(මනොපි‍්‍රය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
‘‘තාරුණ්‍යයට හෙටක්’’ සංවිධානයට ලබා දුන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (9) තීරණය කළේය.
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
2013 අගෝස්තු මස 6 වැනිදාත් 18 වැනිදාත් අතර ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට මුදා හළ රුපියල් ලක්ෂ 50ක මුදලක් එම ගිණුමට බැර නොකොට සිලෝන් පී‍්‍රමියර් ස්පොර්ට්ස් (සී.එස්.එන්) ගිණුමට බැර කොට එම රුපියල් ලක්ෂ 50ක මුදල සාවද්‍ය පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරා කාපු සල්ලි වලින් තමයි සමහර ගුවන් සේවිකාවන්ට අමතර පඩි ගෙව්වේ. අපි හිතුවේ ඒ අයටවත් හෙටක් තියෙයි කියලා බලනකොට ඒ අයගේ අනාගතයම ඉවරයි.