(අංජුල මහික වීරරත්න)
නිල ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවකාශයන් හරහා සංවර්ධන අවස්ථාවන් ගොඩනංවා ගැනීමට නොර්වේ රාජ්‍ය සතු අත්දැකීම්, නව දැනුම හා සහය ලබා දීමට සූදානම් බව නොර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප් මහතා සමඟ පැවසීය.
නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස වෙත රාත්‍රී භෝජනයක් පිරිනමමින් අස්ට්‍රප් මහතා වැඩිදුරටත් පැවසූයේ දෙරටටම සාගරය ඉතා වැදගත් බැවින්, සාගර ආර්ථිකය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
සාගර අර්ථිකය නංවාලීමේ අරමුණින් නොර්වේ අග්‍රාමාත්‍යවරිය විසින් මේ වන විටත් ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවද මෙහිදී අස්ට්‍රප් මහතා සඳහන් කළේය.
සමුද්‍ර දූෂණය අවම කර ගැනීම හා සාගර සම්පත් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
අනාගතයේ දී මත්ස්‍ය වගාව සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව දෙපාර්ශවයේම මතය විය. සාගර කලාපයන්හි සාමය, ආරක්‍ෂාව හා නිදහස් නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණිනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘නොර්වේ රාජ්‍යයේ නව දැනුම හා සහය ලංකාවට ලබා දෙන්න සුදානම්’
lalith Friday, 05 October 2018 02:13 PM
හැමෝම සූදානමින් ඉන්නවා සෑහෙන කලෙක ඉඳන්. එ්ත් ඉතින් තව මොනතරම් කාලයක් යයිද වෙඩිල්ල පත්තු කරන්න. ඒ වෙනකොට තව මොනමොනවා වෙයිද? රටේ ලෝකේ. එ්කනේ බුදු බණේ වුණත් තියෙන්නේ "අප්පමාදෝ අමතපදං" කියලා.
Hafeel Friday, 05 October 2018 03:08 PM
තවත් මහේන්ද්‍රන් කෙනෙක්ද ගේන්න යන්නේ? මේ රටේ ඕනේ තරම් සාගර ආර්ථික විශේෂඥයින් ඉන්නවා. ඔවුන්ට අවස්ථා දෙන්න. අර දුම්රිය එන්ජිමේ දෝෂය හදපු තරුණයාගේ හැකියාව හොඳ උදාරණයක්...
OMGFriday, 05 October 2018 05:17 PM
සහෝදර රටවල් වලට ප්‍රේම කරන්න එපාද? අපේ හැකියාවන් කවදද ප්‍රයෝජනයට ගත්තේ
HafeelSaturday, 06 October 2018 08:09 AM
ඉතිහාසයේ රනිල් කවදා බලයට අවත්, මොනවහරි විනාශයක්ම තමා. විදේශ සංචාරවල නිරතවුණත් එහෙමයි. සිංගප්පූරුවටත් ගිහින් ආවා කිහිප වතාවක්... ඔන්න පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න බැරි ගිවිසුමක්.... ඔක්කොම රටට හංගගෙන තමයි කරන්නේ...
Shyama Saturday, 06 October 2018 03:13 AM
අපි නොදන්න නොර්වේ ප්‍රේමය.. ඒ පාර මොකාටද එන්න හදන්නේ..? කවුරුත් අත දෙන්නේ අපෙන් ලොකු දෙයක් බලාගෙනයි..
OMG Sunday, 07 October 2018 06:44 AM
හෆීල්, වැරදි විදිහට තේරුම් අරන් වගේ. කිසිම රටක් අපිට ආදරේට උදව් කරන්නේ නැහැ තමන්ට උපරිම වාසියක් නැත්නම්. දැන් කාලේ තමන්ගේ කෙනෙක්වත් උදව් කරන්නේ නැහැ තමන්ට වාසියක් නැත්නම්. මේක තමා සත්‍යය.
Bamunuarachchi Sunday, 07 October 2018 01:38 PM
මේ 225 අතරින් දැනුම තිබෙන්නේ කාටද කියා ඔබලා දන්නවානේ. ඔබලාගේ සාම ගැටවලට අසුනොවී යුද්ධයෙන්ම වැඩ කෙළවර කරපු කට්ටිය තමයි.. මේ රටේ සාමයක් අතිකරන්න දන්නෙත්... එමනිසා කියලා දෙන දෙයක් අර අනික් කට්ටියට කියා දීලා බැංකු මංකොල්ල කන විදිහ ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්න...