාල බීලා සැනසිල්ලේ ජිවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම අතරමන් වී ඇත.
ත්‍රිවිඩ හමුදාව ජීවිත පරිතයාගයෙන් බේරාගත් රට මෙයා ඇතුලු පවුල එකතුවෙලා චීනයට කුණු කොල්ලයට පාවලා දුන්නා.එහෙම කරලා දැන් බබා පාට් දාන්නේ, තවම මේ රටේ ගෝනාට අන්දවන්න පුළුවන් හා කැමැත්තෙන්ම ගොණාට අදින වහල් නඩයක් ඉන්න බව දන්න නිසයි. දැන් මෙයා කියන විදියට ලෝක ප්‍රකට පූවත් පතක් මෙයාට මඩ ගහන්න හේතුව මොකක්ද ඒකේ අයිතිකාරයන්ට හෝ කතෘ මණ්ඩලයට රාජපක්ෂ පවුල එක්ක පුද්ගලික හො දේශපාලන ප්‍රශ්ණ තිබෙනවාද එහෙම නැත්නම් කාගේ හෝ කොන්ත්රාත් එකක් කරනවාද කියලා පැහැදිලි කල යුතු අතර හැකිනම් නිව් යෝර්ක් ටයිම් පුවත් පතට විරුද්ධව නඩු පවරන ලෙස අභියෝග කරමී.
ඔබතුමා නියම පරානෙට උත්තර නොදී වල වටාරම් ලියලා තියෙනවා ඔය කියන මුදල ගත්තේ නැතිනම් පත්තරේට විරුද්දව නඩු දාලා වන්දි ගන්නේ නැත්තේ ඇයි.
දැන් එතකොට වෙන රටක පත්තරේකින් කියපු ඔක්කොම ඇත්ත වෙලා..මෙතුමාගේ පිළිතුරු බොරු වෙලා..ඔය වෙන රටවල්වලට වෙලා උපන් බිමට ගරහන මහත්තුරුන්ට මෙ මනුස්සයා මැරෙනකම් නින්ද යන එකක් නැහැ ..නිකන් මඩ නොගහා සාක්කි සහිතව ඔප්පු කරලා පෙන්නන්න..අඩුම ගානේ ලිපියවත් කියවලා කොමෙන්ට් කරන්න
වල වටාරම් නොකියා මෙච්චරය් නය මුදල ගත්තේ ඒ මුදල මේ මේ විදිහට ගෙවෙම් කළා කියලා අන්තිම ගිණුම් වාර්තාව ඉදිරිපත් කලානම් ඉවය්නේ සර්. ඔබතුමා එක කාලේ හිටපු මුදල් ඇමති වසයෙන් එක ඔබතුමා ලග ඇතිනේ?
ලෝකයේ රටවල් තමන්ගේ දේශපාලන මති මතාන්තර වලට අනිකුත් රටවල් නතු කර ගැනීම ස්වභාවිකයි. උදාහරණයක් ලෙස රුසියාව පසුගිය ඇමෙරිකානු මැතිවරණයේදී තමන්ට හිතකර දේශපාලන අදහස් ඇති ට්‍රම්ප් පරිපාලනය ගෙන ඒම සඳහා මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් සිදු කළා. මේ සඳහා රුසියාව ඔවුන්ගේ මුදල් සහ මිනිස් ශ්‍රමය යොදන්නට ඇති. එමෙන්ම වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා බටහිර ජාතීන්ගේ සහය ලැබීම සහ මහ බැංකු ගනුදෙනුව හරහා මැතිවරණ ව්‍යපාරය සඳහා මුදල් බාවිතා වූ බවද රහසක් නොවේ. චීනය වරාය සඳහා ණය දීමට ප්‍රථමයෙන්, චීන රජය විසින් එය නැවත ලංකාවට ගෙවිය හැකිදැයි සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනයක් නොකළේ යයිද සිතිය නොහැකියි. එසේ බැලු කල, වත්මන් රජය වරාය දිගු කාලීනව චීනයට බදු දීමට පසුව තීරණය කලේ නම්, වත්මන් රජයේ ණය පරිපාලනයේ දෝෂයක් ඇති බවද පෙනේ. දුන් ණය නැවත ගෙවිය හැකි වාතාවරණයක් එදා තිබු බැවින්, චීන රජය මහින්ද රාජපක්ෂ පාලනයක් හිතකර යයි සිතන්නට ඇත.
මහා බැංකු මංකොල්ලය ගැන කියලා මේවා වහන්න බැහැ. දෙකම හොරකම්, විදේශිය මුදල් උනාට ගිණි පොලියට ගත්තු ණය නිසා අපේ බදු මුදල් වලින් තමයි ගෙවන්නේ. නැතිව මැද මුලන බුදලයෙන් එහෙම නොවෙයි ආයිබෝවං !
මේ ප්‍රවෘතිය අද වැනි කාල වකවානුවකදී හෙළිදරව් කිරීම වර්තමාන රජයේ සැලැස්මක් විය හැකියි. මෙය බොහෝ විට මහබැංකු ගනුදෙනුවට සම්බන්ධ නම් හෙළි කිරීමට සිදුවීමෙන් තමන්ට සිදුවන අවමානය වසා ගැනීම සඳහා, ඊට ප්‍රථම, පසුගිය රජය මැතිවරණය සඳහා චීනයෙන් මුදල් ලබා ගත්තා යයි චෝදනා කිරීමට කළ දෙයක් විය හැකියි. කෙසේ නමුත්, ක්‍රියාවලි දෙකෙන්ම අපහසුතාවයට පත් වුයේ රටේ එදිනෙදා ජීවත්වීමට වෙර දරන සාමාන්‍ය ජනතාවයි.
අනේ මෙයා පව්... මෙයා හොරකම් කරන්නේ නැහැ. මිනි මරලා නැහැ. වංචාවල් කරලා නැහැ. මෙයාට මඩ ගහන්න එපා. අපි අාපහු මෙයාට රට බාරදෙමු.
බොහොම කලාතුරකින් ඇරුනාම චූදිතයා, වරද කලා කියල පිලිගන්නෙ නැහැනෙ.
ඇයි ඔහේට මඩ ගහන්නෙ ? ඔහේ ඇව්මෙරිකාවෙ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවද ට්‍රම්ප්ට විරුද්ධව ?
මහින්දට ඩොලර් මිලියන 7 දුන්නා කියන එක ගැන කතාකරන මහත්කරුන්ට ..මහින්දව එලවන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන සියගනනක් ලැබුනා කියන එකත්..ඒක බෙදුනෙ කොහොමද කියන එකත් අමතකයි වගේ...මේ ගමන්ම ඒ ගැනත් පරීක්ෂණයක් පැවැත්තුවොත් නරකද