(විනීතා එම්. ගමගේ)
රටේ දිස්ත‍්‍රික් 25න් 20 කම තවමත් නියඟයෙන් බැට කන ජනතාවට අවම වශයෙන් මසකට රුපියල් 2000ක සහනාධාරයක් දියයුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
නියඟින් පීඩා විඳින ජනතාව හැරුණු විට ඩෙංගු වලින් පීඩා විඳින 129000 ක් පමණ ජනතාවද සිටින බවත් ඩෙංගුවලින් මේ වනවිට 300 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත් කී මන්තී‍්‍රවරයා ඔවුන්ගේ පවුල්වලටද සහන සැලසිය යුතු යැයි කීය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කලේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
‘‘අයවැය ගැන අපේ අදහස කිව්වොත් ඒක කුමන්ත‍්‍රණකාරී ලෙස මාතෘකා කිහිපයක් අරන් ඒ අතර හීලෑ විපක්ෂය ඞීල් විපක්ෂයෙත් සහාය අරන් කටයුතු කළ අයවැයක්. ඇත්ත කතන්දරේ රටේ දිස්ත‍්‍රික් 25 න් 20 ක් තවමත් නියඟයෙන් පීඩා විඳිනවා. මේ මිනිස්සුන්ට නොමැරී ජීවත් වෙන්න මාසෙකට රුපියල් 2000 ගණනෙවත් දෙන්න කියල අපි යෝජනා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු 54 දෙනාට තම මතය පාර්ලිමේන්තුවේ පළ කරන්න අවස්ථාව නැහැ. අපට ලැබෙන වෙලාව ප‍්‍රමාණවත් නැහැ. අපි ප‍්‍රවෘත්ති සාකච්ඡා තියා අපේ අදහස පළ කරන්නේ ඒකයි. අපේ පිරිසට ප‍්‍රමාණවත් වෙලාවක් ලැබෙන්නේම නැහැ‘‘ යැයි ද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එල්ලවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තාඩන පීඩන සම්බන්ධයෙන් ජිනීවා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් එහි ගොස් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
102
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියගයෙන් බැටකන ජනතාව වෙනුවෙන් බන්දුල සහන ඉල්ලයි
sunil Monday, 13 November 2017 01:52 PM
බොන්න වතුර ඉල්ලපු රතුපස්වල මිනිසුන් වෙනුවෙනුත් මෙතුමා කැප වෙලා කටයුතු කරපු හැටි අපි කොහොම අමතක කරන්නද? මෙතුමාට ජය වේවා !
rocky Monday, 13 November 2017 02:17 PM
බජට් එකෙන් බියර් ගණන් අඩු කරලා තියෙන්නේ සහනයක් හැටියට බව තේරෙන්නේ නැද්ද?
Upul Monday, 13 November 2017 03:13 PM
රුපියල් 2500 කින් පවුලක්ම නඩත්තු කරන්න පුළුවන් කියලා ඔබ තුමාම කියපු රටේ.... රු.2000 ක් ම සහනාධාර ලෙස දෙන එක හරි නැහැ නේද?
rohana Tuesday, 14 November 2017 01:49 AM
මේ ගොල්ලෝ කතා කරන්නේ අපි මැරිලා ඉප දුනා වගේනේ.