(ඩයනා උදයංගනී)
මේ වන විට පනවා ඇති බදු හේතුවෙන් නිලධාරීන්ට වාහන භාවිතය සම්බන්ධයෙන් පවා ගැටලූ ඇති වී ඇතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවසීය.
මේ හේතුවෙන් නිලධාරීන්ට බදු සඳහා අතින් මුදල් ගෙවීමට සිදුව ඇතැයි ද කී අමාත්‍යවරයා ඇතැමුන් පසුගිය මාසයේදී රුපියල් 2,500ක් පමණ අතින් ගෙවා තිබෙන බව සඳහන් කීය.
මේ හේතුවෙන් නිලධාරීන් අමාරුවේ වැටී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් ඇමතිවරයෙක් උනත් රටේ බදු ප්‍රතිපත්ය ගැන කිසිම අවබෝධයක් නැහැ වගේ. නැත්නම් මේවගේ කතා කියන්නේ නැහැ. නිළධාරින්ට වැඩිය මැති ඇමතිවරුවරුන්ට බදු ගහපු එකයි මේ අයට රිදිලා තියෙන්නේ.
නිලධාරීන් බදු ගෙවන්න අවශ්‍ය නැද්ද මේක යකාගේ නීතියක්නේ.
තමන්ගේ වාසියට, ගොඩ වැඩි කර ගැනීමට ඕනෑම දෙයක් කියනවා, කරනවා.