IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාරා අායතනයෙන් සාගර සම්පත් ගැන පුළුල් ගවේෂණයක්

(විනීතා එම් ගමගේ)

මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ගවේෂණයක් සිදුවන්නේ වසර 38 කට පසුවය.

නෝර්වේ රාජ්‍යයේ සහය ඇතිව සිදුකරනු ලබන මෙම ගවේෂණය සඳහා නෝර්වේ රාජ්‍යය සතු ඉතා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත ඩොක්ටර් ෆ‍්‍රිජෝෆ් නැන්සන් නෞකාව මේ සඳහා යොදා ගැනේ.                    

සමුද්‍රජීවී සම්පත් තිරසාර භාවිතය සහ සාගර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමත් මෙම ගවේෂණය සිදුකිරීමේ අරමුණ බව නෝර්වේ ශ්‍රී ලංකා ද්විපාර්ශික ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක, සහ නාරා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පර්යේෂණ හා සංවර්ධන ආචාර්ය එච් එම් පී කිත්සිරි මහතා පැවැසීය.

 
ධීවර සම්පත් කළමණාකරණයේ දී ප‍්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ දී ඉතා නිවැරදි දත්ත අවශ්‍ය වන බවද හෙතෙම සඳහන් කළේය.

ධිරව කර්මාන්තයේ යෙදෙන ධීවරයන් මඟින් ලබා ගන්නා දත්ත හා පර්යේෂණ මඟින් සත්‍ය වශයෙන් මුහුදේ සිටින මසුන් පිළිබඳව  විද්‍යාත්මක අධ්‍යනය මඟින් ලබා ගන්නා වු දත්ත ද මෙම ගවේෂණයේ දී උපකාර කර ගන්නා බවත් පැවසු කිත්සිරි මහතා ලබන ජුනි 22 වැනිදා සිට 26 වැනිදා දක්වා මෙය පැවැත්වෙන බව ද සඳහන් කළේය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නෝර්වේ රාජ්‍යයේ කළ සංචාරයක දී එරට රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සාගර සම්පත් ගවේෂණය සඳහා සහයෝගය ලබා දීමට එකඟ වී ඇතැයිද නාරා  ආයතනයේ විද්‍යාඥයින් 20 දෙනෙකු, ධීවර දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් ද මෙම ගවේෂණයට සහභාගි වීමට නියමිත බවද සඳහන් කළේය.  



අදහස් (1)

නාරා අායතනයෙන් සාගර සම්පත් ගැන පුළුල් ගවේෂණයක්

chandulee lehansha Sunday, 18 March 2018 01:11 PM

අවුරුදු 38 කට පස්සේ හරි සාගර සම්පත් ගැන ගවේෂණය කරන එක හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site