(විනීතා එම්. ගමගේ)
ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධියේදී සිදුවිය යුතුව තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කිරීම වුවත් මේ වනතුරුත් එය සිදුවී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩ තහනමට ලක්කරනු ලැබුයේ ද ඊයේ පෙරේදා යැයි ද අමරවීර මහතා කීය.
එම සිද්ධිය සුළුවෙන් තැකිය යුතු එකක් නොවන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
වැලි ලොරියේ සිද්ධියේ දී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම සිද්ධියේ දී අනුගමනය කළේ වෙනත් ක්‍රමයකැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
මේවා පිළිබඳ තමන්ට ප්‍රශ්න ඇතැයි ද ඉදිරි මාසය තුළ එම ප්‍රශ්න බොහෝ දුරට විසඳෙනු ඇති බව සිතන්නේ යැයිද අමරවීර මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පොලීසියේ හොඳ ගැනත් කිව යුතුයැයි පැවසූ අමාත්‍යවරයා අපරාධවල අඩුවක් මෙන්ම මිනීමැරුම්වල අඩුවක් දක්නට ඇතැයි සඳහන් කළේය.
එමෙන්ම අපරාධ විසඳීම් ද වැඩි වී ඇතැයි අමරවීර මහතා කීය.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
එහි දී මාධ්‍යවේදීයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා 15 දෙනාගේ කණ්ඩායම විසින් පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට එවන ලද ලිපියක් වාර්තාවට එකතු කරගත් බවය.
කෙසේ වෙතත් එම ලිපියට 15 දෙනා අස්සන් කර නොතිබූ අතර එහි අස්සන් තිබුණේ 9 ක් පමණ පිරිසකගේ බවත් කී අමාත්‍යවරයා එම ලිපිය පිළිබඳව මධ්‍යම කාරකසභාවේ දී සාකච්ඡා නොකළ බවත් හෙතෙම සඳහන් කළේය.
මධ්‍යම කාරකසභාවේ දී සාකච්ඡා කරනු ලැබූ පක්ෂයේ ඉදිරිගාමී වැඩපිළිවෙල ඉදිරි මාස තුන ඇතුළත වේගයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
මීට පෙර ද ශ්‍රී ලනිපය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න ගැන පැය දහයක සාකච්ඡාවක් සිදු කළ බවත් මාධ්‍යයට හෙළි නොකළ නමුත් එය පක්ෂය බොහෝ ඉදිරියට ගෙන යන සාකච්ඡාවක් වූ බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි
Hafeel Friday, 19 October 2018 07:53 AM
ඔබ එහෙම කිව්වට රාජිත නං කියන්නේ හඬ පටිවල අත්අඩංගුවට ගන්න තරම් මොකුත්ම නැතිලු. එකම කැබිනට් එකක්තුළ මෙහෙම නං....