IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නියෝග නොතකන අයට ලබන වසරේ සිට තොරතුරු කොමිසමෙන් නඩු

බිඟුන් මේනක ගමගේ 
 
තොරතුරු කොමිසමේ නියෝග නොපිළිපදින ආයතන සම්බන්ධයෙන් මෙතෙක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් ලබන වසරේ සිට එවැනි ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ යැයි එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා කොළඹ ජානකී හෝටලයේ පැවැති වැඩමුළුවකදී පැවැසීය.
 
කොමිසම නඩුවක් විභාග කරද්දී ඊට පෙනී නොසිටීමත් දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීමත් දෑවුරුද්දක සිර දඬුවමකට හා රුපියල් පනස් දහසක දඩයකට යටත් කළ හැකි වරදක් යැයි ද රණසිංහ මහතා කීවේය.
 
හැකි තරම් තොරතුරු දැනගැනීමේ අයැදුම්පත් පොදු අධිකාරින්ට යොමු කරන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයි කී හෙතෙම තොරතුරු යනු මහජන දේපළක් යැයි අවධාරණය කර කීය.
 
ඇතැම් රාජ්‍ය සේවකයන් තොරතුරු යනු පුද්ගලික බූදලයක් යැයි සිතා සිටින නමුත් තොරතුරු ලබාදීමේදී දකුණු ආසියාවේ හොදම ප්‍රතිචාරය ඇත්තේ ලංකාවේ යැයි ද රණසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
 
පියතිස්ස රණසිංහ මහතා මේ අදහස් පළ කළේ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය පිළිබඳව සන්නිවේදනයේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කළ වැඩමුළුවක මුඛ්‍ය දෙසුම සිදුකරමිනි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 



අදහස් (2)

නියෝග නොතකන අයට ලබන වසරේ සිට තොරතුරු කොමිසමෙන් නඩු

සතයපාල Monday, 17 September 2018 01:15 PM

තොරතුරු දැන ගැනිමේ කොමිසම පිහිටවූවේ ජනතාවගේ තොරතුරු දැන ගැනිමේ අයිතිය ආරක්ෂා කරන බවටත් එසේ නොමැතිව රාජ්‍ය සේවකයින් හුරතල් කරන්න නොවන බවට තොරතුරු කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැන්වත් අවබෝධ කර ගැනීම ඉතා හොඳ කටයුත්තකි.

:       25       32

GettupaalaMonday, 17 September 2018 02:36 PM

අපි ලබන වසර තෙක් බලා සිටිමු.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site