(සමන් පාලිත නානායක්කාර)
නාය යාමේ අවදානමක් මතුවූ හෙයින් අද (4) රාත්‍රී හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 43ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා පැවැසීය.
සවස පැවැති අධික වර්ෂාවත් සමඟ හල්දුම්මුල්ල බත්ගොඩ කඳුවැටියෙන් ගල් පෙරළීමේ හඬක් ඇසී ඇතැයි ප්‍රදේශවාසීහූ කියති.
මෙම ස්ථානය නාය යාමේ දැඩි අවධානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් පවුල් 43ක පුද්ගලයින් 150 දෙනෙකු පදිංචි ස්ථාන වලින් ඉවත් කර බත්ගොඩ විපුල මහා විද්‍යාලයේ තාවකාලිකව කඳවුරක රඳවා ඇති බව ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd