IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නාමල් සමග අරණායක ගිය රාජ්‍ය නිලධාරීන් අමාරුවේ

((සමන් විජය බංඩාර))

“අරණායකට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සමග වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින්ට නිතීය තදින්ම ක‍්‍රීයාත්මක කරන ලෙස කෑගල්ල දිසාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

“නාමල් රාජපක්ෂ මහත්තයා අරණායක ආපු දවසේ වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින් ඉන්නවා. ඒ අයට මම එක දෙයක් කියනවා. අපි යන්න ඕනෑ එක ගමනක් අපි සමග යන්න බැරි රාජ්‍ය නිලධාරින් ඉන්නවා නම් අපව විවේචනය කරනවා නම් එක සම්පුර්ණයෙන් වැරදි“

“ග‍්‍රාම නිලධාරි වෙන්න පුළුවන් සමෘද්ධි නිලධාරි වෙන්න පුළුවන්,සංවර්ධන නිලධාරි වෙන්න පුළුවන් වහාම මෙ කොට්ඨාංශයෙන් එළියට යවන්න කටයුතු කරන්න. ඒ විඩියෝ එක මම ගෙනත් දෙනවා. ඒ අය අපට එපා.මේක රජයක් යන්න බැරිනම් සුරතල් කරන්නේ නැහැ අපි. ඒ අයට යන්න කියලා අපි කියනවා. අපේ ප‍්‍රතිපත්තියට විරුද්ධ වෙන මිනිස්සු එක්ක අපි වැඩ කරලා වැඩක් නැහැ. දිසාපති තුමාට බනින අය මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ. විවේචනය කරන අයට යටියන්තොට හරි ඔය සුන්දර පැත්තකට ගිහින් සුන්දරත්වය විඳලා එන්න පුළුවන්“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (14) අරණායක දී අවතැන්වුවන් සඳහා නිවාස ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.

 



අදහස් (14)

නාමල් සමග අරණායක ගිය රාජ්‍ය නිලධාරීන් අමාරුවේ

sisira Wednesday, 14 June 2017 10:31 AM

රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම සමව සේවය කල යුතු බව මෙතුමා දන්නේ නැද්ද?

:       239       1120

මැක්ස් Wednesday, 14 June 2017 10:37 AM

ෂෝක් ප්රාජාතන්තරවා‌ෙද! අනේ මෙහෙමත් යහපාලනයක්! අගමැතිතුමා, ඔක්කොටම ඉස්සෙල්ලා නුසුදුසු අය ඉවත් කරන්න. රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ යූ.ඇන්.පී. යට. මේ වගේ වාසි පිලට යන දේශපාලකයන්ට නෙවෙයි.

:       230       272

sanathWednesday, 14 June 2017 03:47 PM

නාමල් මහතාද රජයේ සහ මහජන නියෝජිතයෙකි. මෙය පක්ෂ දෙකේම ආණ්ඩුවකි. රජයේ නිලධාරීන්ට මෙය විශාල ගැටළුවක් වී ඇත.

:       0       28

Rohan Wednesday, 14 June 2017 10:58 AM

රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් කරන්න කලින් මෙතරම් කාලයක් අර අසරණ ජනතව කුඩාරම් වල තියපු අයට දඬුවම් කරලා ඉන්න ඕනේ...

:       20       125

victor Wednesday, 14 June 2017 11:11 AM

රජය සහ ආණ්ඩුව යනු කුමක්දැයි රාජ්‍ය සේවකයන් දැනගත යුතුයි. එය එනම් රාජ්‍ය සේවය යනු දේශපාලකයන්ට ගැතිවීම නම් නොවන බව රාජ්‍ය සේවකයන් දැනගත යුතුය. මේ අයගේ නියම තැන හිරගෙය බව එතුමාට දැනගැනීමට ඉඩ සලසා දිය යුතුය.

:       59       65

nalin Wednesday, 14 June 2017 11:15 AM

අනේ යහපාලනය දෙපිටින් යනවා... වාගේ.

:       8       70

sachith Wednesday, 14 June 2017 11:42 AM

වැඩි බලයක් නැතුවත් මෙතුමා නම් උඩ ගිහින් වගේ. ගියපාර ඡන්දෙවත් දිනාගන්න බැරි වුණේ ඕක තමයි. නාමල් මහත්තයාට නම් බලේ නැතිවෙන කොට ටිකක්වත් මොලේ පෑදුණා. දැන් එහෙමවත් නෑ...

:       0       128

amali Wednesday, 14 June 2017 11:45 AM

පරාජයේ විලාපය. නාමලුත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කියලා ඔබතුමාට අමතකද? ඔබතුමා ගියා නම් තමයි වැරදි...

:       2       581

jaliya Wednesday, 14 June 2017 12:06 PM

ඔය පිරිස අර චතුරිකා, දහම් පස්සේ දුවන්නේ මොකද... ඒ අය මහජන නියෝජිතයෝද? අනේ මන්දා...

:       1       43

piyal Wednesday, 14 June 2017 12:07 PM

මෙතුමා දන්නේ නැහැ, රජයේ සේවකයෝ නිර්පාක්ෂික වග, වෙන මොනවා කියන්නද?

:       1       64

දිනේෂ් Wednesday, 14 June 2017 12:14 PM

නාමල් මහත්තයත් මහජන නියෝජිතයෙක් නේ... ඉතින් රජයේ සේවකයෝ එයත් එක්ක ගියාම මොකද වෙන්නේ... අනේ මන්ද මට නම් මේක තේරෙන්නේ නෑ...

:       1       63

PA-RA Wednesday, 14 June 2017 12:30 PM

මානව හිමිකම් කතා කරන මොවුන්, රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් අකැපද? එ්ක අහන්න ඕනේ ජිනීවා ගිහින්ද? පොලිසියෙන්ද?

:       1       58

siri Wednesday, 14 June 2017 07:37 PM

ඒක මහා පුදුම කතාවක්නේ.රජයේ නිලදාරීන් ඉන්නේ ආණ්ඩුව වන්දනා කරන්නද?රටට සේවය කරන්නද?මෙවන් තකතීරු දේශපාලකයෝ ඉන්නකල් වෙන්නේ රටට විනාසයක්.

:       0       26

ලුම්බිණි Monday, 19 June 2017 05:42 AM

රජයේ නිලධාරීන් කියන්නේ කවුද කියලවත් තේරුමක් නැති බවකුයි පෙනෙන්නේ. මෙවැනි අයද නියෝජ්‍ය ඇමති කම් කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site