IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)


හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි විත්තිකාරියක වන පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම මහත්මියගේ දරුවා ඩෙංගු වැළදී රෝගීව ප‍්‍රතිකාර ලබන්නේ යැයි කියමින් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.


2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


දුෂණ විරෝධී පෙරමුණේ  කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට  අනුව කරන ලද විමර්ශනයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.


පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම ගුවන් සේවිකාවක් වු නිත්‍යා  සේනානී  සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

 



අදහස් (8)

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි

sirimal Monday, 18 June 2018 11:24 AM

එක හුස්මට නඩු අහන උසාවි අතරින් පළවෙනි එක සඳහා ගොඩනැඟිල්ලක් නාවික හමුදාව තවම හද හදා ඉන්නවලු. එකේ වැඩ ඉවරවෙනකොට වෙසක් පෝය දෙක ඉබේම ගෙවිල යාවි.

:       0       134

Sanath Kandy Monday, 18 June 2018 11:31 AM

ලංකාවේ උසාවිවලින් කරන්නේ නඩු කල්දාන එක විතරද? මේ වගේ නඩු කල් දාන උසාවි ලෝකේ වෙන කොහෙවත් නෑනේ... රන්ජන් කිව්වේ බොරු නොවෙයි. කලින් ආණ්ඩුවේ වැරදි කාරයින්ගේ නඩු අහලා බැඳුම්කර වංචාවට නඩු අහනකොට අපේ මුණුබුරන්ට තමා තීන්දුව දැනගන්න වෙන්නේ. මේ උසාවිවලට විරුද්ධව මූලික මිනිස් අයිතිවාසිකම් නඩු දාන්න ජාත්‍යන්තර අධිකරණයටවත් යන්න වෙයිද?

:       0       518

tommy Monday, 18 June 2018 12:33 PM

සාමාන්‍ය මිනිසුන් මේ නඩු කල්දැමීම නිසා පෙරකදොරුවන්ට මුදල් කොතරම් ගෙවනවාද? මෙවැනි කල් යන නඩු උසාවියට කැඳවීමට ප්‍රථම, දිනකට හෝ දෙකකට කලින් සියලු පාර්ශවයන්ට දැන්විය හැකි යාන්ත්‍රණයක් සකස් කළ නොහැකිද? අද නඩු මගට බහිනවා යයි කියන්නේ කල් මරමින් පෙරකදෝරුවන් පොහොසත් කිරීමයි.

:       0       135

parakkrama Monday, 18 June 2018 05:04 PM

නඩුව කල් යනකොට දැනෙන සතුට නේද? කට පළල් කරලා හිනාවෙන්නේ අපට ඔච්චමට වගෙයි පෙනෙන්නේ. තව අවුරුද්දයි මාස කීයද කියලා ගණන් බලනවත් ඇති නේද? නඩුව කැඳවන හැම දවසකම කාට හරි ප්‍රශ්නයක්.., බැරිකමක් කියලා වෛද්‍ය සහතිකයක් වගේ ලේඛනයක් ඉදිරිපත් කළාම වැඩේ නිකම්ම ගොඩ. ඇත්ත කථා කරපු අපේ රන්ජා පව් , අනේ!!!

:       0       82

අමිලා Tuesday, 19 June 2018 12:00 AM

දැන්නං හොඳටම ෂුවර් ලංකාවේ අධිකරණ ක්‍රමයක් නෑ කියල. රටම බලං ඉන්න දේශපාලන ස්ථාවරත්වයට සංවේදී නඩු. මේ නඩු කල් යන එකත් රංජන් අධිකරණ නිළධාරීන් සම්බන්ධව කළ ප්‍රකාශයත් අතර හොඳ සම්බන්ධයක් තියෙනවා.

:       0       1

Chanak Los angeles Tuesday, 19 June 2018 12:52 AM

මොහු හිත යටින් මහා තැනට බනිනවා ඇති .. මොන එකකට ඡන්දෙ කලින් තැබුවද කියලා ..රටේ නායකයාගේ චංචල ක්‍රියාකාරකම් අනුව අපේනම් විශ්වාසයක් නැහැ මේවාට නියම විනිශ්යක් ලැබේ කියා ..

:       0       1

Shan Tuesday, 19 June 2018 05:47 AM

ලංකාවේ නීතිය ගැන මහජනතාවගේ කලකිරීම ඉතා බරපතල කාරණයක්. හැමදාම ඉතිහාසයේ අධිකරණයට මිනිස්සුන්ගේ ගෞරවය තිබුණා. නීතියේ දෙවඟන එළිපිටම දුෂණය වූවා. දැන් රටවැසියාට කිසිම පිළිසරණක් නෑ.

:       0       0

kumar (Gulf) Tuesday, 19 June 2018 06:46 AM

20 වෙනකම් මේ ඔකොම කුණුකන්දල් නඩු කල්දමවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31066 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13206 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site