IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නායගිය වේවැල්වත්ත රත්නපුර පාර හදන්න පමා වේ

(අජිත්ලාල් ශාන්තඋදය) 

නායයාමෙන් හානියට පත්වූ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ පස් ඉවත් කිරීම අනතුරුදායක බැවින් එය තව දින කිහිපයක් ප‍්‍රමාද කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බව ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත‍්‍රික් නිලධාරී ඉංජිනේරු අභීත වනසුන්දර මහතා පැවසීය.

එම මාර්ගයේ ආඳැල්ල පාලමේ සිට මීටර් 140ක් පමණ රත්නපුර දෙසට වන්නට කොටසක් නාය ගොස් පාර ද වැසී පහළ පිහිටි ආඳැල්ල දොළ දක්වා පස් ගලා ගොස් ඇත. පාරේ අඩි තිහක් හතළිහක උසට පස්, ගස්, ගල් ආදියෙන් වැසී ඇති අතර ඒවා ඉවත් කරන විට කන්ද දෙසින් තවදුරටත් ඉවුර රූටා පහළට ඒමේ අවදානමක් ඇති බැවින් පස් ඉවත් කිරීම පමා කිරීම සුදුසු බව ද ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම නාය යාම හේතුවෙන් එක් නිවසක් හානියට පත්ව ඇත. නිවැසියන් ඉවත්වීම නිසා ජීවිත හානි නැති අතර තවත් නිවාස හතක් නායයාමේ අවදානමට ලක්ව ඇති බව ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය කියයි.

එසේම රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක් නායයාමේ අවදානම් ඇති බවත් වර්ෂාව අධික අවස්ථාවල මාර්ගය භාවිතා කිරීමේ දී ප‍්‍රවේසම් විය යුතු බව ද ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත‍්‍රික් නිලධාරී ඉංජිනේරු අභිත වනසුන්දර මහතා අවධාරණය කරයි.

වේවැල්වත්ත, රත්ගඟ, හපුගස්තැන්න, ආදී ප‍්‍රදේශවලට රත්නපුර නගරයේ සිට වාහනයකින් යාහැකි ප‍්‍රධානම මාර්ගය මෙසේ නායයාමට ලක්වූ මාර්ගයයි. මේ වනවිට නායගිය ස්ථානයට තරමක් දුරින් දෙපසින්ම පාර වසා ඇත. වේවැල්වත්ත දෙසින් ඇති අන්තයට බස්රථයක් පැමිණෙන අතර රත්නපුර දෙසින් ඇති කෙළවරට රත්නපුර පැත්තෙන් බස් රථ ගමන් කරයි. 

දෙපසට ගමන් ගන්නා මගීන් බස්රථවලින් බැස පාගමනින් ගොස් ඒවාට මාරුවී ගමන් කිරීමේ පහසුව සලසා ඇත. එහෙත් එසේ ගමන් කරන මාර්ගය නාය ගිය ස්ථානය මඟහැර යන දුරකන්ද දෙසින් යන එකක් නිසා එය තරමක් දුර ය. 

ගලබඩ සහ රත්ගඟට යාමට රත්තුරුගල හරහා විකල්ප මාර්ගයක් ඇතත් රත්තුරුගල පාලමෙන් යතුරුපැදියකට හැර වෙනත් වාහනයකට යා නොහැකි බවද පොලීසිය කියයි. මීට අමතරව රත්නපුර සිට ලෙල්ලොපිටිය,  බානගල, බටේපොළ හරහා යළි වේවැල්වත්ත පාරට පිවිසිය හැකි විකල්ප මාර්ගයක් ඇති අතර එය භාවිතාකරන ලෙසද පොලිසිය උපදෙස් දෙයි. කෙසේ වෙතත් එම මාර්ගයක`දු පල්ලම් සහිත ග‍්‍රාමීය පටු මාර්ගයක් වේ. 



අදහස් (0)

නායගිය වේවැල්වත්ත රත්නපුර පාර හදන්න පමා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site