IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නොවැම්බර් 4 දාට වියදම මිලියන 1,257 ක්

ජනාධිපතිවරණයේ  ප්‍රචාරණ කටයුතු සඳහා  ඔක්තෝබර් 14 වැනිදා සිට පසුගිය 04 වැනිදා දක්වා  කාලයේදී  වියදම ලෙස ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 1,257 ක් බව  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

මුද්‍රිත ,විද්‍යුත් මාධ්‍ය හරහා කළ ප්‍රචාරණ කටයුතු  සහ වෙනත් ප්‍රචාරණ කටයුතු සඳහා  මෙලෙස වියදම් වී ඇතැයි ගණනය කර ඇත.

මැතිවරණ  ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ  වාර්තාවේ  තොරතුරු පහත දැක්වේ.

පක්ෂය මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය

වෙනත් වියදම් (රැලි ප්‍රවර්ධන ආදීය)

ඇස්මේන්තුගත වියදම(මිලියන)
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 53 603 94 750
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 104 253 113 470
 ජාතික ජන බලවේගය 1 17 13 31

ජනසෙත පෙරමුණ

0 4 0 4
 ජාතික ජනතා ව්‍යාපාරය 2 0 0 2
                                                                              එකතුව                           1,257

 



අදහස් (8)

නොවැම්බර් 4 දාට වියදම මිලියන 1,257 ක්

Thiw Friday, 08 November 2019 08:12 AM

මේක බබාලන්තේ ගණන් හැදිල්ලක්නේ....

:       216       19

රවින් Friday, 08 November 2019 08:28 AM

මෙහෙම වියදම් කරන්න මුදල්? වියදම් කළ මුදල් ආපසු ලබාගන්නා ක්‍රමවේදය... අරමුදල් ලැබුණු හැටි... අනුග්‍රාහකයෝ කවුරුන්ද? ඔවුන්ට අරමුදල් ලැබුණු ආකාරය? නැතිනම් නිකම් කහනවාට තියන මුදල් ආයෝජනයක්ද? මෙන්න දූෂණය පටන්ගන්න තැන. ඉතින් කොහොමද මේ රටේ දූෂණය හා නාස්තිය වළක්වනවා කියලා දෙන පොරොන්දු ඉටුකරන්නේ? බලය ලැබුණු ගමන්ම දූෂණය පටන් ගන්නවා වියදම ආපහු උපයාගන්න. ඊළඟ පාරත් ඔය චක්කරේම තමයි.

:       0       111

Praba Friday, 08 November 2019 08:29 AM

මෙච්චර සල්ලි කොහෙන්ද? සමාජ මාධ්‍ය හරහා කරන මඩ ප්‍රචාරණයට යන වියදම නැතිව තමයි මේ...

:       0       27

athura Friday, 08 November 2019 09:05 AM

ආණ්ඩු පක්ෂේ අපේක්ෂකයාට වැඩිය විපක්ෂේ අපේක්ෂකයාගේ ගාන සෑහෙන වැඩියි. විපක්ෂයේ ඉඳලත් කොහෙන්ද ඔච්චර සල්ලියක්...?

:       0       108

sharm warnFriday, 08 November 2019 09:49 AM

අන්න හරි.. වැදගත් ප්‍රශ්නයක්.. ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වුණත්, මෙහෙම වියදම් කරන්නේ කොහෙන් ආපු මුදල්ද? අපි ගෙවපු බදු මුදල්ද? නැතිනම් මහබැංකුවෙන් ආයෙමත් හොරකම් කළාද? විපක්ෂේ එක්කෙනාගේ නම් ඉතින් ඩේසි ආච්චි මැණික් මල්ලක් දුන්නා කියලා තමයි අහගන්න වෙන්නේ.. මේ මුදල් වියදම් කරන්නේ වටේ ඉන්න ව්‍යාපාරිකයන් නම්, එයාලගේ ආයෝජනයේ ආදායම කොහොම විය හැකිද? ප්‍රභා ඔබ හරි.. වංචා, දූෂණ පටන් ගන්නේ මෙතැනින් තමයි...

:       0       82

athuraFriday, 08 November 2019 11:50 AM

ඔව් ඔබතුමා කියන එක හරි... මම ඒක ලිව්වේ නැත්තේ දිග වැඩි නිසයි...

:       0       12

some Friday, 08 November 2019 09:32 AM

ඒ වුණාට හැමතැනම තියෙන්නේ අනුරගේ පෝස්ටර් තමයි. ඔහු ජනාධිපති වෙයි කියලත් හිතෙනවා.

:       54       69

ranjith Saturday, 09 November 2019 02:11 AM

මේ වියදම් හොයාගෙන තවත් ගසාකන්න තමයි එන්නේ... රටට ආදරේ නම් මේ වියදම් දුප්පත් ජනතාවට දෙන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site