IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නාරා ආයතනයේ පුස්තකාලය අන්තර්ජාලයට එක්වෙයි

නාරා ආයතනයේ විශේෂ පුස්තකාලය ඩිජිටල්කරණය කර  අන්තර්ජාලයට එක් කිරීම පසුගියදා සිදු කෙරිණි.

ජලජ සම්පත් ක්ෂේත්‍රයේ   පර්යේෂණයන්හි  නියැලෙන පර්යේෂකයන්ට අවශ්‍ය අපහසුකම් සැලසීමේ  අරමුණින් මෙම පුස්තකාලය විශේෂ පුස්තකාලක්  ලෙස සකසා  විවිධ තොරතුරු  ඇතුළත් කර මෙය ඩිජිටල්කරණය කර තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය  සහ නාරා ආයතනයේ පුස්තකාලය හා තොරතුරු අංශය  එක්ව මෙම  ඩිජිටල් කරන කටයුත්ත සදහා  දායක වු අතර  මෙමගින් ඉතාමත් වටිනා ග්‍රන්ථ, පර්යේෂණ වාර්තා, ලිපි ලේඛන ආදියේ තොරතුරු පිළිබදව ක්ෂණිකව  තොරතුරු ලබාගැනීමට පාඨකයන්ට හැකියාවක් ලැබේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වු නාරා ආයතනයේ සභාපති මහාචාර්ය දයා  එදිරිසිංහ  මහතා ප්‍රකාශකර සිටියේ අන්තරජාලය යනු මෙම සියවසේ  මිනිසා විසින් බිහිකළ විශිෂ්ට නිර්මාණයක් බවත් එමගින් විපුල ප්‍රයෝජන ලබාගැනීම පර්යේෂණ ක්ෂේත්‍රයේ නියෙලෙන්නන්හට අතවශ්‍ය කරුණක් බවයි.

මේ වනවිට ග්‍රන්ථ පරිශීලනය බොහෝ අය  අතරින්  ඉවත්ව ගොස් ඇති බවත් ඒ වෙනුවට අන්තර්ජාලය මගින් තොරතුරු ලබාගැනීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

(36698)



අදහස් (0)

නාරා ආයතනයේ පුස්තකාලය අන්තර්ජාලයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site