අමල් වික්‍රමරත්න
නවක වදය ලබාදීමේ සිද්ධියක් මත අත්අඩංගුවටපත් ගාල්ල ලබුදුව කෘෂි තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් 5 දෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට අද සවස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
නේවාසිකාගාරයේ සිටි නවක සිසුවියක් විසින් නවක වදය ලබාදීමක් පිලිබදව අක්මීමන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කිරීමෙන් පසුව අදාල සිසුවියන් 4 දෙනා සහ සිසුවා අද අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කලබව අක්මීමන පොලිසිය සදහන් කරයි.
නවක වදය ලබාදීමට එක්වූ සිසුවියන් අතර කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසර සිසුවියන් දෙදෙනෙකු සහ තෙවන වසර සිසුවියන් දෙදෙනෙකු මෙහෙයවූ අනෙක් සිසුවාද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබදව අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ පස් දෙනාව මානසික වෛද්‍ය වරයකු වෙත යොමු කරන්න.
ඒක නම් හොඳ දඩුවමක්. හොදට මතක හිටින දඩුවම් දෙන්න ඕන මේ මානසික රෝගීන්ට
මෙවැනි අපරාධ පාලනය කල හැක්කේ ඒ සඳහා දැඩි දඬුවම් දීමෙන් පමණි.
නවක වදය කියන අමානුෂික ක්‍රියාව සියලුම අධ්‍යාපන ආයතන වලින් තුරන් කල යුතුයි. ඒ සදහා නවක වදයට විරුද්ධ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ හා ගුරුවරු පෙරමූණ ගත යුතුයි. මෙයට සම්බන්ධ වන අය අධ්‍යාපන ආයතන වලින් නෙරපා දැමිය යුතු අතර ඔවුන්ට වෙනත් රාජය ආයාතනයක අධ්‍යාපනය ලැබිය නොහැකි ලෙස අසාදු ලේඛණ ගතකර ප්‍රසිද්ධ කල යුතුයී.
තාමත් මේ වගේ මානසික ලෙඩ්ඩු ඉන්නවනේ. දැඩි දඩුවම් දෙන්න ඕන ශිෂ්‍ය භාවය නැති කරලා දාන්න ඕන. අඩුම ගානේ මේවටවත් නිතිය ක්‍රියාත්මක උනොත් හොඳය.
බොහොම හොදයි. ශිෂ්‍ය භාවයත් අහෝසිම කරලා දැම්මනම් බොහොම හොදයි.
මේ ඔබේ අපේ මහජන මුදල් විනාශ කරන , නිදහස් අධ්‍යාපනය ගැන මහ ලොකුවට අඬ බෙර ගහන මෙවන් අය ශිෂ්‍යයන් යයි කියා ගන්න අයව එලවාදැමිය යුතුමය. මේ අයගේ අහිංසක දෙමාපියන් ඇත්තෙන්ම පව්.
මානසික රෝගීන්. මේ අයගේ ශිෂ්‍ය භාවයද අහෝසි කල යුතුයි. දෙමල හා මුස්ලිම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඔවුන්ගේ ඊළඟ සගයින්ව අතට අත දී පිළිගනිද්දී සිංහලයින් පමණක් මෙසේ ක්‍රියා කරන්නේ, මොවුන්ගේ ජානවලම ඇති ගෝත්‍රික හා මිලේච්ජ බව ලොවටම ප්‍රදර්ශනය කරමින්.
මෙහි පාලකයන්ට නවක වදය දීම් ගැන පැමිණිළි කළාට වැඩක් නැහැ. එයාලගෙ සහයොගය වක්‍රව ලැබෙනවා. මානසික ලෙඩ්ඩු තමයි නවක වදය දෙන්නෙ
දඬුවම වශයෙන් පරිසරය පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලකට යොදවන්න. එතකොට පෙනේවි නිදහස් අද්යපනයේ අගය,
රෝගයක් සුවකිරීමට රෝග නිදානය මුලින් උපුටා දැමිය යුතුය. ඔවුන්ව ගෙදරම යවන්න. අනිත් සිසුවියන්ට රෝගය බෝවීමට කලින්. විසබීජ පැතිරවීමට ඔවුන්ට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න.
නවක වදය කියන්නේ මහා අපරාධයක්. මේකෙන් සෙතක් සිදුවුන කිසිම කෙනෙක් මට නම් හමුවෙලා නැහැ. හැමෝම කියන්නේ නවක වදය දෙන්නේ මානසික ලෙඩ්ඩු කියල. මටත් පළමු වසරේදී මාසයක් නවක වදය විඳින්න වුනා. ඒ මාසේ අපි විශ්ව විද්‍යාලයේ හිටියේ මරණයට මුහුණ දෙන්න තියෙනවා වගේ භයකින්. සමහර ළමයි නවක වදයට බයේ විශ්වවිද්‍යාල අත්හැරලා යනවා. මං නම් කියන්නේ නවක වදය දෙන ළමයින්ට උපරිම දඬුවම් ලබාදෙන්න කියලයි. අඩුම වශයෙන් අවුරුද්දකටවත් ශිෂ්‍යභාවය අවලංගුකරන්න ඕන.
සරසවියේ මදිවාට තාක්ෂණ අධ්‍යාපනික ආයතනවලත් අර කවුද කියපු උප සංස්කෘතිය කාවද්දන්න යනවා. මේ ළමයින්ට මේ අමන වැඩ වල ප්‍රතිපල පේන්නේ තමන්ගේ ළමයෙකුත් අනාගතයේ මෙවැනි තැනකින් පීඩාවට පත්ව ගෙදර ආපු දවසට. මම කල්පනා කරන්නේ මේසිසුන්ගේ දෙමව්පියන්ගේ මානසික මට්ටම මොකද්ද කියලා. තමන්ගේ දරුවාව උසස් අධ්‍යාපනයකට යොමු කරන්නේ තව කෙනෙකුගේ දරුවෙකු පීඩාවට පත් කරන්න නම් කොහේ හෝ වරදක් සිදු වී තිබෙනවා. දරුවන්ව හදලා නෙවෙයි , වල් පැලැටි වගේ ඔහේ වැවෙන්න ඉඩ හැරලා.
හම ගහන්න.
මේ අයටත් පොඩි නවක වදයක් දෙන්න සමහර විට බන්ධනාගාරේ දැන් ඉන්න කට්ටියත් ආසාවෙන් ඇතිනේ. එතකොටවත් තේරෙයිද බලමුකෝ මේකේ රසය.
මෙයාලගෙ ශිෂ්‍ය භාවය අහෝසි කරලා, රජයේ කිසිඅම විභාගයක්ට පෙනී සිටින්න සහ රජයේ කිසිම රැකියාවකට අයදුම් කිරීම තහනම් කරන්න ඕනේ.
අමානුෂික නවක වාදය කරන අයගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි.
මෙයාලට හොඳ ට මතක හිටින්න දැඩි දඩුවන් දෙන්න , තව කෙනෙක්ට වද දීල සතුටු වෙන්න තරම් පහත් මිනිස්සු ඉන්න ඕන හිරගෙදර තමා
නවක වදය කියන්නේ උප සංස්කෘතිය ඉගැන්වීමේ අහිංසක වැඩ සටහනක් කියලා සටහනක් තිබුනා මතකයි. මේ කියන වදකයොත් ඒ අහිංසකයෝ වෙන්න ඇති.