IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන මඩුල්ලෙන් ඉවත්වන බව කථානායකට දන්වයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව අද(19) කථානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් දැනුම් දුන්හ.

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් 2017-07-04 දින සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය මගින් රජයට, රටේ පොදු මහජනතාව සහ මහජන නියෝජිතයන් වෙත දන්වා ඇති පිරිදි නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ ඉදිරිපත් නොකළ යුතු බවට වන උන්වහන්සේලාගේ එකගතාව සහ නිර්දේශය පක්‍ෂයක් ලෙස මහජන නියෝජිතයන් ලෙස තමන් පස් දෙනා විසින් හිස් මුදුනින් පිළිගන්නා බැවින් මෙම තීරණය ගත් බව ඔවුහු දන්වා සිටිති. 

ඊට අමතරව තවත් හේතු 9ක් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර සහ නිරෝෂන් පේ‍්‍රමරත්න යන මන්ත්‍රීවරු කථානායකවරයාට එම ලිපිය යවා ඇත.

එසේම පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමස්ත මන්ත‍්‍රිවරුන්ගෙන් සමන්විත විය යුතු බැවින් තම ඉවත්වීම මගින් එම කොන්දේසිය බිඳ වැටෙන බවත්  එම නිසා එම හේතුව සහ තමන් දක්වා ඇති සෙසු කරුණු 10 මුල් කර ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගු භාවය අභියෝගයට ලක්වී ඇති බවත් උත්තරීතර පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස ඔවුහු සිය ලිපියෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (9)

නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන මඩුල්ලෙන් ඉවත්වන බව කථානායකට දන්වයි

සුධීර ත්‍රිකුණාමලය Wednesday, 19 July 2017 06:55 AM

බොහොම හොඳ තීරණයක්. එතකොට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මණ්ඩල තත්වය අහෝසි වෙනවා. අලුත් ව්‍යවස්ථා ඕනැ නෑ. එන්. ජී. ඕ. නඩය කෑ ගහන්නේ එයාලට නිව් යෝක්, ඔස්ලෝ, ලන්ඩන්, ටොරොන්ටෝ නගරවලින් ඩොලර් ලැබෙන නිසා.

:       275       628

athuraWednesday, 19 July 2017 08:55 AM

ඇයි දෙයියනේ මෙයාලමනේ දැන් තියන එක හරි නැහැ කියා කියා හිටියේ....

:       170       99

dhamneth Wednesday, 19 July 2017 07:19 AM

මේගොල්ලන්ට ව්‍යවස්ථා හදන්න දැනුමක් නැතුව පමණක් නොවෙයි තිබෙන ව්‍යවස්ථාවේ වටිනාකම හදුනාගන්නවත් දැනුමක් නැතිබව විමල් සහෝදරයා දේසපාලනයට පැමිණි දා සිට වත්මන් ව්‍යවස්ථාව ගැන මාධ්‍ය මගින් ප්‍රකාශ කල දේවලින් හා විවේචනවලින් මානව පැහැදිලි වෙනවා. එනිසා මේවගේ අය කලින් කල ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රකාශ කරනවානම් ජනතාව එම මාධ්‍ය අගයකරනවා.

:       309       199

mangala welarathna Wednesday, 19 July 2017 09:14 AM

හැමෝම උඩගෙඩි දෙනවා. මොලයක් නැති අයට රටගැන කුමන කතාද?

:       27       1

සමන් Wednesday, 19 July 2017 12:42 PM

පැහැදිලිවම මෙය හොඳ තීරණයක්. විමල් සහෝදරයා ඇතුළු ඔවුන්ගේ එකම සාමාජිකයෙකුට වත් එහෙම දැනුමක් නැත. මන්ත්‍රීවරයකු ලෙස ඔවුන්ව පත් කර ඇත්තේ කුමක් සඳහාද යන්න අවබෝධ කර ගැනීමට තරම් වත් බුද්ධියක් නැති ඔවුන් කෙලෙස මෙවන් භාරදූර කර්තව්‍යයක් සඳහා අදහස් මුසු කරන්නද?

:       407       0

මම1 Wednesday, 19 July 2017 01:13 PM

ඔව්, එතකොට සාමාන්‍ය මිනිසුන්ව රට බෙදන ව්‍යවස්ථාවක් කියලා කියන්න පුළුවන් වෙනවනේ. රට වෙනුවෙන් ඇත්තක් කියන්නේ කවදාද?

:       53       0

Susil Wednesday, 19 July 2017 02:05 PM

අනේ ගිය උඩ.. පොදු පෙරමුණේ ඡන්දවලින් ඇවිත් තියෙන්නේ, තනියම ඉල්ලුවා නම්, 5දෙනයි තියන්නේ... මෙයාවත් පර්ලිමේන්තුවට පත්වෙන්නේ නෑ.

:       313       0

vidya Wednesday, 19 July 2017 02:38 PM

විමල් මහතාට හරි පාස්පෝර්ට් එක අඳුන ගන්න බැරි එකනේ වැඩේ... මේ කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

:       292       0

Rocky Thursday, 20 July 2017 04:52 AM

හොර පාස්පෝර්ට්, හොර උප්පැන්න සහතික පාවිච්චි කරන එමෙන්ම තම තමන්ගේ අයට පිනට ගෙවල් ලබා දෙන දේශප්‍රේමීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවක් නොපෙනෙන මේ වගේ තත්වයක් තව දුරටත් තිබීම මොන තරම් වාසනාවක්ද?

:       109       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 604 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 346 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site