(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට  තැත් කළැයි කියන  සිද්ධියට අදාළව දුරකතන සංවාද  කටහඬ පරීක්ෂණය සඳහා  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හෙට(28)  උදේ 10 ට  රජයේ ප්‍රධාන රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.